දැනුම

සෝමාලියානු කප්පම්කරුවන්ගෙන් මානුෂික මෙහෙයුම් නිලධාරිනිය ගලවාගත් ‘නේවි සීල්ස්’ මෙහෙයුම

මානුෂික මෙහෙයුම් ක්‍රියාකාරිනියක වශයෙන් මගේ වගකීම වුණේ සෝමාලියාවේ බිම් බෝම්බ ගැන ප්‍රජාව දැනුවත් කිරීමයි. එක දරුවෙක් හරි අනාරක්ෂිත බිම් බෝම්බ අතපත ගා අනතුරට පත්වීම මට වළක්වා ගත හැකි නම් මම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලොකු මෙහෙවරක් ලෙස මම සිතුවා. ඉතින් මම පුහුණුවෙන් පසු ඩෙන්මාර්ක් සරණාගත කවුන්සිලය සමඟ එක් වී ඒ සඳහා යුද ගිනි ඇවිළෙමින් තිබූ සෝමාලියාවට පිටත් වුණා.’

Image result for jessika buchanan nave celse

එහෙත් තිස් දෙහැවිරිදි ඇමෙරිකානු ජාතික ජෙසිකා බියුකානන්ට එම 2011 ඔක්තෝබර් 25 මුහුණ දෙන්නට වූයේ ඇගේ දෛවය වෙනස්ම මාවතකට හැර වූ සංසිද්ධියකටය.

ඇය තම මෙහෙවර නිමවා ආපසු නවාතැනට පැමිණෙද්දී ඔවුන්ගේ රථය වේගයෙන් පැමිණි වෙනත් රථයක් විසින් හරස් කර මාර්ගය අවහිර කරන ලදී. එයින් බැස ගත් ඒ.කේ. 47 ගිනි අවිවලින් සන්නද්ධ සෝමාලි කැරලිකරුවන් පිරිසක් ජෙසිකා සිටි රථය වටකොට කෑකෝ ගසමින් එයට ගසන්නට වූහ. එක්කෙනෙක් පිටුපස ආසනයට පැනගෙන ගිනි අවිය රියැදුරුට එල්ල කොට ගෙන ‘දැන් එළවපියව්’ කියා කෑගසන ලදී.

අනෙක් අය ආයුධ අප වෙත මානාගෙන සිටියෙන් කීකරු වීම හැර විකල්පයක් නොතිබිණි. එතැන ගැහැනු ළමයකුගේ කටහඬක් ඇසී හැරී බැලූ මා දුටුවේ වයස එකොළහක පමණ සෝමාලියානු ජාතික පිරිමි ළමයෙකි. ඔහු ආයුධයද ගෙන මිනිසුන් පැහැර ගැනීමේ මෙහෙයුම්වල පෙර පුහුණුව ලබමින් සිටින බව පෙනිණි.

‘මම ඔහු දෙස බලන විට මට ඇති වුණේ වේදනාවක්. මම උදවු කරන්නට පැමිණියේ මෙවැනි දරුවන්ට. දැන් ඔවුන්ම මා පැහැර ගැනීමකට ලක්කොට තියෙනවා. මොනතරම් ඛේදජනක තත්ත්වයක්ද?’ දේශනයකදී තම අත්දැකීම් විස්තර කළ ජෙසිකා පැවැසීය.
ඔවුන් පැය ගණනක් බොහෝ දුර ගොස් සෝමාලියානු කාන්තාරයට පැමිණියහ. එහිදී ඇය සමඟ සිටි පෝල් හේගන් නිදහස් කරන ලදී.

‘පහර දීම්, බැන වැදීම්, සමච්චලයට ලක් කිරීම් ආදී අඩන්තේට්ටම්වලට ලක්වෙමින් කාන්තාරයේ ස්ථාන පනහකට පමණ මාරු වෙමින්, ගස් යට නිදා ගනිමින්, වැස්සට තෙමෙමින්, පාන් ස්වල්පයක් සහ දුම් ගැසූ මාළු කැබැල්ලකින් යැපෙමින්, ඔවුන් නව දෙනෙක් දින 92ක්ම මා කොටුකරගෙන සිටියා. ශරීර කෘත්‍යයට පවා ඔවුන්ගෙන් අවසර ගෙන ඔවුන්ගේ ඇස් මානයේ එය කළ යුතු වුණා. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ඩොලර් මිලියන 45ක කප්පමක්.

දිනක් පණ නැතිව බිම වැතිරී සිටින මට දැක ගත හැකි වූයේ අෑත අහසේ දිදුල තාරකාවක්. වසරකට පෙර මියගිය මගේ මව මා දෙස බලා සිටින බව මට සිතුණා. ඇගේ ආදරය මා වෙළා ගෙන මට ශක්තිය දී මා ජීවත් කළ බව දැනුණා.’ ඒ ඇගේ හැඟීම් බර වදන්ය.

සියලු දුරකථන මාර්ග විසන්ධි කර තිබුණෙන් ඇමෙරිකාවේ සිටි තම සැමියා සහ මවුපියන් දැනුවත් කළ හැකි මඟක්ද නොවීය. මාසයකට පමණ පසු ප්‍රාණ ඇපකරුවන් ඇය නිරුපද්‍රිතව සිටින බවට සාක්ෂි වශයෙන් වීඩියෝවක් නිර්මාණය කළ අතර එය මාධ්‍ය මඟින් ප්‍රචාරය විය. ඇය බේරා ගැනීමට එවකට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ නියමයෙන් ‘නේවි සීල්ස්’ (ව්චමර ඉඡ්ඒඹ්ඉ) නම් ඇමෙරිකානු නාවික හමුදාවේ අංක 06 ගලවා ගැනීමේ කණ්ඩායම 2012 ජනවාරි 25 රහස් මෙහෙයුමක් දියත් කරන ලදී.

‘එදා හරිම අඳුරු රාත්‍රියක්. හදිසියේම යමක් සූරන වැනි ශබ්දයකින් මම අවදි වුණා. මා වටා නිදාගෙන සිටි කැරලිකරුවන් අවදිව බියපත්ව කෑගසන්නට වුණා. ඒ සමඟම වෙඩි හුවමාරුවක් ආරම්භ වුණා. මා සිතුවා තවත් කැරලිකාර කණ්ඩායමක් ඔවුන් හා සටනට පැමිණ ඇති බව. අධික උණෙන් ගිලන්ව සිටි මට නැඟිට ගැනීමට ශක්තියක් තිබුණේ නැහැ. මෙතෙක් රැකගෙන ආ ශක්තිය අවසන් වුණා වගේ මට දැනුණා.

දැන් මගේ අවසානය බව මම සිතුවා. මම මුහුණ වසා ගෙන තව තවත් එතැනම ගුළි වුණා. ඒ සමඟම වෙඩි හඬ නැවතී කිහිප දෙනෙක් මා අවදි කරන්නට තැත් කරන බව දැනුණා. ඔවුන් ඇමෙරිකන් ඇක්සන්ට් එකකින් මගේ නම කියනු ඇසුණා.

‘අපි ඇමෙරිකන් නේවි එකෙන්, අප ආවේ ඔබ බේරා ගන්න. දැන් ගෙදර යමු.’
‘ඇත්තටම ඔබලා ඇමෙරිකානුවන්ද?’ මම නැවත නැවතත් ඇසුවා.
‘ඔව්, අපිව විශ්වාස කරන්න.’

එවිට මම ඔවුන් දෙස බැලුවත් ගනාන්ධකාරය නිසා කිසිවක් පෙනුණේ නැහැ. ඒ එක්කම එක් භටයෙක් මා ඔහුගේ කරමතට ගෙන දුවන්නට වුණා. ඔවුන් එතැනින් අෑතට ගොස් ආරක්ෂිත ස්ථානයක මා බිම තබා, මා වටා වළල්ලක් මෙන් සෑදුණා. මා මතත් තිදෙනෙක් මා ආවරණය වන ලෙස වැතිරුණා. මිනිස් පවුරකින් ඔවුන් මා ආරක්ෂා කළා.

ඒ කැප වීම හිතා ගන්නත් බැරි තරම්. හෙලිකොප්ටරය පැමිණි පසු එය දුටු මම ඔවුන්ගේ උදවු නැතිවම පතොක් පඳුරු අතරින් දිව ගොස් එයට නැඟ ගත්තා. ඒ මොහොතේ ඇවිද ගන්නටවත් බැරිව සිටි මට කොහෙන් ආ ශක්තියක්ද දන්නේ නෑ. හෙලිකොප්ටරයේදී මා ළඟ දණ ගසා එක් භටයෙක් නැවූ ඇමෙරිකානු කොඩියක් මා අතට දුන්නා. මම මාස තුනක් සිර කරගෙන සිටි කඳුළු නිදහසේ ගලා යන්නට ඉඩ දුන්නා. මා ගලවා ගැනීමට ආ භටයන් වෙනුවෙන් මුළු හදින්ම ගැලූ මාගේ කෘතඥතාවත් ඒ කඳුළුවලට එක් වුණා.’

සෝමාලියාවේ ඒඤධඹ නගරයට සැතපුම් 12ක් උතුරන් පිහිටි කාන්තාර භූමියකදී ඇමෙරිකානු නාවික හමුදාවේ නේවි සීල්ස් නම් කණ්ඩායම තම දිවි පරදුවට තබමින් කොල්ලකරුවන් 9 දෙනකු මරණයට පත්කර, ජෙසිකා ගලවා ගෙන තිබිණි.

ඇගේ සැමියා හා මවුපියන් වෙත නැවත එන්නට වාසනාව ලද ජෙසිකා අද දරුවන් දෙදෙනකුගේ මවකි.

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීම මව්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top