gossip

තිසරගෙන් ලසිත් මාලිංගට හා බිරිදට පිලිතුරු

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳ ටාන්‍යා පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පිළිබද නෙත් ගොසිප් අප ඔබට ඊයේ (03) වාර්තා කළා.

එහිදි ඇය සටහන් කර තිබුනේ “ක්‍රීඩා ඇමති පත්වීම අරගෙන ගෙදරට ගොඩවෙන කොට, චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියල හිතන් ඉන්න ක්‍රීඩකයෙක් තමන්ගේ තැන රැක ගන්න ගෙදරට ඇවිත්” යනුවෙනි.

එම සටහන අඩංගු ඡායාරූපය ටාන්යා විසින් එක් කර තිබුනේ “Poor Pandas” යන උද්දෘතය සමගිනි. පැන්ඩා යන අන්වර්ථ නාමයෙන් කණ්ඩායමේ හඳුන්වන්නේ තිසර පෙරේරා වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් පසුව ටාන්‍යා විසින් ඡායාරූපයේ පූර්වීකාව සංස්කරණය කරමින් “පැන්ඩා” යන කොටස ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබුනි. තිසර පෙරේරා සහ වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දෙදෙනාම කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයන් ය.

කෙසේ වෙතත් ලසිත් මාලිංගගේ බිරිදගේ ෆේස්බුක් සටහනට තිසර පෙරේරාගේ බිරිද වන ශෙරමි දිනුෂිකා පෙරේරා ෆේස්බුක් සටහනක් මගින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒහි දැක්වෙන්නේ “නරියෙක් සිංහ හමක් පොරවගත්තට කවදාවත් සිංහයෙක් වෙන්නේ නැහැ, නරියා කට ඇරියාම නරියම තමයි”, යනුවෙනුයි

කෙසේ වෙතත් මෙවැනි තත්වයක් මත ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කණ්ඩායමේ ස්ථාන ඉල්ලා දේශපාලකයන් පසුපස යාමද, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා එකිනෙකා සමග ප්‍රසිද්ධියේ ඇනකොටා ගැනීමෙන්ද තවදුරටත් විනාශ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවයි.

 

උපුටා ගැනීම neth fm

තිසර පෙරේරා ඒ සදහා පිලිතුර ලබා දී තිබුනේ මෙලෙසයි

ගොසිප් සයිට් , ෆේස් බුක් හරහා මා හට මඩ ප්‍රචාරනය කිරීමට වෙර දරන අඹුසැමි යුවල හට මා සමග පෞද්ගලික අමනාප කම් ඇතිනම් රැකියාවට එය සම්බන්ධද කර නොගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම යනු මම වන බවත් තැත ආරක්ෂා කිරිමට මට කිසිවෙකු පසුපස හබා යාමට අවශ්‍ය නොවන බවත් පහල ඇති මාගෙ 2018 දක්ශතා පුවරුවේ එය මනවින් පිලිබිඹු වන බවත් මෙයින් දන්වා සිටිමි. එමෙන්ම අපහාස කිරිමට එල්ල කරන චෝදනා සාක්ශි සහිත ව ඉදිරිපත් කරන ලෙසටත් අවනතව ඉල්ලා සිටිමි. එසේම බිරින්දාවරුන් තමන්ගේ කාර්ය බාර්ය පමණක් කරගන සිටී නම් එය අපට වඩාත් පහසු වන බවත් කාරුණිකව දන්වා සිටිමි.
🙏 ස්තූතියි ..

 

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top