දැනුම

මරණයෙන් පසු ඇත්තටම සිදුවන්නේ කුමක්ද ?

මෙතෙක් විද්‍යාඥයන් , මහාචාර්යවරුන් , වෛද්‍යවරුන් විසින් මිය ගිය පසු නැවත ස්වභාවිකව යළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ . මේවායි ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීම යන්නය .
මිනිසා තම වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවය .

Image result for astral body

නමුත් ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි පුද්ගලයින් පවසා ඇත්තේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි – දසුන් හා අත්දැකීම් හෝ ඔවුන් විසින් අත්දු‍ටු අවස්ථා බොහේ අඩු බවකි .

මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස් (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් රක ඇත .

මෙය එක් කාන්තාවක් විසින් සදහන් කරන ලද්දකි .
මා හිතුවේ මා මැරිලා කියලයි . මා නම් සිටියේ මහා නරකාදියකයි…..” මම ඉන්නෙ අපායක කියලයි ”
(ඇය අසාමාන්‍යය ලෙස බියට පත්ව සිටියැයි යන්න සදහන්)
පසුව ඇය කර ඇති පාපෝච්චාරණයෙන් අනාවරණය වී ඇත්තේ විවාහා ජීවිතෙන් පරිබාහිරව පවත්වා ඇති සබධතා , එමගින් බිහිකල ළමුන් හා දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබුනාය යන්නයි .

මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණ වලදී විද්‍යාඥයන්ට දැනගන්නට ලැබ ඇත්තේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි සදහන් .

Image result for astral body

මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස පෙන්වාදී ඇත .
මෙතෙක් දුරට පදිංචිව සිට තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි . කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි (යලි පදිංචිය අරබයි) .
නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි . මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති .

ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති .
සමාධිය – ධ්‍යානය – අසිහිය – ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත . එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ .

මෙය (හුය ලෙස හදුන්වා දී ඇත ) “හුය” මානව පියවි ඇසට නොපෙනේ .
සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි .

මරණයක් සිදුවූ වහාම මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය (උදා- කෝමා නැමති රෝග තත්වය)

Image result for astral body

මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි . ඒවා මෙසේය
ක්ෂූද්‍ර දේහය – Astral Body
ද්විතීය ශරීරය – Secondly Body
ජීව ප්ලාස්ම සිරුර – Bio – Plasma Body
බලශක්ති සිරුර – Energy Body

අප‍්‍රකට (සියුම්) ශරීරය – Subtle Body
ප‍්‍රතිරූප ශරීරය – Counterpart Body
දිව්‍යමය සිරුර – Ethical Body
ජීවය (ප‍්‍රාණය) – Spirit
ආත්මය -Soul

මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන්ම විද්‍යා-ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිවේ . එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි . එනම් මනෝකායයි .

මෙවා තවම නොවිසදුනු පරීක්‍ෂණ . මා අසා ඇති අන්දමට මෙම පරීක්‍ෂණ සදහා පුද්ගලයින් කැමැත්තෙන් හා නොදැනුවත් කමින්ද සහබාගී වී ඇත . ජීවිත හානි සිදුව ඇතත් ඒවා ලොවට හෙලිනවන රහස් ලෙස පවතී දෙවන ලෝක යුද සමයේද මේ සම්භන්ධව පරීක්‍ෂණ සිදු කර ඇතැයි සදහන් .

මනෝකාය සිරුරෙන් ඉවත් වූ අය අහපු දැකපු දේවල් ගැන කියන කතා

මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය. ජාන්දෝග්‍ය උපනිෂදය ගොඩනැඟූ ජාන්දෝග්‍යය මුනිවරයා මනෝකාය පිළිබඳ දාර්ශනික විග්‍රහයක් ප්‍රථම වරට ලෝකයට හෙළිකළේය.

මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය. ජාන්දෝග්‍ය උපනිෂදය ගොඩනැඟූ ජාන්දෝග්‍යය මුනිවරයා මනෝකාය පිළිබඳ දාර්ශනික විග්‍රහයක් ප්‍රථම වරට ලෝකයට හෙළිකළේය.

Image result for astral body

නූතන බටහිර විද්‍යාඥයන් ‘බයෝ ප්ලාස්මා බොඩි’, ‘ඇස්ට්‍රල් බොඩි’, ‘ඊතයිල් බොඩි’, ‘සෙකන්ඩරි බොඩි’ ආදී විවිධ නම්වලින් හඳුන්වන මනෝකාය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ‘පොට්ඨපාද’ සූත්‍රයෙන් කියා පෑ සේක. මිනිසාට ආත්ම භාෂා තිහක් තිබෙන බවත්, එයින් ප්‍රථමය කෑම බීමෙන් පෝෂණය කරනු ලබන මෙම භෞතික සිරුර බවත්, දෙවැන්න එම භෞතික සිරුර තුළ පිහිටි මනෝමය කය හෙවත් මනෝකාය බවත්, තුන්වැන්න අරූප ලෝකවල පවත්නා මීටත් වඩා සියුම් වූ සංඥාමය ආත්මභාවය බවත් උන්වහන්සේ වදාළ සේක.

සාමඤ්ඤ ඵල සූත්‍රයෙන් උන්වහන්සේ සිත දියුණු කළ ධ්‍යානලාභී යෝගවචරයා, පුරුෂයකු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද; යුද භටයකු කොපුවකින් කඩුවක් ඇද මෑත් කරන්නා සේද, නයි නටවන්නකු පෙට්ටියක් තුළින් නයෙක් එළියට ගන්නා සේද, තම භෞතික කය තුළින් මනෝකාය එළියට ගන්නා බව වදාළ සේක. සිත දියුණු කළ කෙනකුට තම භෞතික සිරුර තුළින් මනෝකාය ඉවත් කළ හැකිය.

පුරාණ භාරතීය ඍෂිවරයන් තම මනෝකාය ගවු දහස් ගණන් අෑත පෙදෙස්වලට ගමන්කරවා නැවත තම සිරුරට ගත් විස්මයජනක කතා පැරැණි භාරතීය සාහිත්‍යයෙහි ඇත. මනෝකාය පිළිබඳ බුදුන්වහන්සේගේ චින්තනය බ්‍රහ්මනිමන්ත සූත්‍රයේද, ඉන්ධිපාද සූත්‍රයේද සදහන් වෙයි.

මරණය ආසන්නයටම ගොස් සායනික මරණයට පත්වීම නිසා තම භෞතික සිරුරෙන් ඉවත් වී මනෝකාය තමන් හා සබැඳි අවට පරිසරය නිරීක්ෂණය කර නැවතත් තම මනෝකාය සිය භෞතික සිරුරට ප්‍රවිෂ්ට කළ පුද්ගලයන් පිළිබඳ ප්‍රථම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඇමෙරිකානු මනෝවිද්‍යාඥවරියක වූ ‍ෙදාස්තර එලිසෙබත් කුබ්ලර් රෝස්ටය.

Image result for astral body

මනෝ වෛද්‍යවරියක වූ ‍ෙදාස්තර එලිසබෙත් කුබ්ලර් විසින් රචිත “මරණය සහ මියයෑම” (ර්ණීද ච්ඥචබඩ චදඤ ච්රඪදඨ) ග්‍රන්ථයෙන් රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් අවට සැරිසරා නැවත රූපකායට පිවිසුණු පුද්ගලයන් රාශියකගේ අත්දැකීම් ලොවට හෙළි කළාය.

‍ෙදාස්තර රේමන්ඩ් ජී. මූඩ් නමැති ඇමෙරිකානු වෛද්‍යවරයා මරණින් පසු ජීවිතය (ඹ්ඪටඥ ඒටබඥප ච්ඥචබඩ) යන ග්‍රන්ථයෙන් මරණයේ කෙළවර තෙක් ගොස් ආපසු පැමිණි පුද්ගලයන් තම රූපකායෙන් මනෝකාය ඉවත් වූ පසු ලැබූ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඇතුළු කළේය.

1965 වර්ජිනියා විශ්වවිද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ උපාධි අපේක්ෂකයකු වූ රේමන් මූඩ්ට මරණාසන්න අනුභූතීන් පිළිබඳව උනන්දුවක් ඇතිවූයේ එම විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා පැවැසූ සිද්ධියක් නිසාය. එහිදී ඔහු පැවැසුවේ තමන් මරණයට පත්වූ පුද්ගලයකු බවය. එක් වතාවක් නොව විනාඩි දහයක පරතරයකදී දෙවතාවක්ම මරණයට පත්වූ බවය.

රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් ගතකළ එම මොහොත තමන් ලැබූ සුන්දර අත්දැකීමක් ඔහු චිත්තාකර්ෂණීය ලෙස විස්තර කළේය.

පසුව දර්ශන උපාධිය ලද රේමන් මූඩ් ඇමෙරිකාවේ නැඟෙනහිර පළාතේ පිහිටා ඇති නෝත් කැරලිනා විශ්වවිද්‍යාලයේදී වරක් ප්ලේටෝගේ “පීඩෝ” නම් ග්‍රන්ථයෙහි මරණයෙන් පසු ජීවිතය ගැන උගන්වමින් සිටියදී එක් ශිෂ්‍යයකු තමාගේ ලොකු අම්මා ශල්‍යකර්මයක් කරමින් සිටියදී මොහොතක් මියගොස් ලැබූ විස්මයජනක අත්දැකීම තමන්ට පැවැසූ බව කීය.

මෙයින් පසුව රේමන් මූඩ් චිකිත්සිකව මියගොස් මනෝකායෙන් අවට ලෝකයෙහි සැරිසරා නැවත රූපකායට ඇතුළු වූ පුද්ගලයන්ගේ අත්දැකීම් එකතු කරන්නට විය.
හෘදයාබාධයක් නිසා රෝහල් ගත වූ ස්ත්‍රියක් තම භෞතික ශරීරයෙන් මනෝකාය ඉවත්ව බාහිර පරිසරයේ ගතකළ අත්දැකීම් විස්තර කළේ මෙලෙසය.

“මා රෝහලේ සයනය මත වැතිර සිටියදී මගේ හෘදයේ දැඩි වේදනාවක් ඇතිවිය. එයින් ම¼ද සහනයක් ලැබීමට මම අනෙක් අතට හැරුණෙමි. මගේ ආශ්වාස ප්‍රශ්වාසය නතර විය. හෘද ස්පන්දනය නතර විය. හෙදියක තැති ගැන්මෙන් කෑගසනවා මට ඇසිණි. එවිට මා මාගේ සිරුරෙන් ලිස්සා සිවිලිම අතරේ පාවෙමින් පහත දෙස බලන්නට වීමි.

එයා මියගියා හෙදිය පැවසූ අතර යැයි සියල්ලෝම මගෙ සිරුර වටා රොක්වන්නට වූහ.

එක් හෙදියක් මගේ මුවට මුව තබා කෘත්‍රිම ශ්වසනයෙන් මගේ හදවත ප්‍රාණවත් කරන්නට උත්සාහ කරන්නට විය. එවිටම කෘත්‍රිම ආශ්වාස ප්‍රශ්වාස යන්ත්‍රය මාගේ සිරුර වැතිර තිබූ සයනය අසලට ගෙනැවිත් මගේ සිරුරට සම්බන්ධ කරනු ලැබිණ. ඒ සමඟම මාගේ සිරුර ඇඳෙන් ඉහළට විසිවෙනවා සිවිලිම අසල පාවෙමින් සිටි මට දක්නට ලැබිණ. ඒ සමඟම මාගේ සිරුරේ ඇටකටු සියල්ලම කැඩී යනවාක් මෙන් ශබ්දයක් ඇසුණි.”

Image result for astral

හදිසි රිය අනතුරක් නිසා තමාගේ භෞතික සිරුරෙන් මනෝකාය බාහිර ලෝකයට පැමිණි දහනව හැවිරිදි අයකුගේ අත්දැකීම්, ආචාර්ය රේමන් මූඩ් තම ග්‍රන්ථයෙන් මෙසේ විස්තර කර ඇත.

“එදා මම නිසසල රාත්‍රියේ මගේ මිතුරකුත් සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියෙමි. රිය පදවනු ලැබුවේ මා විසිනි. ඉතාමත් වේගයෙන් අප දෙසට එන රථයක ඉදිරිපස එළියක් දක්නට ලැබිණි. ඒ සමඟම මාගේ මිතුරා යටිගිරියෙන් මොරදෙන ශබ්දය මට ඇසිණි.

එම මොරගෑමත් සමඟ භයානක ශබ්දයක් ඇසිණි. අපගේ රථය අනෙක් රථයේ ගැටෙනවාත් සමඟම මා කිසියම් බන්ධනයකින් ඉවත් වී යනවාක් මෙන් මට දැනුණි. රථයට යාර හතරක් පමණ අෑතින් රථයට අඩි පහක් පමණ ඉහළ සිට සිදු වූ දෙය මම බලා සිටියෙමි. රථය ඝට්ටනය වූ බියකරු හඬ මට ඇසුණ අතර රථය වටා මිනිසුන් රොක්වනු මම බලා සිටියෙමි. මිනිස්සු රථයේ ‍ෙදාර ගලවා මගේ මිතුරා එළියට ගත්හ. ඊළඟට ඔවුන් රුධිරයෙන් නැහැවෙන මාගේ සිරුරද එළියට ගත්හ.”

මෙවැනිම අත්දැකීම් ලැබූ පුද්ගලයකු පැවැසුවේ තමන් මියගිය බව වෛද්‍යවරයා පවසනු තමන්ට ඇසුණු බවය. ඒ සමඟම ඔහුට දැඩි ශරීර අපහසුතාවක් සහ දැඩි සීනු නාදයක් ඇසෙන්නට විය. ඒ සමඟම ඔහු අඳුරු ගුහාවකට වේගයෙන් ඇදී යන්නට විය. එවිටම ඔහුගේ රූපකායෙන් ඉවත් වූ මනෝකාය රූපකාය දෙස බලා සිටින්නට විය.

ටික වේලාවකට පසු ඔහුගේ මියගිය ඥාති මිත්‍රාදීන් හමුවන්නට විය. එක් දයාන්විත පුද්ගලයකු පැමිණ ඔහුගේ ජීවිතයේ වටිනාකම් පිළිබඳව විනිශ්චය කරන්නට විය. ඒ සමඟම මරණයට තවත් කල් එළැඹ නොමැති බව ඔහුට වැටහෙන්නට විය. තමන්ගේ මනෝකාය භෞතික සිරුරට එකතුකරන්නට ඔහු අකැමැතිවිය. නමුත් ඔහුගේ මනෝකාය රූපකායට එකතු විය.

ශල්‍යකර්මයකදී සායනික මරණයට පත්ව නැවත ජීවිතය ලද පුද්ගලයකු තම අත්දැකීම් විස්තර කර තිබුණේ මෙසේය.
“දීර්ඝ කාලයක් මා උදරාබාධයකින් පෙළුණා. එය සුවකිරීමට නම් මගේ ආමාශයෙන් කොටසක් ඉවත්කළ යුතු බව වෛද්‍යවරුන් පැවසුවා.

එම නිසා එම ශල්‍යකර්මය සිදුකරනු ලැබුවා. ශල්‍යකර්මය සිදුකළාට දින හතරකට පසු මම හිටියෙ මගේ ලෙඩ ඇඳට ඉහළින් සිවිලිම අසල. වෛද්‍යවරුන් සහ හෙදියන් මගේ සිරුර අවට රැස්වී මට විවිධ ප්‍රතිකාර කරනු සිවිලිම අසල පාවෙමින් සිටින මට දක්නට ලැබුණා. හරිම නිදහස් සාමකාමී හැඟීමක් මට තිබුණෙ. මගේ භෞතික සිරුරට නැවතත් මා කැදවනු ලැබුවා. වේදනාව දුක රෝගී තත්ත්වය මට නැවතත් හිමිවුණා.”

සායනික මරණයට පත්වූ අයකුගේ මනෝකාය නැවතත් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් එම තැනැත්තාට ජීවය ලැබෙන බව පැහැදිලිය. යම් ලෙසකින් එවැනි අවස්ථාවක වෙනත් අයකුගේ මනෝකායක් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් කුමක් සිදුවේද?

Image result for astral

කන්නිමහර සුමංගල ගරු හිමියන් විසින් ලියන ලද “බ්‍රයිඩේ මර්පි සහ අන්තරාභවය” නමැති කෘතියෙහි එවැනි විස්තරයක් ඇත.

“අයිරිෂ් පර්ෂේඩ් නමැති හංගේරියානු කාන්තාවක් හදිසියේ මියගියාය. ඇගේ ඥාතීහු ඇඳ වටා හඬමින් සිටියහ. හදිසියේම නින්දෙන් නැඟිට්ටාක් මෙන් ඇය නැඟී සිටියාය. එහෙත් ඇයගේ හැසිරීම් අමුතු විය. ඇය කතා කළේ ස්පාඤ්ඤ භාෂාවෙනි. හංගේරියානු භාෂාව ඇයට නොතේරිණි. ඇය ඇයගේ නම ලුසියා බව පැවැසුවාය. ඇයට දරුවන් හතරදෙනකු සිටින බවත් ඔවුන් මැඩ්රීඩ් නුවර වසන බවත් කීවාය. මැඩ්රීඩ් නුවරින් දැනගන්නට ලැබුණේ ලුසියා නම් වැන්දඹුවක ටික දිනකට පෙර මියගිය බවය. මෙයින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? අයිරිෂ් මියගිය විට ඇගේ ශරීරයට ලුසියාගේ මනෝකාය ඇතුළු වූ බවය.

සායනික මරණය නිසා භෞතික සිරුරෙන් මනෝකාය බැහැර වූ කල බොහෝ දෙනා පවසන්නේ එම අවස්ථාවේ තමන්ට ඉතාමත් සාමකාමී සුවදායී ප්‍රසන්න හැඟීමක් ඇතිකළ බවය. අඳුරු බිංගෙයකට තමන් ඇතුළු වූ බවත් පසුව දීප්තිමත් ආලෝකයක් දැක එම ආලෝකය ඇතුළු වූ බවක් ඔවුහු දක්වති. මනෝකාය තුළ රැඳුණු අවස්ථාවේ ඉතාමත් සුවදායී සාමකාමී තත්ත්වයක් අත්විඳින නිසා එවැනි අවස්ථාවකට පත්වූ අය තම මනෝකාය භෞතික සිරුරට නැවතත් ඇතුළු කරන්නේ ඉතාමත් අකැමැත්තෙනි.

ඇට්ලන්ඩා එමරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් සෝබම් පවසන ලෙස සායනික මරණයට ගොදුරු වී නැවතත් ජීවය ලද බොහෝ දෙනකුට තම මනෝකායෙන් අවට පරිසරය හා ඔවුන් මෙන් ලද අත්දැකීම් ඇත. තමන් අන් අයගේ හාස්‍යයට ලක්වේය කියා ඔවුන් තමන් ලද අත්දැකීම් අන් අයට පැවැසීමට පැකිළෙන බවය.

යාළුවන්ටත් බලන්න share කරන්න

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top