ජාතික ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.
කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනකු දිවුරුම් දීම ඊයේ සිදුවිය.
අද දිවුරුම් දෙන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේය.
නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු අට දෙනෙක් මේ වන විට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබ සිටිති. ඔවුහු මෙසේය.

පාලිත රංගේ බණ්ඩාර – වාරිමාර්ග, ජලසම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

දිලිප් වෙදආරච්චි – ධීවර, ජලජ සම්පත් සර්වර්ධන සහ ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය

එම් එම් ඒ එම් හිස්බුල්ලා – අධිවේගී මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ලාල් ග්‍රේරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඒ ඩී චම්පික ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් සෙනවිරත්න – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය

ශ්‍රියානි විජේවික්‍රම – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
අමීර් අලී ශිහබ්දීන් – ධීවර, ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

දුනේෂ් ගන්කන්ද – ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

රංජන් රාමනායක – සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

කරුණාරත්න පරණවිතාන – විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, කුසලතා සංවර්ධන සහ කඳුරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

සරතී දුෂ්මන්ත – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

පාලිත කුමාර තෙවරප්පෙරුම – තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

මනූෂ නානායක්කර – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ වේදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

මුත්තු සිවලිංගම් – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
සයිද් අලි සහීර් මවුලානා – ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා නියෝජ්‍ය අමාත්‍ය
එච් එම් එම් හාරිස් – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
උපුටා ගැනිම ලංකාදිප