මුහුදු පත්ලේ සැඟව ඇති අබිරහස් ප්‍රමාණය ගොඩබිම පවතින අබිරහස්වලට වඩා විශාල බව බොහෝ දෙනාගේ මතය වී ඇත. නවීන තාක්ෂණය නිසා මෙසේ සාගරය තුළ වැළලී ඇති බොහෝ අබිරහස් වස්තූන් සොයා ගැනීමට වර්තමානයේ සමත්ව ඇත. මෑතකදී ගූගල් අර්ත් මඟින් පැසිෆික් සාගරයේ මුහුදු පත්ලෙන් අද්භූත වස්තුවක් අනාවරණය කර ගැනීමට හැකිවිය. පිරමීඩයක් බඳු මේ වස්තුව සොයා ගැනුණේ බටහිර මෙක්සිකෝව ආසන්න පැසිෆික් සාගරයේ මුහුදු පත්ලෙනි.

එම ප්‍රදේශය මායා හා ඇස්ටෙක් ශිෂ්ටාචාරය පැවති කලාපය ආසන්නයේ පිහිටා ඇත. මෙම පිරමීඩාකාර වස්තුවේ පාදම වර්ග මීටර් 8000ක් පමණ වන අතර උසින් මීටර් 60ක් පමණ වේ. එය මෙතෙක් හමුවූ විශාලතම පිරමීඩය යැයි පිටසක්වළ ජීවීන් පිළිබඳ න්‍යායවාදියකු වන ස්කොට් සී. වොරින්ග් පවසා ඇත.

වොරින්ට අනුව මෙය සාගරයේ නවතා තැබූ හඳුනා නොගත් පියාසර වස්තුවක් හෝ පිටසක්වළ ජීවීන්ගේ කඳවුරක් හෝ විය හැකිය. ඔහු මේ බව සනාථ කිරීමට පවසා ඇත්තේ මෙවැනි ඉදිකිරීමක් කිසිලෙසකින්වත් මිනිසුන්ට කළ නොහැකි බවයි. මෙවැනි උසස් තාක්ෂණයක් එකල මිනිසුන් සතු නොවූ බව ඔහුගේ අදහසයි. නමුත් තවමත් මෙය හඳුනාගෙන ඇත්තේ ස්මාරකයක් ලෙසින් පමණයි. කෙසේ වුවද බොහෝ විශේෂඥයන්ගේ මතය වොරින්ගේ මතයට පටහැනිය. බොහෝ දෙනාගේ මතය නම් මෙය පෞරාණික නගරයක් වූ ඇට්ලන්ටිස් විය හැකි බවයි.
ඇට්ලන්ටිස් යනු පුරාණ ග්‍රීක රාජ්‍යයකි. මේ පිළිබඳව මුලින්ම අනාවරණය කරන ලද්දේ දාර්ශනිකයකු වූ ප්ලේටෝ විසිනි. ඇට්ලන්ටිස්වරු සතුව ඉතා සුපිරි තාක්ෂණයක් පැවති බව සඳහන් වේ. මේ තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඔවුන් කාලගුණය පවා පාලනය කළ බව සඳහන් වේ. මේ සඳහා ඔවුන් පළිඟු තාක්ෂණය යොදාගෙන ඇත.

ඔවුන් සතුව පැවති එම සුපිරි තාක්ෂණයම ඔවුන්ට විනාශය ගෙන ආ බවට අනුමාන කෙරේ. මෙම සුපිරි තාක්ෂණය හේතුවෙන් යමහල්වල ක්‍රියාකාරිත්වය ඉහළ යෑමෙන් ඇතිවූ භූ කම්පන හා සුනාමි තත්ත්වයකින් ඇට්ලන්ටිස් රාජ්‍ය මුහුදේ ගිලී ගිය බැව් පැවසේ.
මෙම අද්භූත පිරමීඩය හමුවූයේ පැසිෆික් සාගරයේ සාඕ විගුවෙල් හා අසොරෙස්හි පිහිටි ටෙර්සෙයිරා දූපත් ආසන්නයෙනි. එය ඇට්ලන්ටිස් නගරය පිහිටි ස්ථානය පිළිබඳව ප්ලේටෝ ගේ විස්තරයට සමාන වේ. අසොරෙස් යනු පෘතුගාලයේ අගනුවර වන ලිස්බන් සිට කිලෝමීටර් 1000කට පමණ අෑතින් පිහිටි යමහල් සහිත දූපත් නවයකින් යුතු කලාපයකි.
එය උතුරු ඇමරිකා, යුරේෂියා සහ අප්‍රිකානු භූ තැටි අතර පිහිටා තිබේ. ප්ලේටෝ සඳහන් කරන්නේ ඇට්ලන්ටිස් රාජ්‍ය එක් පැයකින් මුහුදු පත්ලේ සැඟව ගිය බවයි. මෙම පිරමීඩයේ ස්වභාවය අනුව එය අවම වශයෙන් වසර 20,000ක් පමණ පැරණි බව ගණන් බලා ඇත. ලෝ ප්‍රකට අනාවැකිකරුවකු වූ එඩ්ගා කේසි ද ඇට්ලන්ටිස් රාජ්‍ය පිළිබඳ අදහස් දක්වා ඇත. කේසි පවසා සිටින්නේ ලොව බිහිවූ සුපිරිම තාක්ෂණය සහිත රාජ්‍ය ඇට්ලන්ටිස් රාජ්‍ය බවය. එහි පැවැති තාක්ෂණය වර්තමාන ලොව පවතින තාක්ෂණයට වඩා බෙහෙවින්ම ඉහළ මට්ටමක පැවති බව ඔහුගේ අදහසයි.
ඔහු තවදුරටත් පවසා සිටින්නේ ඔවුන්ගේ මෙම තාක්ෂණය පළිඟු මත පදනම් වී ඇති බවයි. නිශ්චිත ගණිත මිමි අනුව කපා සකස් කරගත් පළිඟු උපයෝගි කර ගනිමින් ලේසර් තාක්ෂණය නිපදවා ගත් ඔවුහු ඒ මඟින් සතර වන මානයක් සොයා ගැනීමටද සමත් වූහ. කේසි පවසා ඇත්තේ අනාගතයේ දිනක මෙම වැළලී ගිය ඇට්ලන්ටිස් රාජ්‍ය නැවත මතු වන බවයි. මේ පිරමීඩය ඔහුගේ එම අදහස සනාථ කිරීමකැයි බොහෝදෙනා ගේ අදහස වී තිබේ.
සාගර පත්ල යනු ඉමක් කොනක් නොමැති රහස් සඟවාගෙන සිටින ස්ථානයකි. සාගර පතුල මිනිස් ඇසට නොපෙනන ජනාවාස ඇති බවට මතයක් පවතී. සාගර පතුලේ ජීවත් වන දියකිඳුරියන් ගැන විවිධ පුවත් වරින් වර අසන්නට ලැබේ. දිය කිඳුරියන් ජීවමානව දුටු බවට වන සාක්ෂි හමු වී තිබේ.
කෙසේ වුවද වර්තමානයේ සාගර පත්ල පිළිබඳව බොහෝ කතාබහ ගෙතී ඇත්තේ මේ කියන පිරමීඩ පිළිබඳවය. මේ පිරමීඩ කවුරුන් හෝ ඉදිකළාද? එසේ නැතිනම් ස්වාභාවිකව ඉදිවූවාද? ඇත්තෙන්ම මෙම පිරමීඩ වැළලී ගිය අතීත රාජ්‍යයන්ද? මේවාට පිළිතුරු ලැබීම ඉදිරි අනාගතයේ තාක්ෂණයේ දියුණුව සමඟ සිදුවීමට ඉඩ ඇත.
යාළුවන්ටත් බලන්න SHARE කරන්න
එල්. ජයසේකර
උපුටා ගැනීම මව්බිම