News

අනියම් බිරියගෙන් වෙන්ව යද්දී කරවල ග්‍රෑම් 250ක් ඉල්ලලා

වසර ගණනාවක් එක වහලක් යට ජීවත් වූ 66 හැවිරිදි පුද්ගලයකු සිය බිරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඇයගෙන් වෙන්ව යාමට නම් ඇයට ගෙනැවිත් දුන් කරවල ග්‍රෑම් 250ද ඉල්ලීමේ සිද්ධියක් කටුගස්තොට පොලිසියෙන් වාර්තාවිය.

දැනගන්නට ඇතිපරිදි සිද්ධිය සැකෙවින් මෙසේය.

දැනට 53 වන වියේ පසුවන මෙම කාන්තාවගේ සැමියා වසර කිහිපයකට පෙර මියගොස් ඇති අතර ඉන්පසුව ඇය වෙනත් පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වා තිබේ. ඒ අතරතුර මෙම පුද්ගලයා වෙනත් කාන්තාවන් ඇසුරු කරන බවට ඇයට සැකයක් මතුවීම නිසා කාන්තාව ඔහුගෙන් වෙන්වී නිවසක් කුලියට ගෙන පැමිණ තිබේ.

මෙම නිවසටද ඇය සොයා පැමිණ ඇති ඔහු ඇය සමග තවදුරටත් ජීවත් වීමට අවශ්‍ය බව පවසා තිබේ. එයට අකැමැති වූ කාන්තාව මේ සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දමා ඇත.

ඒ අනුව පොලිසිය මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී නැවත ඔහු සමග ජීවත් වීමට ඇය කොහෙත්ම එකඟ නොවීම නිසා ඇයගෙන් වෙන්වීමට නම් ඇයට ලබාදුන් භාණ්ඩ සියල්ල ඔහු නැවත ඉල්ලා තිබේ.

එම භාණ්ඩ අතර කැඩුණු ඇඳක්, ස්ටූලයක්, කේතලයක් වූ අතර එයට අමතරව ඔහු ඇයට ගෙනැවිත් දී තිබූ කරවල ග්‍රෑම් 250ද ඉල්ලා තිබේ. ඒ අනුව පොලීසිය මැදිහත් වී එම භාණ්ඩ සමග කරවල කෑල්ලද ඔහුට ලබාදී ඇති අතර එම කරවල කෑල්ලද බදාගෙන ඔහු හැර යාමට නොහැකි බව පවසමින් පොලීසිය තුළ හඬා වැටී තිබේ.

කටුගස්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ උපදෙස් මත සැරයන් වජිර (30508), විජේවීර (29172) යන මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළහ.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top