News

ගාල්ල මුහුදෙන් හමු වූ පිලිමයේ සැබෑ තතු හෙලිවෙයි

ගාල්ල කොටුව ආසන්නයේ මුහුදු තීරයේ තිබී කිලෝ ග්‍රෑම් 40 කට අධික බරකින් යුතුව සොයා ගත් ප්‍රතිමාව පුරා විද්‍යාත්මක වශයෙන් වටිනාකමක් නොමැති එකක් බව වාර්තා වේ.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරනුයේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය ජනක රුබෙන් මහතා විසිනි.

ඔහු සාගර ගවේෂණය පිළිබඳවද උනන්දුවක් දක්වන තැනැත්තෙකි.

කොරල්පර නැරඹීම සඳහා පැමිණි කරාපිටිය ප්‍රදේශයේ තරුණයන් පිරිසකට හමූවූ ප්‍රතිමාව පිළිබඳ මේවන විට මාධ්‍යය වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් එහි තත්ත්වය පිළිබඳ කථිකාචාර්ය ජනක රුබෙන් පවසන්නේ මෙවන් අදහසකි.

“ගාලු කොටුවේ කොරල් පරය තුල මා නොගිය තැනක් නැති තරම් . ඔය පිළිමය මාස ගණනක් ඔතන තිබනා. ඔය පිළිමය ඔතනට ගෙනිහින් දැම්මේ ගාලු කොටුවේ කලා කෘති විකුණන කළා කරුවෙකු විසිනුයි . මම මේ පිළිමය දැකපු හැටියේම එය එය එතනට ගෙනත් දැමුයේ කවුදැයි සොයා මෙයට තදින් විරුද්ධ වුනා.

එපමණක් නොවෙයි මෙවැනි ජනතාව රැවටීමක්ද සිදු විය හැකි බව මා ඔහුට ප්‍රකාශ කර සිටියා. නමුත් ඔහු එය පිළිගත්තේ නැහැ . කොරල් පරය තුල පිළිම තබා පැරණි පෙනුමක් ලබා දීම සහ ව්‍යාපාර ගත කිරිම ඔහුගේ මතුපිට අරමුණ වුවත් ඉන් සිදු විය හැකි සමාජීය සහ පාරිසරික ප්‍රශ්න බොහෝ විය හැකියි .

මෙම පිළිමය මා දකින විට ගත් චායා රුපයක් මගේ මුහුණු පොතෙන් බලා ගත හැකියි. හිමි කරු පවසූ ලෙස මෙය මෑතකදී සිමෙන්ති වලින් කල එකක්. . මාගේ ම්තුරෙකු වුවද ඔහු ගැනමා හට සම්පූර්ණ විශ්වාසයක් නොමැති බැවින් පිළිමයේ සැබැ නිමවීම ගැන මට අවබෝ ධයක් නැහැ . කෙසේ නමුත් මෙය නැවකින් වැටුණු හෝ දෙවියන් විසින් ගෙනත් දැමුණු එකක් නෙවෙයි“

ප්‍රතිමාව මේ වන විට ගාල්ල කොටුව සුදර්මාලය විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට ද කටයුතු කර ඇත‍.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top