gossip

“මත්පැන්, මධ්‍යසාර, තරු හෝටල් නෑ” හිටපු ජනපති පුත් රෝහිතගේ විවාහය අදයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය පැවැත්වෙනවා. ඒ අද දින (ජනවාරි 24) වන දින රාජපක්ෂ පවුලේ ගම්මානය වන වීරකැටියේදීයි.

Image may contain: 2 people, people smiling, people standing

Image may contain: 3 people, people smiling, people standing and outdoor

චිචි යන ආදර නාමයෙන් හදුන්වන රාජපක්ෂ පවුලේ බාලයා අත ගන්නේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය ටටියානා ලී යි.

මේ විවාහය ඉතා සුවිශේෂි විවාහයක්. වෙනත් දේශපාලන පවුල් වල විවාහයන් මෙන් මේ විවාහය පැවැත්වෙන්නේ තරු පන්තියේ හෝටලයක නොවේ.

මේ විවාහය පැවැත්වෙන්නේ වීරකැටිය ගම්මානයේ මැදමුලන නිවසේදීය. මේ විවාහයට සැපයෙන සියලූම ආහාර දේශීය ගැමි ආහාර වනවා. එම ආහාර සකසන්නේ අසල්වාසී පවුල් විසිනුයි. රටට ප්‍රසිද්ධ නොකලද මුලු මැදමුලන ගම්මානයටම මෙම විවාහයට ආරාධනා කර තිබෙනවා.

අමුත්තන්ට පිළිගැන්වෙන පළමු පිළිගැනීමේ බීම වන්නේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල් ය. මැටි හට්ටි වල පිළිගැන්වෙන ආහාර ගමේ ආරයට සැකසුනු දේශීය ආහාර වීමත් විශේෂයකි. එම ආහාර සැකසීම රාජපක්ෂ පවුලේ අසල්වාසී ගම්වාසීන් විසින් භාරගෙන ඇත. තවද මෙම විවාහයට කිසිදු මස් වර්ගයක් භාවිතා නොකිරීමද රාජපක්ෂ පවුලේ තීරණයකි.

විවාහ ඇරයුම්පතේ සිට මගුල් පෝරුවේ සැරසිලි දක්වා සියලූම දේ ඉතාම සරලව චාම්ව පරිසර හිතකාමීව සිදු කිරීමට නියමිතය.

Image may contain: 5 people, people smiling, people standing, wedding and outdoor

රටටම ආදර්ශයක් වෙමින් විවාහ වන රෝහිත, ටටියානා නව යුවළටඅපෙන් උණුසුම් සුභ පැතුම්.

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top