දැනුම

ජංගම දුරකතන භාවිතයේදී අකුණු වැදිය හැකිද ?

මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු භීතිකාවක් නම් ජංගම දුරකතන භාවිතය නිසා අකුණු අනතුරු සිදුවිය හැකි ද යන්නය.

Image result for SMART PHONE RAIN

මෙම ‍සැකය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුවක් තිබේ. එනම් ජංගම දුරකතන භාවිතා කරමින් සිටි පුද්ගලයන් අකුණු සැර වැදීමෙන් මිය යන අවස්ථා වරින්වර වාර්තා වීමය. එහෙත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක නිරීක්ෂණ මඟින් අනාවරණය වී ඇති අන්දමට ජංගම දුරකතන සඳහා භාවිතා වන සංඛ්‍යාතය (Frequency) මාධ්‍ය කරගනිමින් අකුණුසැර ඇදී ඒම කිසිවිටකත් සිදුවිය නොහැක.

Image result for SMART PHONE RAIN

 

නමුත් ඉහත සඳහන් පරිදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටියදී අකුණුසැර වැදී මියගියවුන් පිළිබඳ පුවත් පැතිරයාමත් සමඟ ජංගම දුරකතන ක්‍රියාත්මක වනවිට ඒ ඔස්සේ අකුණුසැර ඇදී එන බව අදටත් අප රටේ වැඩිපිරිසක් විශ්වාස කරති.

දැන් අපි මෙම ප්‍රශ්නය පිළිබඳව විද්‍යාත්මකව විමසා බලමු,

Image result for අකුණු

ලෝහමය වස්තූන් වෙතට අකුණුසැරවැ ඇදී‍එමේ යම් සම්භාවිතාවක් තිබේ. ඒ අනුව බලන විට මුලුමනින්ම ලෝහමය නොවූවත් ජංගම දුරකතන වලද ලෝහමය කොටස් තිබේ. ඒ අනුව බලන විට එසේ ලෝහමය කොටස් ඇත්තේ ජංගම දුරකතන වල පමණක් නොවේ.

කාන්තාවන් පාවිච්චි කරන කොණ්ඩා කටුවල සිට ස්වර්ණාභරණ ,ආයාකටු, වල සිට ස්ත්‍රීපුරෂ භේදයකින් තොරව භාවිතා කරනඅත්‍ ඔරලෝසු, බද පටි, පාවහන් ආදියේ සේම මුදල් පසුම්බි, සහ ඒවා තුළ බහාලන කාසි වල පවා ලෝහමය පදාර්ත තිබේ. විශේෂයෙන් වැස්සේ දී ඉහළාගෙන යනු ලබන කුඩ වල රෙද්ද හැරුණු කොට සෙසු කොටස් සෑදී ඇත්තේ ලෝහ වර්ග වලිනි. ඒ අනුව බලන විට ලෝහමය වස්තුවක් ලෙස ජංගම දුරකතනය එක් කළ යුත්තේ එම ලැයිස්තුවේ අවසන් භාගයටය.

Related image

සාමාන්‍යයෙන් අකුණු අනතුරකට ලක්වූවෙකුගේ ශරීරයේ රැඳ තිබූ සහ ඔහු භාවිතා කළ ලෝහමය උපකරණ පිලිස්සීමකට ලක්වී තිබෙනු බොහෝ විට දැකිය හැක. ඒ එම අකුණේ බලපෑමට එම වස්තූන් නතුවී ඇති බැවිනි. නමුත් එවන් අකුණු අනතුරකට ලක්වූවන් භාවිතා කළ ජංගම දුරකතන බොහෝ විට නිරුපද්‍රිතව ඈතකට විසි වී තිබුණහොත් ඉන් අපට හැඟී යන්නේ එම අකුණ ජංගම දුරකතනය වෙත ඇදී ආවක් නොවන බවය.

විශේෂයෙන් පසුගිය යුද සමයේ ජංගම දුරකතන භාවිතා කරමින් සිටි ආරක්ෂක හමුදා සාමිජිකයෙකු හෝ දෙදෙනෙකු අකුණු අනතුරු වලට ලක්වී තිබූ අවස්ථා අපට මතකය. එහෙත් එහිදී බොහෝ දෙනෙකු ඔහු ඒ මොහොතේ ජංගම දුරකතනය භාවිතා කරමින් සිටි බව විනා ඔහු සිටි ස්ථානීය පසුබිම, ඔහු‍ගේ අතේ තිබූ යුද අවිය ආදිය පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකිරීම කණගාටුදායකය.

Related image

විශේෂයෙන් එළිමහන් ස්ථානයන්හි සේම, විවෘත අට්ටාල ආදීයේ සිටීම අකුණු අනතුරු පහසුවෙන් ළඟා කිරීමට හේතුවක් වේ. එමෙන්ම කැති,පිහි, මන්නා, දෑකැති ආදිය අත රැඳීමද ඒත අකුණක් ඇදීමට හේතු‍වේ. එහෙත් එකී විමර්ශන වලදී අකුණක් ඇදී එන එවන් සාධක කෙරෙහි කිසිවෙකුගේ අවධානයට යොමුව නැත.

එමෙන්ම විද්‍යාත්මක පදනමක් මත මෙවැන්නක් විමසීමේ දී අප පැහැදිළිව වටහාගත යුතු දෙයක් තිබේ. ජංගම දුකරතනයක් භාවිතා කරමින් සිටිය දී වුව අකුණක් පතිතවීම ස්වභාවික තත්ත්වයක් වනුයේ ජංගම දුරකතන යනු අකුණු සන්නාහක බලයක් සහිත මෙවලමක් නොවන නිසාය.

එමෙන්ම මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් ද ඇත. එනම් මෙම තත්ත්වය ජංගම දුකරතන වලට පමණක් අදාල වන අතර රැහැන් ගත දුරකතන වලට අකුණු සැර ඇදී ඒමේ පහසු හැකියාවක් පවතින බවය.

Image result for RAIN SMART PHONE

උපුටා ගැනීම ලක්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top