gossip

“උඹ ගෑණිගෙ පදේට නටනවා, යාලුවොන්ට වඩා කෑල්ල ලොකු උනා නේද” කියලා මගෙ උත්තරේ සරලවම ඔව්

කවදා හරි දවසක මගෙ යාලුවෙක්,හිතවතෙක් මට කීවොත්
“උඹ ගෑණිගෙ පදේට නටනවා, යාලුවොන්ට වඩා කෑල්ල ලොකු උනා නේද” කියලා

මගෙ උත්තරේ සරලවම ඔව්

Related image

වෙලාවට මං ලව් කරන කාලේ එහෙම අහපු යාලුවො නෙමේ මට හිටියේ මං කෙල්ල එක්ක කතා කරන කන් ඔත්තු බලපු උං❤
හැම අතින්ම අපේ ආදරේට උදව් කරපු උං❤

+ පෙම්කරද්දිත් බැන්දමත් මගෙ උත්තරේ ඔව්

Image result for love couple

මොකද ජීවිත් වෙන ජීවිත කාලෙන් හරි අඩක්ම අපි ගෙවන්නේ අපේ විපක්ෂෙත් එක්ක..
වැටෙන තැනකදි වැටෙන වලකට ඈත් මාත් එක්කම වැටෙන්ඩ ලෑස්තී

හිතපං නිකමට

නොකල වරදකට හෝ කලවරදකට මම හිරේ යනවා

බත් මුලකුත් බැදගෙන ළමයෙක් ඉන්නවනම් ඒ කිරිසප්පයත් කරපින්නන් මා බලන්ඩ ඈ එනවා නොවේද?

කොතරම් අඩ දබර ඇති උනත් එකම ගෙදර විරසකව හෝ කවදා හරි නොරිස්සුම් හොද වෙන තුරු මාත් සමග ඈ ඉන්නවා නෙවේද?

ඔය ආපෝ මමනම් ඒකී කියන විදිහට ඉන්නෑ කියන පෙම්වතුන් තම තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කර බලනු මැන හොදටම සූර් වූ විටදී තමාගෙ දුක් ගැනවිල්ල අහන්නේ උවද පෙම්වතීම නොවෙද කියා?

Image result for love couple arrest

ඉතිං බිරිද/පෙම්වතී කියන දේ ඇසීම
ඈ කියන සහ ඈ ආසා කරන ආකාරයට ජීවත් වීම වරදක් වන්නේ කෙසේද?

ජීවත් වෙලා බලපං එකම එක දවසක් ඒ ඇස් සතුටු වෙන තරම

මොකද කෙල්ලෙක් ආසයි කොච්චර දඩබ්බර කොල්ලෙක් උනත් කියනදේ චූට්ටක්ම හරි අහනවට.

ඔයා කවදා හරි හොදට ඉගෙනගෙන ඇවිත් අපේ ගෙදරින් අහන්ඩ කියන කෙල්ලෙක්ට වඩා කිසිම දෙයක් නැති රස්තියාදුවේ යන උඹට ඒකී ආදරේ කරන්නේ උඹව ඒකිට වටින නිසා බව හිතේ කොනක තියාගනින්

Image result for marry

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top