ක්‍රිඩා

කුසල්ගේ සෑම පහරකම සනත් ජීවත් වෙනවා ඉන්දියානු මාධ්‍ය කියපු කතාව

පසුගියදා නිමාවුණු නිදහස් කුසලාන තරගාවලියේ  වැඩිම ලකුණු ලාභියා ලෙස ශ‍්‍රී ලංකා වමත් ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා පත්වූ අතර කුසල් එහිදී තරග 04කට මුහුණදෙමින් ලකුනු 204ක් රැස් කිරිමට සමත්විය.කුසල්ගේ එම ඉනිම් 04 තුළ අර්ධ ශතක 03ක් වාර්තා වීම සුවිශේෂී විය.

කුසල් ගේ එම ප‍්‍රවේගකාරී පිතිහරම්භය පිළිබඳව දේශීය මාද්‍ය වල ඇගයීම් පළකර තිබෙන ආකාරයෙන්ම විදෙස් මාද්‍යද මෙම ප්‍රහාරය පිළිබඳව ඉතා ඉහල ඇගයීම් ලබාදී තිබෙනු දැකගත හැකි විය.

ඒ අතරින් ඉන්දියාවේ ප්‍රමුඛතම මාද්‍යයක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් කුසල්ගේ ප්‍රහාරය හඳුන්වා දෙන්නේ එම ප්‍රහාරය සනත් ජයසුරිය ඉන්දීය පන්දු යවන්නන් පිළිගන්නා ක්‍රමය බවය.

“මීට දශක 2ක ට කලින් ඉන්දියාවෙන් එන පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාවෙන් ලැබුන ආගන්තුක සත්කාරය එතරම් මිහිරි එකක් නොවන අතර,බොහෝ පන්දු යවන්නන්ට මේ අකාරයේ ආගන්තුක සත්කාර ලබාදෙන්නට වගකියු ශ්‍රී ලංකා පිතිකරුවෙක් සිටි අතර එම වමත් පිතිකරුවා සනත් ජයසුරිය නම් වූ අතර,ඉන්දීය පන්දු යවන්නට පහර දීම ඔහු නතර කර ටික කලක් යන විට නැවත ශ්‍රී ලංකාව එවැනි ආගන්තුක සත්කාර ලබා දෙන්නට පිතිකරුවෙකු සොයාගෙන ඇත.ඔහු කුසල් පෙරේරාය.”

ඉන්දියන් එක්ස්ප්‍රස් තම ලිපිය ආරම්භ කරන්නේ එසේය,ඉන්පසුව ඔවුන් සනත් සහ කුසල්ගේ සමානකම් ගැන කතා කර ඇත.”තම පුර්වාදේශය වූ වමත් පිතිකරුවාට වඩා තරමක් මිටි ක්‍රීඩකයෙකු වුවද සනත් සතු ශක්තිය ඒ ආකාරයෙන්ම පිහිටා ඇති කුසල් සනත්ට සමාන වන්නේ සනත් පන්දු යවන්නට දැඩි ලෙස ප්‍රහාරයන් එල්ල කල ඉසව් සහ එවැනි පන්දු වලටම කුසල්ද ප්‍රහාරයන් එල්ල කරන නිසාවෙනි.”

“සනත් එල්ල කරන අකාරයේ අනුකම්පා විරහිත ප්‍රහාරයකින් තරඟය තම නමට ලියාගත් කුසල් එල්ල කල සෑම පහරකම අපට දක්නට ලැබුනේ මේ ක්‍රීඩකයා තුල සනත් ජීවත් වන බවය.”

නිදහස් කුසලාන පළමු තරගයේදී ඨාකූර් ගේ පන්දු වාරයකට ලකුණු 27ක් ලබාගැනීම ගැනද මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.”ශ්‍රී ලංකා ඉනිමේ තුන්වෙනි පන්දුවාරය යවන්න පන්දුව බාරගත් මුම්බායි වේගපන්දු යවන්නාගේ පළමු පන්දුවට වේගවත් පහරකින් හතරේ පහරක් සමඟ ආරම්භ කල ප්‍රහාරය,ඉන් පසු පිට ඉන්නෙන් ඉවත යැවූ පන්දු තුනම කුසල් යොමු කලේ හතරේ සීමාවට වන අතර,කෙටි පන්දුවට එල්ල කල පුල් පහර සනත් ඉන්දීය පන්දු යවන්නෙකුට එල්ල කරන ප්‍රහාරයක් පුනරූපනයක් වැනිය.

පිට ඉන්නෙන් පිටත පන්දු කල පන්දුවක් හතරේ සීමාවට එපිටින් පතිත කරන මේ පිතිකරුවා නිදහස් කුසලානයට තකුර් ගේ පැමිණීමට ආගන්තුක සත්කාර දක්වන්නේ තම ප්‍රවීණ ක්‍රීඩක ජයසුරිය නැවත තරඟය නැරබු ක්‍රීඩා ලෝලීනට මතක් කර දෙමිනි.”

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top