හැමෝම මේ දේවස් වල කතා කරන්නෙ විල්පත්තුව ඇතුලු ලංකාවෙ සිද්ධ වෙන වන විනාශය ගැන.ඊයෙ පෙරේදා බඹර කන්දෙත් ගස් කපලා කවුද මේවා කරන්නෙ ඇයි මේ මිනිස්සුන්ට නීතියෙන් දඩුවම් දෙන්නෙ නැත්තෙ
ඒකට කදිම උදාහරණ අන්තර්ජාලය පුරාම දවස ගාණේ අපිට දකින්න ලැබුණා.
අපිත් උපරිමේට උත්සහ කලා මේ සිස්ටම් එක වෙනස් කරන්න ගස් හිටවන්න මිනිස්සුන්ව උකක්දු කරන්න ඉතිං දැන් ටික ටික ඒකේ හොද ප්රතිපල මතුවෙනවා හරිම සතුටුයි
මේ කියන්න යන්නෙත් රට වෙනුවෙන් අපි වෙනුවෙන් අපූරු වෙනසක් කරපු කතාවක් ගැනයි.
විවාහය.. විවාහය කියන්නේ අද හුගක් අය කෝටි ගණන් සල්ලි වියදම් කරලා රටට ලෝකෙට පේන්න ගන්න උත්සවයක්.
හැබැයි ඒ දේ වෙනස් කරලා මේ වෙද්දි රටේ සිදුවෙමින් පවතින වන සංහාරයට හොද පහරක් එල්ල කරමින් මංගල දිනයේදී දෙන Thank you card අලුත් කරලා පැල තෑගි දුන්නු අපූරු යුවළක් ගැන අපිට අන්තර්ජාලයෙන් දකින්න ලැබුණා.
kasun danuddhara හා kaushalya maduwanthi කියන මේ අපූරු මංගල යුවල තමයි මේ වෙනස්ම වටිනාම කටයුත් තරලා තිබුණේ.









අපි හදවතින්ම සුභ පතමු ඒ මනාල ජෝඩුවට මුළු ජීවිතයම සාර්තක වෙන්න කියලා
මේ අවුරුද්දෙ වැඩ අල්ලන නැකතට අපි හැමෝම පැලයක් හිටවමු විනාඩියක් කිහිපයක් ඇතුලත පැල මිලියන ගානක් හිටවන්න අපිට පුළුවන් අනිත් අයටත් බලන්න මේක share කරන්නත් අමතක කරන්න එපා