News

මාකඳුරේ මදූෂ්ගේ පියාගේ දේහයට හෙලිකොප්ටරයෙන් මල් ඉසියි

රිය අනතුරකින් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු හෙලිකොප්ටරයකින් මල් ඉස සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචී මාර්ග සඳහන් කරයි.

මාකදුරේ මදුෂ්ගේ පියා වු එස්.ඒ.ලක්ෂ්මන් මහතා කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඉකුත් 29 වැනි දින මරණයට පත්විය.

නාගොඩ රජයේ රෝහලේදී මිය ගිය පියාගේ දේහය රිය පෙරහැරකින් ඔහුගේ සූරියවැව පිහිටි නිවස වෙත රැගෙන ගොස් තිබෙන බව දැනගන්නට ඇත.

ඉකුත් පළමු වැනිදා පියාගේ අවසන් කටයුතු උත්කර්ෂවත්ව සිදු කිරීමට ඩුබායි හී සැඟවී සිටින මාකදුරේ මදුෂ් එම පවුලේ ඥාතීන්ට උපදෙස් ලබාදී තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.

එමෙන්ම පියාගේ දේහය නිවසේ සිට සුසාන භූමිය වෙත රැගෙන ගොස් මිහිදන් කරන තෙක්ම හෙලිකොප්ටරයකින් ගුවනේ සිට මල් ඉස තිබෙන බවද හෙලි වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ පෞද්ගලික ගුවන්යානා සමාගමක නියෝජිතයෙකුගෙන් විමසූ විට කියා සිටියේ කොට්ටාවේ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් නැමැති අයෙකු මුදල් ගෙවා ගුවන් යානය එම කටයුත්ත සඳහා වෙන් කර ගෙන තිබූ බවයි.

එය මදුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවය බව දැනනොසිටි බව ද ඔහු වැඩි දුරටත් කීය.

එම අවමංගල්‍ය උත්සවය ඩුබායි සිට මදුෂ් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව නරඹා තිබෙන බවද දැනගන්නට ඇත.

ඊට අමතරව ඔහු ශෝක පණිවුඩයක් ද එවා තිබූ අතර එය ඩිජිටල් බැනරයක මුද්‍රණය කර ප්‍රදර්ශනයකර තිබුණි. මෙම අවමංගල්‍ය සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර මදුෂ්ට හිතවාදී ප්‍රබල පාතාල සාමාජිකයින් පවා පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබේ.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top