දුම්බර වන පෙතේ ශාකගහනය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට අධි සංවේදී පරිසර පද්ධතියක් වන නකල්ස් රක්ෂිතයේ හිස් භූමි ප්රදේශවල පැළ සිටුවීමේ ව්යාපෘතියක් ‘දුම්බර මිතුරෝ’ පරිසර සංවිධානය විසින් ආරම්භ කර ඇත.

මෙම ව්යාපෘතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්රහය මත සිදුකෙරේ.
පාසල්, ස්වෙච්ඡා සංවිධාන, රාජ්ය ආයතනවලට මෙන්ම කණ්ඩායම් වශයෙන් හෝ කේවල වශයෙන් පරිසර හිතැත්තන්ට මෙම කටයුත්තට දායක විය හැකිය.
ඒ සඳහා dumbaralk@yahoo.com ඊමේල් ලිපිනය මගින් තොරතුරු ලබාගත හැකි බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියි.
අනිත් අයටත් කියවන්න SHARE කරන්න