News

යාපන සරසවි සිසුහු කළු කොටි දිනය සමරති

ජුලි 5 වැනි දාට යෙදී ඇතැයි සැළකෙන කළු කොටි දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පෙරේදා (5) රාත්‍රීයේ කළු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබිණි.

යාපනය විශ්ව විද්‍යාලයේ යුද්ධයෙන් මියගිය වැසියන් වෙනුවෙන් ඉදිකර ඇති ස්මාර්කය අසලදී සිසුන් පිරිසක් විසින් රහසිගතව රාත්‍රීයේ සරසවියේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේදී මෙම කළු කොටි දින සැමරුම සමරා ඇති බවට යාපනය පොලීසිය පවසයි.

1987 වසරේ ජුලි 5 වැනි දා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේ දී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මියයාම වෙනුවෙන් එම වසරේ සිට යුද්ධය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.

 

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top