ක්‍රිඩා

බංගලාදේශයට ක්‍රිකට් තහනමක් පැනවිය යුතුයි – හර්බ්‍රජන් සිං

නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ හැසිරීම පිළිබඳව ජාත්‍යන්තරයේම අවධානයට ලක්වුනා. එසේම ඔවුන්ගේ හැසිරීම පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම දැක්වූයේ අයපත් ප්‍රතිචාරයක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු දඟ පන්දු යවන්නකු වන හර්බජාන් සිං ඉන්දියානු පුවත් පතකට දක්වමින් කියා තිබුනේ මහත් අශෝභන ලෙස හැසිරුණු බංග්ලාදේශ කණ්ඩායමට තරග කිහිපයක තහනමක් පැනවිය යුතු බවයි.

එසේම ශ්‍රී ලංකාවතුලදී බංග්ලාදේශයේ ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය පිළිබඳව සමාවක් දිය නොහැකි බවත්, ඔවුන්ට අයි.සී.සී.ය විසින් පැනවූ 25%ක දඩය කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් පැවසූ ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශකර තිබුණා.

“ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් කළා විතරක් නොවෙයි, ඔවුන් ඔවුන්ට හිතවත්ව සිටි ක්‍රීඩා ලෝලීන් ප්‍රමාණයක්ද අහිමි කරගත්තා. මමත් ඔය වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් ඒ දේවල් මම කළේ යම්කිසි සීමාවක ඉඳගෙනයි. බංග්ලාදේශ නායකයා හැසිරුණු ආකාරය අන්තිම නරකයි.

ඔහු කණ්ඩායමේ සෙසු අයට ලබා දුන්නේ නරක ආදර්ශයක්. අමතක කරන්න එපා මේක නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියක්” යනුවෙන්ද පැවැසූ හිටපු ඉන්දීය දඟ පන්දු යවන්නා මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බෝඩ් බරපතළ වාර්තාවක් ලබා දෙන්න තිබුණා. කෙසේ වුවත් ඔවුන්ට ලැබුණු තරග මුදලින් 25% දඩ මුදල සම්බන්ධයෙන් තමා විස්මයට පත්වූ බවත්, අඩුම වශයෙන් ඔවුන්ට (බංග්ලදේශයට) තරග කිහිපයක තහනමක්වත් පැනවිය යුතු බවත් සඳහන් කළේය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top