කාර්මික දෝෂයක් හේතුවෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා හදිසි ඇමතුමක් ලබාදීමෙන් පසුව ඔවුන් එළියට පැමිණ ඇත. විනාඩි 15 ක පමණ කාලයක් මන්ත්‍රීවරු 12 දෙනා විදුලි සෝපානය තුළ රැඳී සිට තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ද ඒ අතර සිට ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා වාරය අමතමින් විමල් වීරවංස මහතා මෙසේ ප්‍රකාශ කළේය.
විමල් – අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න
කථානායක – මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්
විමල් – කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා
සෝපානයේ සිර වූ අවස්ථාවේ වීඩියෝව
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ ඊයේ සිදුකළ ප්‍රකාශයට, කථානායක කරූ ජයසූරිය පිළිතුරු ලබාදීමෙන් පසු පාර්ලිමේන්තුවේ අද උණුසුම් තත්ත්වයක් හට ගැනුනා.
ඒ, කථානායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්‍රකාශ කිරීම හේතුවෙන්.
එම අවස්ථාවේදී විනාඩි 10 කට පාර්ලිමේන්තුව කල් තැබූ කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමටයි පියවර ගත්තේ.
කථානායකවරයා සඳහන් කළේ අධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව ජ්‍යෙෂ්ඨත්වය සලකා නොබලන බවට ප්‍රකාශ කිරීම නිවැරදි නොවන බවයි.
සෑම විටම ජ්‍යෙෂ්ඨත්වය එකම මිණුම් දණ්ඩක් වශයෙන් අනුගමනය නොකරන බවද කථානායකවරයා සඳහන් කළා.
එමෙන්ම විනිසුරුවරුන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කළ නම් 12 ක් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළද එහිදී සිදුවූයේ අවශ්‍යතාව පරිදි ඇබෑර්තු සපුරාලීම බවයි කථානායකවරයා සඳහන් කළේ.
එමෙන්ම මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයේද ඇතැම් කරුණු නිවැරදි විය යුතු බවද කථානායකවරයා මෙහිදී කියා සිටියා.
මේ අතර ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ අද උදෑසන පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පමණ එහි සෝපානයක විනාඩි 15 කට ආසන්න කාලයක් සිරවී සිටි බවයි.
පෙරවරු 10.55 ට පමණ කල් තැබූ පාර්ලිමේන්තුවේ කටයුතු මේ වනවිට යළි ආරම්භ වී තිබෙනවා.
අනිත් අයටත් බලන්න SHARE කරන්න
උපුටා ගැනීම Hiru News