සෑම පුද්ගලයකුගේම ජීවිතයට කුමන හෝ විනෝදාංශයක් අවශ්‍යයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒත් සමහර විනෝදාංශ අපිට ඔරොත්තු නොදෙන අන්දමින් වැය පාර්ශ්වයට නැඹුරු විය හැකියි. ධනවතුන්ගේ ආර්ථීක හැකියාව අනුව ඔවුන් විසින් අනුගමනය කරනු ලබන විනෝදාංශ බොහෝ දෙනා දකින්නේ මුදල් නාස්තියක් විදිහටයි. එහි වගකීම ඔවුන්ට පවරා තබා මතභේදයට තුඩුදුන් විනෝදාංශ මොනවාදැයි සලකා බැලුවොත්
මයික් ටයිසන්ගේ විනෝදාංශ
1966 වසරේ උපත ලද මයික් ටයිසන් ඇමරිකානු ජාතික බොක්සිං ක්‍රීඩකයෙකි. හෙවිවේට් බොක්සිං තරග 58 කට පෙනී සිටි ඔහු එයින් තරග වාර 50 කින්ම ජයග්‍රහණය ලබා ඇත. බොක්සිං ක්‍රිඩාවේදී “මයික් ටයිසන්” පිළිබඳ නොදන්නා අයෙක් නැත. එවැන්ඩර් හෝලීෆිල්ඩ්ගේ කණක කොටසක් කඩාගැනීම නිසා ඔහු ඉතා අපකීර්තියට පත් චරිතයකි.
මයික් ටයිසන් විනෝදාංශයක් ලෙසින් බෙංගාලි කොටියන් ඇතිදැඩි කරන අතර ඒ වෙනුවෙන් ඔහු වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ හතරක් වේ. එපමණක් නොව බෙංගාලි කොටියන් නඩත්තුව වෙනුවෙන් මයික් ටයිසන් ඇමරිකානු ඩොලර් හාරදහසක මුදලක් වෙන් කරනු ලැබේ.
බාල කාලයේ පටන්ම පිහාටු සහිත සතුන්ට ඇලුම් කළ ඔහු සතුව දැන් පරෙවි කුරුල්ලන් එකතුවක්ද වේ. ඔහුගේ නිව්ජර්සි නුවර පිහිටා ඇති නිවසේ ඇතිදැඩි කරන පරෙවි කුරුල්ලන්ගේ සංඛ්‍යාව මේ වන විට 400 ක සංඛ්‍යාවක් ඉක්මවා ඇත. තමාගේ ආර්ථීක ශක්තියෙන් උපරිම ශරීර සැප විඳින මයික් ටයිසන්ගේ නාන බේසම තනි රත්තරනින් නිමවා ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක් පමණ වේ.
නිකොලොස් කේ-ගේ විනෝදාංශ
1964 වසරේ ජනවාරි 7 වැනි දින උපත ලද නිකොලොස්ගේ සැබෑ නාමය Nicolas Kim Coppola යි. ඇමරිකානු ජාතික ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේNicolas Cage නමින්ය. ඇමරිකානු ජාතික නිකොලස්ගේ පියා මහාචාර්යවරයකු වූ අතර මව රංගන ශිල්පිනියකි. මේ නිසාම ඔහුගේ ප්‍රතිභා පූර්ණ රංගන කෞෂල්‍ය වෙනුවෙන් අවශ්‍ය හැකියාවන් සහ වාසනා ගුණය උරුමයෙන්ම පැවැති හෙයින් වෙනත් සාධක අවශ්‍ය නොවීය. නිකොලොස්ගේ විනෝදාංශයන් ඉතාම අසාමාන්‍ය විය.
විෂඝෝර සර්පයා දැක නෑරු මෝඩයා කිව්වත් හොලිවුඩ් තිරයේ සුප්‍රකට නළුවෙක් වන නිකොලොස් කේ- විනෝදාංශ ලෙසින් සර්පයන් ඇති දැඩි කරන්නෙකි. මේ වෙනුවෙන් ඔහු ඇමරිකානු ඩොලර් 2,75,000 ක් වැය කොට නාගයින් දෙදෙනෙක් මිලට ගත් අතර ඔවුන් වෙනුවෙන් “මෝබි” සහ “ෂිබා” යෑයි නම් තබා ඇත.
කිරි පොවා ඇති දැඩි කළත් සර්පයාගේ කෘතගුණ දැක්මක් නොමැත්තා සේම මෙම සර්පයින් විසින් නිකොලොස්ට දෂ්ට කරන අවස්ථාවන් ද ඇත. එවිට ක්ෂණිකව ලබා ගැනීමට ප්රතිවිෂද ඔහු සූදානමින් තබා ගෙන සිටී. එහෙත් මේ නාගයන් නඩත්තුව අපහසු නිසාම නිකොලොස් විසින් ඔවුන් සත්වෝද්‍යානයකට පරිත්‍යාග කරන ලදී.
තවත් අවස්ථාවක නිකොලොස් විසින් වෙන්දේසියකදී ඩයිනෝසර් ඔලුවක් මිලට ගත්තේය. ඇමරිකානු ඩොලර් 276,000 ක ලංසුවක් දක්වා මෙම ඩයිනෝසර් හිසට ලංසු තැබීමට වූයේ ඔහුගේ මිත්‍රයකු මෙන්ම චිත්‍රපට නළුවෙක් වූ “ලියනාඩෝ කැප්රියෝ” විසින් මේ ඩයිනෝසර් ඔළුවට තරගකාරී ලෙසින් ලංසු තබන්නට වූ නිසාය.
කෙසේ වුණත් වසර මිලියන 67 ක් පැරැණි මෙම හිස්කබල නිකොලස් විසින් මිලට ගන්නා ලදී. ඊට අතිරේකව මැමත් ඇත් දලයෙන් හැඩගන්වන ලද මිටක් ඇති පිහි තලයක් මිලට ගැනීමට ඔහු ඩොලර් දෙදහසක මුදලක් වැය කර ඇත. කියවීම වෙනුවෙන් කැමැත්තක් දැක්වූ නිකොලස් ලෝකයේ ප්‍රකට චිත්‍ර කතා එකතුවක් ගොඩනඟන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් වූ මෙම පොත් එකතුව ඔහු ආර්ථීක ලෙසින් බංකොලොත් බවට පත් වීම නිසා වෙන්දේසි කරන ලදී. එයින් ඔහු උපයන ලද ආදායම ඩොලර් මිලියන 1.68 ක් විය.
පැරිස් විට්නි (Paris Whitney Hilton)
හිල්ටන්ගේ විනෝදාංශ 1981 වසරේ පෙබරවාරි 17 වැනි දින උපත ලද පැරිස් විට්නි හිල්ටන් මෝස්තර නිරූපිකාවක ලෙසින් සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනඟා ගත් තරුණියකි. ඇමරිකානු ජාතික කාන්තාවක් වූ “පැරිස් හිල්ටන්” ගැන ඔබ නොදැන සිටියත් ඇය ගැන මෙසේ කිව්වොත් ඔබ පැරිස් ඉතා හොඳින් හඳුනනු ඇත. ලෝකයේ හිල්ටන් හෝටල් ජාලයේ නිර්මාතෘ “කොනාර්ඩ් හිල්ටන්” ගේ මිනිපිරිය (විකිපීඩියා අනුව) ඇයයි.
පැරිස් සතුන්ට ඉතා ආදරය කරන ලද කාන්තාවකි. ඇගේ පසුම්බියේ නිතරම බල්ලකුගේ අනුරුවක් විය. එපමණක් නොව තමාගේ සැප පහසු නිවසේ කොටසක මෙම බලු අනුරූ වෙනුවෙන් ඉඩකඩ වෙන් කරන ලද අතර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 3,25,000 ක් පමණ වැය කර ඇත.
සෙලින් ඩියොන්ගේ
විනෝදාංශ 1968 වසරේ මාර්තු 30 වැනි දින උපත ලද (Céline Marie Claudette Dion) සෙලින් ඩියොන් ගායිකාවක මෙන්ම ධනවත් ව්‍යවසායකත්වයක හිමිකාරිනියද වේ. ටයිටැනික් චිත්‍රපටයේ “මයි හාර්ට් විල් ගෝ ඔන්” ගීතය නිසා ලෝක ප්‍රසිද්ධියට පත් “සෙලින් ඩියොන්” ගේ විනෝදාංශය වූයේ ඇගේ මිහිරි කටහඬ ආරක්ෂා කර ගැනීමයි. කටහෙඩේ පැවැත්මට වාතයේ තෙතමනය වඩාත් අවශ්‍ය බැව් විශ්වාස කළ සෙලීන් ඒ වෙනුවෙන් මිල අධික “හියුමිඩිෆයර්” උපකරණ මිලට ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පමණ වැය කර ඇත.
බෙලාල් කාලිඩ්
පලස්තීන ජාතික කලාකරුවෙක් වූ බෙලාල් කාලිඩ් (Belal Khaled) ගේ අපූරු විනෝදාංශය වී ඇත්තේ මෝටර් රථ වෙනුවෙන් ටැටූ සිතුවම් කිරීමයි. මෙම විනෝදාංශය දකින ඔහුගේ කුඩා මුණුපුරා අනාගතයේ ඔහුගේ විනෝදාංශය ලෙසින් තම සීයා විසින් සිතුවම් කරන ලද මෝටර් රථ මිලට ගැනීම බැව් දැන් පටන්ම තීරණය කර ඇත. මැටිබෝල සැදීම ජපානයේ සමාජගතව ඇති මෙම විනෝදාංශය ඉතා සරල මෙන්ම වියදම් රහිත කටයුත්තකි. මඩවලින් බෝල නිර්මාණය කොට එම බෝල දූවිල්ලේ තවරන මෙම නිර්මාණශීලී කටයුත්තෙන් එළි දකින්නේ අපිට හුරු පුරුදු අග්ගලා ගුලියක හැඩයකි.

