News

සිදුවීමට ගිය විශාල අනතුරකින් ජීවිත 240 ක් බේරාගත් ලාංකීය තරුණයා

Related image

අධික වැසි සහ දැඩි සුළං මධ්‍යයේ ඉන්දියාවේ කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොඩබාමින් තිබූ ගුවන් යානයක්‌ සිදුවීමට ගිය මහා අනතුරක්‌ වළක්‌වා ගනිමින් සාර්ථකව ගොඩ බෑමට එහි නියමුවා  (27 වැනිදා) සමත් වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්. 167 දරන ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් පස්‌වරු 3.30 ට කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොඩ බෑමට සූදානම් වෙද්දී එම ගුවන්තොටුපළ අවට දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක්‌ පැවතී ඇත.

එවිට මෙම යානය තුළ මගීන් 228 ක්‌ සහ කාර්ය මණ්‌ඩලය 12 ක්‌ සේවය කරමින් සිට තිබේ. මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A-330 වර්ගයේ යානයකි.

මෙවැනි අයහපත් කාලගුණික තත්ත්වයක්‌ යටතේ කොචින් ගුවන්තොටුපළ වෙත ගොඩ බාමින් තිබූ මෙම ගුවන් යානය එකවරම එක පසෙකට ඇළවෙමින් ලිස්‌සා ගොස්‌ එම ධාවන පථය තුළ සවිකර තිබූ විදුලි පහන් කිහිපයකට හානි සිදු වී තිබේ.

එහෙත් පසුව මෙම යානයේ නියමුවා මෙම දුෂ්කර තත්ත්වයේ වුව ද යානය පාලනය කරගනිමින් එහි වූ මගීන්ට කිසිදු කරදරයක්‌ නොවන පරිදි සාර්ථකව කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොඩබෑමට සමත් වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් පිරිසක්‌ කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොස්‌ මෙම යානයට යම් ආපදාවක්‌ සිදු වී ඇත් ද යන්න පිළිබඳව පරීක්‍ෂා කරමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

Image result for plane lanka

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top