සුනාමිය ආපු දවසෙ උදේ මම හිටියේ කොළඹ බස් නැවතුම් පොලේ, අම්බලන්ගොඩ පිහිටි මගෙ නිවසට යන්න බස් එකක් එනකල් 9.30 ට වගෙ මට දුරකථන ඇමතුමක් ආවා මගේ සහොදරියගෙන් ” ඔයා කොහේද, ගෙදර එන්න එපා, මුහුද ගොඩට ඇවිල්ලා ” කියලා ඒ දවස්වල මම නැවතිලා හිටියෙ NCC එකේ. ඉතින් මන් එහෙ නැවතිලා ගෙදරට ගියෙ 27 වෙනිදා.
සාමාන්‍යයෙන් පැය දෙකාහාමාරක් යනවා කොළඹ ඉදන් නිවසට යන්න.. එදා උදේ අටට විතර මම බස් එකෙන් පිටත් වුනා. ගෙදරට ලං වුනේ පහයි පහලට වගේ.. හැබැයි මුකුත්ම එහෙ ඉතුරු වෙලා තිබුනෙ නෑ…
මගෙ ගෙදරට ළඟ තිබ්බ ගෙවල් දහයක් පහලවක් විතර සම්පුර්ණයෙන්ම විනාශ වෙලා තිබුනා. මගෙ ගෙදරත් හැම බිත්තියක්ම වගෙ බිඳ වැටිලා. එකම එක ගෘහ භාණ්ඩයක්වත් බෙරිලා තිබුනෙ නෑ. ටීවි එකවත් තිබුනෙ නැ.. මගෙ පව්ලේ අය ඇරෙන්න හැමදේම විනාශ වෙලා. පලවෙනි රැල්ල ඇවිල්ලා තිබුනෙ කුස්සිය ළඟට විතර ඒක එච්චර විශාල නෑ.
9.25 ට වගේ අනෙක් රැල්ල එනවා දකිද්දිම මගෙ මල්ලියි නංගියි අම්මලත් එක්කම දුවලා කිලෝ මිටර් දෙකක් විතර දුර
ටවුන් එකට කිට්ටු වෙන්න මගෙ නෑ කෙනෙක් හිටියා. අපි සති දෙකක් තුනක් වගෙ නතර වෙලා හිටියෙ එහෙ. ඇදුම් පැලදුම් ආහාර පාන වගෙ හැමදෙක්ම නැතිවෙලා.
මට කුසලාන හුගක් තිබුනා පහලවෙන් පහල ජාතික කණ්ඩායමට ක්‍රිඩා කරලා මම ගත්ත සම්මාන වගේම 2002, 2004 අවුරුදුවල දහනවයෙන් පහල ලෝක කුසලානෙට ක්‍රිඩා කරලා මම අරගත්තු සම්මානත් එතන තිබුනා. ඒ හැම කුසලානයක්ම රැල්ලට ගහගෙන ගිහින්. මගේ ක්‍රිඩා උපකරණ සුලු ප්‍රමාණයක් NCC එකෙ තිබුනා අනිත් ඔක්කොම තිබුනෙ ගෙදර, බැට්, ග්ලව්ස්, ඇදුම් මේ හැමදෙයක්ම..
සුනාමියෙන් පස්සෙ මට හැමදෙයක්ම නැතිවුනා මාස තුනක් හතරක් සෙල්ලම් කරේ නෑ.. සංගක්කර අයියා මගෙ ක්‍රිකට්වලට මූල්‍යමය පැත්තෙන් උදව් කලා. ඔහු මට රු 50000 ක් දුන්නා බැට් ග්ලව්ස් මේ දේවලුත් එක්ක. පහුවෙලා දවස ඔහු මගෙන් ඇහුවා දැන් ගෙදර වාතාවරණය එහෙම කොහොමද කියලා..
ඒ අපි කවුරුත් දන්න වමත් පිතිකරුවා උපුල් තරංග. සුනාමියෙන් බලපෑම් වෙච්ච අතීතය ගැන පුවත් පතකට
කතා කරේ එහෙම. මේ දරුණු සිද්දියට මුහුන දෙද්දි අවුරුදු 19 කක පුංචි කොල්ලෙක්.. එතනින් ඔහු නැවතුනා නම් අග්‍රගණ්‍ය පිතිකරුවෙක් අපිට නැති වෙන්න තිබුනා
සංගටත් විශේෂ ගව්රවයක් හිමි විය යුතුයි
ඔහුට උපකාර කරාට..
උපුටාගැනීමකි
