News

රනිල් ඉවත් කිරීමේ ශ්‍රේෂඨාධිකරන මත විමසුම අත්හිටුවයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ගෙන් ලද උපදෙස්‌ අනුව අදාළ තීරණය ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබූ අතර එම සංශෝධනයේ 46 වැනි පරිච්ඡේදයට අදාළ වගන්ති සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක වරුන්ගේ දැඩි අවධානය යොමුවී තිබේ.

ඒ අනුව විවිධ මත පළවීම් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ උපදේශකයින් දුන් උපදෙස්‌ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ මතය නොවිමසීමට තීරණය කර ඇත.

උපුටාගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top