gossip

බුකියේ හැමෝම හොද කියපු තරුණිය ගැන තරුණයෙක් තැබූ අපූරු සටහන

වෙසක් පොහොය නිමිතිකර ගනිමින් රටපුරා විවිධ ස්ථාන වල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වෙනවා. මේ අතුරින් වෙසක් කලාප වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. කොහොම වුනත් වෙසක් සමයේදී වෙවැනි වෙසක් කළාප නැරඹීමට එන බොහෝ දෙනා වෙසඟේ සැබෑ අරුත තේරුම් ගෙන තිබෙනවාද යන්න ගැටළුවක්. වෙසක් සමයේදී ඇතැම් පිරිස් හැසිරෙන ආකාරයන් පිළබඳ විමසා බැලීමේදී එය හොඳින්ම පැහැදිලි වනවා.

කොහොම වුනත් වෙසඟේ සැබෑ අරුත තේරුම් ගනිමින් කොළඹ ගංගාරාම වෙසක් කළාපයේදී තරුණියක් විසින් කල සත් ක්‍රියාවක් මේ දවස්වල සමාජ ජාලාවල විශාල කතාබහකට ලක්වෙමින් පවතිනවා. මෙලෙස කතාබහට ලක්වන්නේ එම තරුණිය විසින් නගරය පිරිසිදු කිරීමේ යෙදී සිටින සේවකයින් පිරිසකට ආහාර ලබා දෙන ඡායාරූප කිහිපයක්.

එම ස්ථානයේ සිටි අයෙකු මෙම උතුම් ක්‍රියාව තමාගේ ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කොට සටහනක්ද සමඟින් මුහුණු පොතට එකතු කර තිබුණා. එම සටහන සහ ඡායාරූප පහතින්.

‘‘කොලොම් තොටේ වෙසක් අසිරිය විදින දෙනො දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන් මෙන,දෙවරක් ඔබ දෙස බැලුවේ එවැනි රූ සපුවක් ඔබට හිමි නිසයි නැගණිය. දෙවන වර බැලීමේදී මා දුටුවේ ඔබ යම්කිසි දෙයක් ගනිමින් සිටින බවකි. පසු විපරම් කර බැලීමේදී මා දුටුවේ ඔබ ගනන් කරනා විඩබරව නිදා සිටින කොලම්පුරය පිරිසිදු කරන කම්කරුවන් පිරිසකි,

ඔවුන් මේ නිදගෙන සිටිනුයේ පසුදා අවදිව විගසින් අප විසින් අපායක් බවට පත්කර තිබෙන නගරය නැවතත් අලංකාරය කිරීමටය, කෙටි ආහාරයක් මිලදී ගැනීමට එතැනට පැමිණි ඔබට තනිවම ආහාර ගැනීමට සිත් නොමැතිව ඔවුන් සදහා ද අහාර මිලදී ගෙන ඔවුන් සතුටින් එම අහර අනුභව කරනු දැක සතුටින් ආහාර අනුභව කල ඔබ වෙත මගෙ camera කාචය යොමු වූයේ සැණකින් මය.

ඉතින් සමවෙනු මැනවි නොදන්වා ලබාගත් ඡායාරූප වලට,ඇසකින් කඳුළු වගුරු ඔබ නූතන සමජයේ සිටිනා රූප ලාවණ්‍ය ගාරවල පිහිටෙන් ලස්සන/මොඩ් උන සෙල්ෆි ප්‍රින්සෙස්ලාට වඩා අගනේය. මෙය මා දුටු ලස්සම සහ පින් රැස්කර ගත් එකම දන්සලයි. ඒ පින් බලයෙන් ඔබ ලබන අත්මයෙදි ඔයටත් වඩා රූපසොභාවෙන්, කරුණාවන්ත හදවතක් හිමි පුද්ගලයකු වෙවා. ඔබට බුදුසරණයි,ජෙසු පිහිටයි,”

එම සුරූපී තරුණියගේ ඡායාරූප කිහිපයක්

 

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top