News

මහසෝන් බළකායේ ලොක්කා පහර කා රෝහලේ

මහනුවර සිදුවු ජාතිවාදි කලබල සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින මහසොහොන් බළකායේ නිර්මාතෘ සහ නායක අමිත් වීරසිංහ නමැති අයට බන්ධනාගාර රෝහලේදී පසුගිය 24 වැනි දා ඖෂධවේදියකු විසින් සිදු කළ පහර දීමකින් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය කියයි.

මහසොහොන් බළකායේ නායක අමිත් විරසිංහ යන අයගේ බිරිඳ වන ඩබ්.ජි.සිතුම් කුමාරි (25) පසුගිය දින මහනුවර සිට සිය සැමියා බැලිමට අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදි අනාවරණය වී ඇත්තේ සිය සැමියා කිසියම් අයකුගේ පහරදිමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවකි.

ඒ අනුව සිය සැමියා බැලීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය ඇය පසුගිය 24 වැනි දා උණ රෝගයෙන් පෙළිම නිසා ප්‍රතිකාර ගැනීමට බන්ධනාගාර රෝහලට ගිය අවස්ථාවේදී සිදුවු බහින් බස් විමක් දුරදිග යාමෙන් එහි සේවයේ නියුතු ඖෂධ සංයෝජක නිලධාරියා විසින් තම සැමියාට පහරදි ඇතැයි අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබිණි.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top