පලමු ඉනිම ක්රිඩා කල ඉන්දියානු කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 172 ක් ලබාගත් අතර එහිදී පුජාරා අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.
ශ්රි ලංකා පලමු ඉනිම ලකුණු 294 ලබාගත් අතර ශ්රි ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ රංගන හේරත්ය.
ඉන්පසු ඉන්දියානු දෙවෙනි අවසන් වූයේ 352-8 ලෙසය.එහිදී විරාට් කෝලි ශතකයක් ලබාගැනීමට සමත් වූයේය.
බොහෝ කාලයකට පසු රංගන හේරත්ට එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වීමද විෂේශ සිදුවීමකි.
231 ජයග්රුාහි ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්රි ලංකා කණ්ඩායමේ ලකුණු 75 ට කඩුළු 7 ක් බිද වැටී තිබුන අසීරු මොහොතේදී ආලෝක තත්වය අඩුවීම නිසා තරගය නතර කිරීමට විනිසුරු වරුන් තීරනය කරන ලදී.
ඒ අනුව ඉන්දියා ශ්රි ලංකා පලමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් විය.