ක්‍රිඩා

රබාඩාගෙන් ICC එකට පෙත්සමක්

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය අතරතුරේදි ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල දවාගෙන රංගනයක් ඉදිරිපත් කර එම කඩුල්ල සැමරීමේ වරදට , දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබඩාට ICCය මගින් ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවූවා.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලාන තරග මාලාවේදි බංග්ලාදේශ කණ්ඩායම විසින් සුප්‍රසිද්ධ නයි නැටුම ඉදිරිපත් කරමින් , ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමග ගැටුම් ඇති කරගනිමින් , ක්‍රීඩාගාරයේ දේපළ වලටද හානි සිදු කරමින් සිදු කළ විනය විරෝධී ක්‍රියා වලට ICCයෙන් හිමි වූයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට තරග ගාස්තුවෙන් 25% ක වැනි සුලු දඬුවමක් පමණයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙම දෙබඩි පිලිවෙත පිළිබදව කාගිසෝ රබඩා ලිපියක් මගින් ක්‍රිකට් කවුන්සලයෙන් අදහස් විමසා තිබුණා.

එහිදි රබඩා කරුණු දක්වමින් ” තමන් විසින් ඕස්ට්‍රෙලියානු කණ්ඩායමේ කඩුල්ලක් දවාගෙන එය සැමරීම ICCය විසින් නොපිලිගන්නේ නම් , බංග්ලාදේශ කණ්ඩායමේර් “නාග නර්ථනය” පිළිබදව ICCය දරන්නේ කුමන මතයක්දැයි” රබඩා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රශ්න කර තිබුණා.

එම ලිපියේ රබඩා සදහන් කර තිබුනේ ” මාගේ හැසිරීම යකෙකු වගේ නම් , රූපවාහිනියට ගැලපෙන්නෙ නැත්නම් , විශේෂයෙන්ම දරුවන්ට ගැලපෙන්නෙ නැති නම් , බංග්ලාදේශයේ නර්ථනය ගැන කුමක්ද කියන්නේ ? කණ්ඩායමේ නායකයා හැටියට ශකීබ්ට එහෙම හැසිරෙන්න පුලුවන්ද ? මම වීදුරු බින්දද ? එහෙම නැතිනම් පිට්ටනියේ ගහගත්තද ?” යනුවෙනි.

මේ පිළිබදව ඇතැම් ක්‍රිඩා විචාරකයන් සදහන් කර තිබුනේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් “බිග් ත්‍රී” (ඉන්දියාව , ඕස්ට්‍රේලියාව , එංගලන්තය) පනත ඉදිරිපත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ පාලනය රටවත් තුනක් යටතට ගැනීමෙන් පසු සාධාරණ දඬුවම් හෝ ශ්‍රේණිගත කිරීම ICCය මඟින් ඉදිරිපත් නොවන බවයි.

රබඩාට විශාල දඬුවමක් ලැබීමට හේතු වූයේ ඔහු සැමරූවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නිසා බවයි , යම් හෙයකින් බංග්ලාදේශ කණ්ඩායම ඔවුන්ගේ එම හැසිරීම ඉන්දියාව හෝ එංගලන්තය ඉදිරියේ සිදු කළා නම් ඔවුන්ටද දැඩි දඬුවමක් හිමි වීමට තිබූ බව එම ක්‍රීඩා විචාරකයන් සදහන් කර තිබුණා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top