ලෝකය

වසර 6000 කට පෙර පණ පිටින් වැලලුණු යුවලක්

ග්‍රීසියේ භූගත ගුහාවකින් 2013 වරේෂයේ දී සොයාගත් ඇට සැකිළි දෙක වසර 6000ට පෙර එකට වෙළී මියගිය තරුණයකුගේ හා තරුණියකගේ යැයි පරීක්ෂණවලින් අනාවරණය කැරගෙන ඇත. ඔවුන් දෙදෙනා වයස අවුරුද 20ත් 25ත් අතර පසුවන්නේ යැයි පුරාවිද්‍යාඥයෝ ගණනය කැර ඇත.

ග්‍රීසියේ පැරණිතම අස්ථි කොටස් හමුවන ස්ථානයක් ලෙස මේ ඇලිපොට්‍රයිපා හෙවත් ෆොක්ස්හෝල් ගල් ගුහාව ප්‍රසිද්ධියක් උසුළයි. එය සොයා ගනු ලැබුවේ 1950 දීය. පුරාවිද්‍යාඥයන් පවසන්නේ නියොලිතික යුගයේ මානවයාගේ පටන් මේ තරුණ යුවල මියයන කාලය දක්වාම මේ ගුහාව මානවයාගේ වාසස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇති බවයි. එහි තිබී සොයාගත් තඹ හා රිදී කැබලි එයට සාක්ෂි සපයයි.

මේ ගල්ගුහාවේ මානවයන් 100ට වැඩි පිරිසක් ජීවත් වන්නට ඇතැයි ද එහි පිවිසුම් දොරටුව කඩා වැටී අවහිර වීමෙන් ගුහාවත් සමග මානව පිරිස ද පණ පිටින් වැළලී යන්නට ඇතැයි ද පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. පර්යේෂකයන් පවසන්නේ ගුහාවේ දොරටුව කැඩී යාමෙන් පසු මේ දෙදෙනා එකිකෙ වෙලී මියයන තුරු සිටින්නට ඇති බවයි.

25A4462D00000578-2952186-image-a-25_1423826908850

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top