ලෝකය

කටුව පැලුන ඉබ්බෙකුගේ ජීවිතය බේරාගත් අපූරු තරුණයෙක්

ඉබ්බෙකුගේ කතාව….

Image may contain: outdoor

Image may contain: indoor

මේ ඉබ්බාව මට හම්බුනේ උඩහමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වාහන අලෙවි මධ්‍යස්ථානයක් අසලදී….. වාහන අනතුරකට ලක්වෙලා උගේ කටුව හතරට කඩිලා. ඒත් අමාරුවෙන් ගමන් කරන්න හදනවා. වාහන අනතුරෙන් පස්සෙ කානුවක වටිලා හිටපු මේ ඉබ්බව බොහොම අමාරුවෙන් වාහන අලෙවිසලේ තියාගෙන කල්පනා කලා මොකද කරන්න ඕනෙ කියලා….

තිබ්බ තත්වයත් එක්ක ඉබ්බව ගොඩක් වෙලා එතන තියන් ඉන්න එක තේරුමක් ne. පාරේ ගිය හුගක් අය කිව්වෙ “තේරුමක් නහ මල්ලි කොහොමත් ඔය සතා මරිලා යනවා” කියලා….

ඒත් පොඩ්ඩක් හිතලා Google search කරලා දෙහිවල සත්වෝද්‍යානයේ නම්බර් එකට කතා කලා… එතනින් වනජීවි ආයතනයේ නොම්බරයක් ලබාදුන්න… හිතුවට වඩා ගොඩක් ලේසියෙන් ඒකෙ නිලධාරීන් උදවු කලා…..

මහා වර්ෂාවක් පතිත වෙන්න ඔන්න මෙන්න තිබුනෙ.. ඉබ්බව තියන්න ආරක්ෂිත ස්ථානයක් වාහන අලෙවිසලේ කාර්ය මන්ඩලයේ අය හදලා දුන්නා…

විනාඩි තිහකින් වගේ වනජීවි නිලධාරි මහත්තුරු ඇවිත් ඉබ්බව පරීක්ෂා කලා… ඒ වෙද්දි හොදටම හෙම්බත් වෙලා හිටිය සතා අපි දුන්න සලාද කොල කනවා බොහොම ඉක්මනට…. එතන හිටපු හුගක් අය හිතුවත් ඉබ්බා බේරගන්න බරි වෙයි කියලා වනජීවි නිලධාරි ජයරත්න මහතා කිව්ව එයාගේ කටුව පාස්සන්න පුලුවන්… කන්න ,බොන්න පුලුවන් නිස ඉබ්බව සනීප කරන්න පුලුවන් වෙයි කියලා….

හිතට දනුන සතුට හින්දම නෙවේ මේ පෝස්ට් එක දාන්නේ මෙන්න මේ දේවල් නිසා….

1.) පාරේ සතෙක් අනතුරකට ලක්වෙලා ඉන්නවනම් කවදාවත් නොදක්කා වගේ යන්න එපා.

2.) අපි හිතනවා සමහර සත්තු ගන අපි දන්නේ නහ ඒ හින්දා අනතුරෙන් පස්සෙ අපිට කරන්න දෙයක් නහ කියලා… අන්තර්ජාලය හරහා අපිට තොරතුරු හොයාගෙන වනජීවි නිලධාරින් දනුවත් කරන්න පුලුවන් …

3.) අපේ රටේ රාජ්‍ය නිලධාරීන් අකාර්යක්ෂම අය කියලා සම්මතයක් තිබුනට ඒක හමෝටම පොදු දෙයක් නෙවෙයි කියලා ජයරත්න මහතා ඇතුලු නිලධාරීන් ඔප්පු කලා…

4.) මේක කියවන අය මේ වගේ දේකට මුහුන දුන්නොත් තව එක සතෙක්ගේ හරි ජීවිතයක් බේරගන්න පුලුවන් කියලා හිතුන නිසා..

මේ ක්‍රියාවට සහභාගී උන හමෝටම වඩා කාලයක් මේ ඉබ්බා ජීවත් වෙයි.. මොකද උන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු සීයක් වත් වෙන හින්දා…. ඒ සතුට අපි හමෝටම..

මේ වගේ දෙයක් දුටුවොත් වහාම දෙහිවල සත්වෝද්‍යානයේ වනජීවි අoශයට දන්වන්න.. දු.ක – 0112712751

විශේෂ ස්තූතිය – Zeon Hybrid ආයතනයේ ආසිරි ලියනගේ ඇතුලු කාර්ය මන්ඩලයේ සියලු දෙනාට…
වනජීවි නිලධාරීන් සහ වචනයකින් හෝ උපකාර කල හමෝටම….

මේ වගේ සිතුවිලි හැමෝගෙම හිතට එන්නෙ නෑ.ඒ යාළුවා කරලා තියෙන්නෙ හොද වැඩක් අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න.මොකද මේක අගය කල යුතු ගොඩක් හොද වටිනා වැඩක්.

උපුටා ගත්තෙ Kalpitha Kodamulla

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top