කාසිය වාසිය දිනාගත් බංගලාදේශ නායකයා ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ශ්‍රි ලංකා කණ්ඩායමට ආරධනා කල අතර ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් සාර්තක ආරම්භයක් ශ්‍රි ලංකා කණ්ඩායම ලබා ගත් අතර දනුෂ්ක ගුණතිලක ලකුණු 42 කට දැවි ගියා ඒ සමගම බොහෝ කලකින් අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ තිසර පෙරේරායි.පන්දු 17 කදී ලකුණු 31 ක් ලබාගැනිමට සමත් වුණා.
තිසර පෙරේරාගේ දැවි යාමත් සමග අනගි ඉනිමක් ක්‍රිඩා කල කුසල් මෙන්ඩිස් පන්දු 42 කින් ලකුණු 70 ක් ලබා සිටියදී දැවි ගියා.ඒ සමග පිටියට එකතු වූ උපුල් තරංග සහ දසුන් ශානක ශ්‍රි ලංකා ඉනිම ලකුණු 210 ක් දක්වා රැගෙන යාමට සමත් වුණා.
දසුන් ශානක පන්දු 11 කින් ලකුණු 30 ක් සහ උපුල් තරංග පන්දු 13 කින් ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමේ මුල් කඩුළු 3 ලකුණු 30 ක් ඇතුලත දවා ගැනීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වුණා.ටැමිම් ඉක්බාල් ලකුණු 23 ක් සහ මහමුදුල්ලා ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වූණා.
පන්දුවාර 18.4 ක් අවසානයේ සියලු දෙනාම දැවි බංගලාදේශයට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 135 ක් පමණයි.ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 75 ක විශිෂ්ට ජයග්‍රහනයක් හිමි වුණා.ඒ අනුව 20/20 ශූරතාවයද 2-0 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරණු ලැබුවා.