උදේ ආහාරය පිළිබඳව ගැයෙන ගුණ ගායනාවන් කොතරම් වුණත් බොහෝ දෙනෙක් උදේ ආහාරය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එහෙත් උදෑසන ආහාරය මඟහැරීම නිසා ඇතිවන සෞඛ්‍ය අවදානම ගැනත් දැන සිටීම ඉතාම වැදගත්. සුළු පමාව දිගුකාලීනව ඇති කරන ගැටලු නිසා උදේ ආහාරය ගැන මීට වඩා වැඩි අවධානයක් දක්වා සිටීම ඉතාම වැදගත්.

හදවතට ගුණ ලැබේ.

ජීවිතය ජීවත් කරවන්නේ හදවතයි. හදවතේ ගැස්ම නැවතීම සමඟ අපේ ජීවිතය ද නැවතීම වළක්වාලිය නොහැකිය. මේ නිසා හදවත ආරක්ෂා කර ගැනීමට නම් උදේ ආහාරය ලබා ගැනීම ඉතාම වැදගත්. ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය “ලිෂ් චර්ච්ල්” ගේ අධ්‍යනයක් මඟින් පෙන්වා දෙන අන්දමට හෘදය වස්තුවේ කිරීටක ධමනීන් ආශ්‍රිත රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලැබීම සඳහා උදේ ආහාරය නිසි පරිදි ලබා ගැනීම ඉතාම වැදගත්.
දියවැඩියා රෝග තත්වයට හේතු වෙනවා
දියවැඩියා රෝග තත්වය අද ඉතාම සුලබ තත්වයක්. මේ රෝග තත්වය නිහඬ මාරයෙක් විදියට හඳුන්වා දෙනවා. එසේ නම් මෙම මාරයාගෙන් ඔබේ ජීවිතය ආරක්ෂා කර ගැනීම එතරම් පහසුතාවක් නොවෙයි. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය අංශය මගින් පවත්වන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ උදේ ආහාර මඟහැරීම දියවැඩියාවට පාර කියන බවයි.
ඔවුන්ගේ මෙම අධ්‍යයනය සඳහා පුද්ගලයන් 48,289 දෙනෙක් තෝරා ගත් අතර එම පිරිස අතරින් දියවැඩියා රෝග තත්වයට පත් පිරිස උදේ ආහාරය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන ලද පිරිසක් වීමත් මේ තත්වයට හේතු විය. ඒ නිසා කිසිදු විටෙක උදේ ආහාරයෙන් වැළකී සිටීම එතරම් සුබදායක නැහැ.

සිරුරේ බර.
මිනිස් ජීවිතයක නිරෝගී පැවැත්ම වෙනුවෙන් ශරීර ස්කන්ධ දර්ශකය යහපත් මට්ටමක පවත්වා ගත යුතුයි. මෙම දේහ පර යහපත් පරිදි පවත්වා ගැනීම නිසා බොරෝ රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා ගත හැකියි. එහෙත් උදේ ආහාරය මඟහැරීම නිසා සිරුරේ බර වැඩිවන ප්‍රවණතාවක් ඇති හෙයින් උදේ ආහාරය ඔබ රජෙක් ලෙස අනුභව කරන්න.

පිළිකාවට මඟ.
පිළිකාව යන වචනය පවා අසන්නට ලැබීම ඉතාම අවාසනාවක් වුණත් මේ තත්වයෙන් ආරක්ෂාව ලැබීමට නම් ඔබේ ජීවන රටාව හසුරුවා ගත යුතු බවට විවිධ උපදෙස් ලැබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය පර්යේෂණායතනයක් මඟින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, උදෑසන ආහාරය මඟහැරීම මගින් ඇති වන ශරීර තරබාරුව පසු කලෙක නොදැනීම පිළිකාව වැනි මාරාන්තික රෝග තත්වයන්ට හේතු විය හැකි බව සොයාගෙන ඇත.
ඒ වගේම උදේ ආහාරයේදී එළවළු වර්ග පරිභෝජනය බොරෝ දුරට අඩු නිසා බීටා කැරොටින් ආහාරයට එක්වීම අඩු වන නිසා එම තත්වය තරබාරුවට හේතුවන බවත් මෙම පර්යේෂණ මගින් හඳුනාගෙන ඇත. එහේ නම් උදේ ආහාරයේ ඇති වැදගත්කම දැන් ඔබට මනා සේ වැටහෙනු ඇත. එසේ නම් දෙවරක් සිතන්නට කාලය අවශ්‍ය නැත. උදේ ආහාරය මඟහැරීමට ඉඩ නොදීම ඔබට භාර වූ කටයුත්තකි.

ලිපිය ඔයාලගෙ යාළුවන්ටත් බලන්න Share කරන්න….