දැනුම

කෑමෙන් පසු ඔබ කරන , නමුත් නොකල යුතු භයානක පුරුදු 07 ක්

Image result for doctor

ලෝකයේ බොහෝ දෙනෙක් ආහාර ගත් විගසම කරන්නට පුරුදු වී ඇති ඉතා නරක පුරුදු කීපයක් වෛද්‍යවරුන් පෙන්වාදී තිබෙනවා. මින් පුරුදු කීපයක්, සෞඛයට හිතකර යැයි මිත්‍යා විශ්වාසවලට පැමිණීම නිසා සිදුකරනවා. අහාරගත් විගසම ඇවිදීම, පළතුරු අහාරයට ගැනීම වැනි දේවල් අහාර දිරවීමට පහසුවක් යැයි සිතා බොහෝ දෙනෙක් තවමත් අනුගමනය කරනවා.

ඒවගේම තවත් සමහරෙක් ආහාර ගත් විගස සිදුකරන සමහර නරක පුරුදු සෞඛ්‍යට එතරම් හානි නොවන ඒවා යැයි සුළුකොට තකනවා. එහෙත් සඳහන් කල යුතු කාරණය වන්න්නේ, අප එතරම් තැකීමක් නොකර හෝ මිත්‍යා විශ්වාස මත සිදුකරන මෙම නරක පුරුදුවල අයහපත් ප්‍රතිඵල අත්වෙන්නේ ඉතා සෙමින් වීමයි.

අහාරයෙන් ලැබෙන නිසි පෝෂණ ලබා ගැනීමටත්,සෞඛ්‍ය මට්ටම ඉහළ තත්වයක පවත්වා ගැනීමටත්, ඔබට අවශ්‍ය නම් අහාර ගැනීමෙන් පසු පැය භාගයත් පැයත් අතර කාලයක් පහත සඳහන් කරන පුරුදුවලින් වැළකී සිටින්න උත්සහ කරන්න

දුම්පානය කිරීම

Image result for cigarette

දුම්පානය කරන්නන් බෙහෝ දෙනෙක් අහාර ගත් විගසම දුම්වැටියක් පානය කරන්නට පුරුදු වී තිබෙනවා. ඇත්තෙන්ම දුම්පානය කිරීම කොහෙත්ම හොඳ සෞඛ්‍ය පුරද්දක් නොවන බව අමුතුවෙන්ම කිව යුතු නැහැ. එහෙත් අහාර ගැනීමෙන් පසු දුම්පානය කිරීම වඩාත් භයානක බව කරන ලද පරියේෂණයකට හෙළිවී තිබෙනවා. ඔබ අහාර ගත් විගස දුම්පානය කරන්නේ නම් ඔබ බොන දුම්වැටියේ බලපෑම එවැනි දුම්වැටි10ක බලපෑමකට සමානවන බව තහවුරු වී තිබෙනවා.

පළතුරු අහාරයට ගැනීම

Image result for eat fruit

බොහෝ නිවෙස් වල ආහාර ගැනීමෙන් අනතුරුව පළතුරු අතුරුපසක් ලෙස අහාරයට ගැනීම සාමාන්‍ය පුරුද්දක් වී තිබෙනවා. එහෙත් එය එතරම් හොඳ පුරුද්දක් නම් නොවේ. එයට හේතුව වන්නේ පළතුරු වඩා ඉක්මනින් ජීර්ණය වීම සිදුවන නිසයි.

දිරවීමට කල්ගතවන ප්‍රධාන අහාරයකින් පසු පළතුරු ආහාරයට ගත් විට ඒවා වැඩි වේලාවක් ආමාශයේ සිරවී තබීම සිදුවනවා . එමනිසා පළතුරුවල නිසි පෝෂණය නොලැබී යනවා මෙන්ම යම් යම් අමාශගත ආසාදනයන්ට ලක්වීමේ අවදානමක් ද පවතිනවා
එමනිසා හැකිතාක් ආමාශය හිස්ව තිබෙනවිට පලතුරු ආහාරට ගන්න. උදෑසන අහාරයට පෙර පළතුරු ගැනීම වඩාත් යෝග්‍ය බව සඳහන්වනවා.

තේ පානය කිරීම

Image result for tea drinks

ආහාර ගැනීමෙන් පසු තේ පානය කිරීමට සමහර පුද්ගලයන් ඇබ්බැහි වී සිටිනවා. ඔවුන් සිතන්නේ තේ පානය කිරීම ආහාර දිරවිමට පහසුවක් කියායි. එහෙත් ඉන් සිදුවන්නේ අහාර දිරවීමට බාධා ඇති කිරීමයි. තේවල අම්ලගතිය වැඩි නිසා ආහාර වල ඇති ප්‍රෝටීන කොටස් දිරවීම පමා කරනවා සේම තේවල ඇති තවත් රසායනික සංයෝග මඟින් ආහාර වල ඇති යකඩ වැනි පෝෂ්‍ය කොටස් උරා ගනු ලබනවා. ඔබට අහාර ගැනීමෙන් පසු තේ බීමට දැඩි අවශ්‍යතාවක් තිබෙනවා නම් ආහාර ගැනීමෙන් පැයකට පසු තේ බීම වඩා යෝග්‍යවනවා.

ඇවිදීම

Image result for ඇවිදිනවා

ආහාරගත් විගසම ඇවිදීම නිසා අජීර්ණ තත්වයන් මෙන්ම ආමාශයේ අම්ල ගතිය වැඩිවී කෑම උගුරට ඒමක් සිදුවන්නට පුළුවන්.
ආහාර ගැනීමෙන් අනතුරුව ඔබ ඇවිදින්න යන්නේ නම්, විනාඩි 30-45කට පසුව ඇවිදීමට යෑම වඩාත් සුදුසු වේ.

නිදාගැනීම

Image result for sleep

ආහාර ගත් විගස නින්දට යෑම සෞඛ්‍ය ගැටළු රැසකට හේතු වෙනවා. ආහාර ආමාශයේ පවතින විට ඔබ නින්දට යෑම නිසා නින්දේ දී ගෙරවීම මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම නිදා ගන්නා ඉරියව්ව ආහාර දිරවීමට අවශ්‍ය අම්ල නිසි ලෙස ස්‍රාවය නොවීම නිසා ආහාර ජීර්ණයට බලපෑමක් ඇති කරනවා සේම තරබාරු බව ඇතිවීමට හේතුවනවා. එමෙන්ම ආමාශයේ හා බඩවැල් ආශ්‍රතව ගැටළුකාරී ආසාදන තත්වයන් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.
මේ නිසා ආහාර ගැනීමෙන් පැය දෙකකට පසුව නින්දට යෑමට පුරුදු වීම වඩාත් යෝග්‍යයි.

නෑම

Image result for wash

ආහාර දිරවීම සඳහා අමාශය වෙත වඩා හොඳින් රුධිරය සංසරණය වීම සිදුවිය යුතුය. එහෙත් නෑමෙන් පසු සිරුරේ උෂ්ණත්වය පාලයන කිරීම සඳහා ශරීරයේ ඉහළ කොටසේ රුධිර සංසරණය වේගවත් වීම සිදුවේ. එම නිසා ආමාශ ප්‍රෙද්ශයේ රුධිර සංසරණය අඩුවීමෙන් ආහාර දිරිවීමේ ක්‍රියාවලියට බාධා ඇති වෙන්න පුළුවන්. අහාර ගැනීමෙන් විනාඩි 30වත් පසු නෑම සිදු කරනවා නම් එය වඩාත් යෝග්‍යයි.

ශීත ජලය පානය කිරීම

Image result for cool water drinks

මෙයත් බොහෝ දෙනෙක් සිදුකරන තවත් එක් නරක පුරුද්දක්. අහාර ගැනීමෙන් පසු සිසිල් ජලය පානය කිරීම ආහාර ජීර්ණයට බධා ඇති කරනවා. ශීත ජලය වෙනුවට ආහාර ගැනීමෙන් පසු උණුසුම් ජලය පානය කිරීම වඩාත් යෝග්‍යයි. එමඟින් ආහාර වල පෝෂ්‍ය කොටස් නිසි පරිදි ශරීරයට උරාගැනීමට උපකාරීවනවා.

යාළුවන්ටත් කියවන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top