News

මියගියා යැයි කී පුරවැසියා ඡන්ද පත්‍රිකාවත් සමග ඡන්ද මධ්‍යස්ථානයේ

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තමන්ට ලැබී ඇති ඡන්ද පත්‍රිකාවේ  “ අදාළ ඡන්ද හිමියා මියගොස් ඇති බව වාර්තා වී ඇත “ යනුවෙන් සටහන් කර තිබීම නිසා තමන් අපහසුතාවයට පත්වු බව මහනුවර උඩුනුවර අප්පල්ලාගොඩ ගම වෙලම්බඩ පදිංචි මොහමද් රාසික් මුහම්මද් නාසීර් මහතා කියයි.තමන් වසර 7 ක් පමණ විදෙස් රැකියාවක නියුතුව සිට වසරකට පමණ පෙර නැවතත් මෙරටට පැමිණි ඇති බව ඔහු කීය.

දැල්විටිය ජනපදයේ මහ/දෙනු විජය ලංකා කනිෂ්ඨ විද්‍යාලයේ අංක 2,  ඡන්ද මධ්‍යස්ථානයට ගිය පසු එහිදි ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදුන් බවත් ඔහු මියගොස් ඇති බව ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් පැවසු බවත් ඔහු පැවසීය.

ඉන් පසු අදාළ ග්‍රාමසේවකවරයා වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැහදිලි කිරීමෙන් පසු නැවත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුන් බවද ඔහු කීය.

 

 

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top