දැනුම

Credit / Debit කාඩ් වලින් සල්ලි උස්සන්නේ කොහොමද?

Credit / Debit කාඩ් වලින් සල්ලි උස්සන්නේ කොහොමද?

=======================

Image result for atm

මේක කරන්නෙ ATM යන්ත්‍ර වල කාඩ්පත ඇතුලත් කිරීමට යොදාගන්නා විවරයට Card Skimming සදහා භාවිතා කරන උපකරණයක් සූක්ෂමව සවිකිරීමෙන්. මේ Card Skimming Device එක ATM යන්ත්‍රයට සවි කිරීමෙන් පස්සේ ඒ හරහා Card එකක් ඇතුලු කළොත් කිසිම වෙනසක් නැතුව අපට ATM යන්ත්‍රය හරහා මුදල් ලබාගැනීමට හැකියාව තියනවා..

නමුත්, අපේ credit / debit card එකේ Magnetic Strip එක තුල තැන්පත් කරලා තියන card number එක, expiry date එක, CVV type එක වගේ සංවේදී දත්ත සියල්ලම Skimming Device එක තුල හොරෙන්ම තැන්පත් කරගන්නවා..

නමුත් අපේ ගිණුමකින් මුදල් ලබාගැනීමට නම් මේ විස්තර විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.. ඒ සදහා අපේ බැංකු ගිණුමෙහි රහස්‍ය කේතයත් අවශ්‍ය වෙනවා..එයට විසදුමක් ලෙස මුදල් ලබා ගැනීමේදී අප විසින් ATM යන්ත්‍රයෙහි type කරන රහස්‍ය කේතය ලබා ගැනීම සදහා කුඩා ප්‍රමාණයේ රහස්‍ය කැමරා (Spy Cam) යන්ත්‍ර සොරුන් විසින් භාවිතා කරනවා..

No photo description available.

No photo description available.

Image may contain: one or more people

No photo description available.

මේවා බොහෝ විට ATM යන්ත්‍රය ආශ්‍රිතව හෝ යන්ත්‍රය මතුපිට, සාමාන්‍ය කෙනෙක්ට හදුනාගැනීමට අපහසු වෙන විදියට තමයි සවිකරලා තියෙන්නේ..
ඊටපස්සෙ වෙන දේ ඉතින් කියන්න දෙයක් නෑනේ..

ඒයාලා අපේ කාඩ් එකේ විස්තරවලට සමානවම තවත් කාඩ්පතක් හදාගෙන, අපේ Magnetic Strip එකේ තිබුනු දත්ත ටිකත් ඒ විදියටම එයාලගේ කාඩ්පතේ තැන්පත් කරගෙන, අපේ PIN එක භාවිතා කරලා ATM එකෙන් මුදල් ලබාගන්නවා.. එහෙමත් නැත්නම් Online ගණුදෙනු මගින් මුදල් අයකරගන්නවා..

මේකෙන් බේරෙන්නේ කොහොමද?

=======================

*. පොදු ස්ථානවල ඇති ATM යන්ත්‍ර භාවිතා කරීම හැකි තරම් සීමා කරන්න.. ඒ වෙනුවට බැංකු තුල සවිකර ඇති යන්ත්‍ර භාවිතා කරන්න.. හැකි සෑම අවස්තාවකම ආරක්ශක නිලධාරීන් සිටින ATM යන්ත්‍ර භාවිතා කරන්න..

*. මෙම උපකරණ බොහෝ විට සවි කරන්නේ පාන්දර අවස්ථාවන්වලදී සහ මිනිසුන් අවම රාත්‍රී කාලා වලදී බැවින්, එවන් අවස්ථාවල මුදල් ගැනේමේදී සුපරික්ෂාකාරී වන්න.

*. යන්ත්‍රය ආශ්‍රිතව සවි කර ඇති අසාමන්‍ය දේවල් පිලිබද අවබෝධ කරගන්න. සුපරික්ෂාකාරී වීම සෑම අවස්තාවකම ඔබව ආරක්ශාකාරීව තබයි.

*. PIN අංකය ඇතුලු කිරීමේදී අතින් වසාගෙන අංක ඇතුලු කරන්න..

*. මුදල් ලබාගැනීමේදී ජංගම දුරකතනයට SMS Alert එකක් ලබාගැනීමේ පහසුකම ඔබේ බැංකුව හරහා activate කරගන්න..

*. අසාමන්‍ය දෙයක් හෝ ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇති නම් බැංකු නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් වහාම දැනුවත් කරන්න.

*. ඔබේ හිතවතුන් ඇතුලු සියලුදෙනා මෙම උවදුර පිලිබද දැනුවත් කර තබන්න..

ජය වේවා~! ♥️

මේ තියෙන්නෙ ඒ ගැන කියන වීඩියෝ එකක්

Posted by Rashan Hasaranga on Wednesday, February 6, 2019

අනිත් අයටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීම – රෂාන් හසරංග

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top