පසුගිය මැතිවරණය සමයේ අර්ජුන් ඇලෝෂියස් තමාටද රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

කෙසේවෙතත් අදාළ මුදල තමා මැතිවරණ කටයුතු සඳහා යොදා නොගත් බවත් එය වෙනත් පක්ෂයේ අධාරකරුවන්ට ලබා දුන් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මහනුවර ප්‍රදේශයේදී මල්වතු අස්ගිරි මහ නාහිමිවරු බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කෙසේ වෙතත් තමාගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කිරීමට මුදල් හිඟකමක් ඇති බවට පළ වන පුවත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද අමාත්‍යාංශයට මුදලක් හිමි ව ඇති බවත් මුදල් හිඟකමක් නොමැති වුවත් පිරිස් බලයේ යම් හිඟතාවයක් ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
උපුටා ගැනීම – අද දෙරණ