දැනුම

අපට බොන්නට බැරි මුහුදු වතුර මුහුදු ජීවින් බොන්නේ කොහොමද?

ලෝකයේ විවිධ ස්වභාවික සංසිද්ධීන් පිළිබඳ අපට විවිධ ප‍්‍රශ්න මතු වී තිබෙන අතර සමහර අවස්ථාවල එම ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීම පහසු නැත. ”ඒක එහෙම වෙන්නෙ කොහොමද, ඇයි මේක මෙහෙම වුණේ’’ වැනි ප‍්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට නම් පර්යේෂණ කරන්නටම සිදු වේ. නමුත් අපට නැගෙන සමහර ප‍්‍රශ්න ඒ ඒ ක්ෂේත‍්‍රවල නිපුණත්වයක් ඇති අයට නැගුණහොත් ඒ අය ඒ පිළිබඳ පර්යේෂණ කර විසඳුම් සොයා ගනිති.

Image result for Sea fish

ඇමෙරිකාවේ රෝඞ් අයිලන්ඞ් විශ්වවිද්‍යාලයේ සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු මෙවැනි ප‍්‍රශ්නයකට සොයා ගන්නා ලද විසඳුමකි මේ. ඔහු සමුද්‍ර ජීව විද්‍යාඥ රොබර්ට් කෙනීය. ඔහුට නැගුණු ප‍්‍රශ්නය වූයේ අපට කටටවත්් ගන්නට බැරි ලූණු වතුර මුහුදු ජීවීන් මුළු ජීවිත කාලය පුරාම බොන්නෙ කෙසේ ද යන්නයි.

අප ලූණු මිශ‍්‍ර ජලය වැඩිපුර පානය කළහොත් ජල පිපාසය තව තවත් වැඩි වන බව ඔබට අත්දැකීම් ඇතිවාට සැක නැත. එයට ප‍්‍රධාන හේතුව වන්නේ අප පානය කරන ලූණු මිශ‍්‍ර ජලයේ ඇති ලූණුවල සාන්ද්‍රණය අඩු කිරීම සඳහා සිරුරේ ෙසෙල තුළින් පිරිසිදු ජලය වැඩි වැඩියෙන් අවශ්‍ය වීමය. මේ නිසා අපේ සිරුරේ ද්‍රවමය පටක සහ ෙසෙලවල ඇති ජලය වැඩි වැඩියෙන් අවශෝෂණය කරගනිමින් ලූණු සාන්ද්‍රණය අඩු කිරීම පරිවෘත්තීය ක‍්‍රියාවේදී සිදු වේ.

එහිදී සිදු වෙන්නේ පටක සහ ෙසෙල ජලයෙන් විශූණ වීමයි. එනම් ෙසෙලවල ඇති ජලය පිටතට ඇදී යාමයි. ෙසෙල ජලයෙන් විශූණ වීම නිසා අපට පිපාසයක් ඇති වීම සිදු වේ. ඒ අයුරින් සාන්ද්‍රණය අඩු කර ගත් ලූණු අපේ මුත‍්‍රා සමග පිට වී යයි.

නමුත් මුහුදු ජීවීන්ගේ ක‍්‍රියාකාරිත්වය මෙයට වඩා බොහෝ සෙයින් වෙනස් වේ. මුහුදු ජීවීන්ට මුහුදු ආහාර ගන්නා විට ඒ සමග විශාල ධාරිතාවකින් මුහුදු ජලය පෙවේ. මුහුදු ජීවීන් කොපමණ මුහුදු ජලය පානය කළ ද එහි ඇති ලූණු සාන්ද්‍රණය අඩු කරන්නට පිටතින් පිරිසිදු ජලය අවශ්‍ය වෙන්නෙ නැත. ඔවුන් මුත‍්‍රා සමග අධික ලූණු සාන්ද්‍රණයක් පිට කරති. ඔවුන්ගේ මුත‍්‍රා සමග ලූණු පිටවීම හෞමිකව ජීවත්වන සතුන්ට වඩා අට ගුණයකින් පමණ වැඩි වේ.

Related image

එසේම තල්මසුන්, ඩොල්ෆින් වැනි මුහුදු ජීවීන් අධික ලෙස මුහුදු ජලය පානය කරති. ඔවුන්ගේ වකුගඩු ප‍්‍රමාණයෙන් ඉතාම විශාලව හැඩ ගැසී ඇත. මෙම අති දැවැන්ත වකුගඩුවලට පිරිසිදු ජලය පාවිච්චි නොකර ලූණුවල සාන්ද්‍රණය අඩු කිරීමේ විශ්මිත හැකියාවක් තිබේ. ඔවුන්ගේ වකුගඩු ජීව විද්‍යාත්මක වශයෙන් හැඩ ගැසී තිබෙන්නේ ඒ ආකාරයෙනි. ඒ නිසා ඔවුන් කොපමණ ලූණු මිශ‍්‍ර වතුර බිව්ව ද මිනිසාට මෙන් ඔවුන්ට ප‍්‍රශ්නයක් ඇති නොවේ.

මිනිස් සිරුරෙන් ලවණ මිශ‍්‍ර ජලය පිටවන අවස්ථා කීපයක්ම තිබේ. මුත‍්‍රා ලෙස පිටවීම හැරුණු කොට දහදිය ලෙසත් ප‍්‍රාශ්වාස වාතය ලෙසත් ලවණ මිශ‍්‍ර ජලය පිටවේ. ප‍්‍රාශ්වාසයේ දී අප පිටකරන වාතයේ කාබන්ඩයොක්සයිඞ් අණු මෙන්ම ජල අණු ද තිබේ. නමුත් මුහුදු ජීවීන් දහදිය ලෙස හෝ ප‍්‍රාශ්වාසයේදි හෝ ලවණ මිශ‍්‍ර ජලය පිට කරන්නේ නැත. ඔවුන්ගේ සිරුරෙන් ලවණ මිශ‍්‍ර ජලය බැහැර වෙන්නේ මුත‍්‍රා ලෙස පමණි.එසේ බැහැර වෙන මුත‍්‍රා සමග අධික ලූණු සාන්ද්‍රණයක් පිටවීම පුදුමයට කරුණක් නොවේ.

සමහර මුහුදු ජීවීන් මුළු ජීවිත කාලය පුරාම ලූණු වතුර පානය කළ ද සමහර මුහුදු ජීවීන් පිරිසිදු ජලය සොයාගෙන ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට පිහිනා යන අවස්ථාත් තිබේ.ඔවුන් එසේ ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට ගියද ඇත්ත වශයෙන්ම ධ‍්‍රැවීය ප‍්‍රදේශවල පිරිසිදු ජලය ඇත්තේ නැත. නමුත් එම ප‍්‍රදේශවල ඕනෑතරම් හිම මිදී තිබේ. මෙම හිම ආහාරයට ගැනීමෙන් ලූණු රහිත පිරිසිදු ජලය ලබා ගත හැකි වේ.

මේ නිසා සීල් මත්ස්‍යයින් අවුරුද්දේ එක් කාලයකට ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට ගමන් කරති. නමුත් මේ ගමන ඉතාම දුෂ්කර ගමනකි. ඒ නිසා සීල් මසුන් හැරුණු විට බොහොමයක් මුහුදු ජීවීන්ට එය ඒ තරම් පහසු නැත.ගමනේ දුෂ්කර බව නිසාම බොහෝ විට එසේ ගමන් ගන්නා මුහුදු ජීවීන්ට ධ‍්‍රැවීය ප‍්‍රදේශ කරා ළං වන්නට මත්තෙන් ජීවිතයෙන් සමුගන්නට සිදුවීම හෝ ආපසු එන ගමනේ දී ජීවිතයෙන් සමුගන්නට සිදුවීම සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්ව තිබේ.

Image result for Sea fish

 

 

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top