News

ඇමති විල්පත්තුව ගැන කිව්ව කතාව

පුත්තලමේ අරුවක්කාලු කසළ ගැටලුව යටපත් කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

විල්පත්තුව ගැන කථිකාවතක් ඇති කර ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක්-රිෂාඩ්

කොළඹ අල් හික්මා විද්‍යාලයේ ඊයේ(20) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙසද පැවසීය.

“පුත්තලමට කොළඹ කුණු ගෙන එන එකට පුත්තලමේ මිනිස්සු විරුද්ධ වෙන එක සාධාරණයි. අපි කවුරුවත් කැමති නැහැ වෙන කාගෙවත් කුණු ගන්න.

මේ කසල ගැටළුව ගැන පුත්තලමේ ජනතාව කියන්න පුළුවන් හැමෝටම කිවුවා.උත්තරයක් නැතිම තැන තමයි ඔවුන් කොළඹට ඇවිත් උද්ඝෝෂණයක් කළේ.

පසුගිය වසරේ (2018) අවසාන මාස කිහිපයේ රටතුළ පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියේදී අපි ගත්තෙ හරි පැත්ත.ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.

එදා ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටි අප අද පුත්තලමේ අරුවක්කාලු කසල ගැටලුව වෙලාවෙදිත් පුත්තලමේ අහිංසක ජනතාවගේ පැත්ත ගන්නවා.

පුත්තලමේ ජනතාවගේ කසල ගැටලුව ගැන පෙනී ඉන්න නිසා මට විල්පත්තුව කපනවා කියල චෝදනා කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය රැල්ලක් ක්‍රියාත්මක වෙනවා.මේවා හසුරවන යම් යම් අදිසි හස්ත ක්‍රියාත්මක වන බව අපට පේනවා.රජය ඇතුලෙ අමාත්‍යවරයකු ලෙස සිටියත් ජනතාවට අසාධාරණයක් වෙනවානම් අපි එයට දැඩි ලෙස විරුද්ධ වෙනවා.

මේ විදියට සමාජ මාධ්‍ය හරහා වැරදි පූර්වාදර්ශ සපයපු නිසා තමයි පසුගිය කාලයේ නුවර තෙල්දෙනිය , ගිංතොට වගේ ප්‍රදේශවල ගැටුම් ඇතිවුනේ.

මේ විදියට විල්පත්තුව ප්‍රශ්නයක් කරලියට ගෙනවිත් මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව බිදවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලයි අපිට දැනෙන්නේ.

මම ඉතා ඕනෑකමින් මේ ජාතිවාදය අවුලවන්න හදන පිරිසගෙන් ඉල්ලන්නේ දේශපාලනික වශයෙන් තරහක් තියෙනවානම් මගෙන් පලිගන්න,මේ රටේ අතීතයේ ඉදලා සහජීවනයෙන් කටයුතු කරපු සිංහල මුස්ලිම් ජනයාට නිදහසේ ඉන්න ඉඩදෙන්න.“

ඉහතින් සදහන් කලේ අමාත්‍ය වරයා කල ප්‍රකාශයයි මෙය ජාති වාදී වැඩක් නම් විල්පතුව රැකගැනීමට මුස්ලිම් සහෝදරයන් සිංහල අය මෙන්ම පෙරට එන්නේ ඇයි ? රටේ ජනතාව මෝඩයන් නෙවෙයි

එමෙන්ම අද විල්පත්තු රැකගැනීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී බැසිල් මහින්ද මෛත්‍රි රනිල් සියලුම දෙනාගෙන අමාත්‍යවරයා මේ සදහා සහය ලබාගෙන. ඇති බව ප්‍රකාශ වුනා මේ එම මාධ්‍ය හමුවේ වීඩියෝවයි

Posted by Rev Matara Ananda Sagara Thero on Thursday, March 21, 2019

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top