විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි මේ වර්ෂයේදී තෙවතාවක්ම බන්ධනාගාර ගත කෙරිණි. නීතියට පටහැනිව යමින් ප්‍රසිද්ධ රැස්වීම් හා විරෝධතා රැලි සංවිධාන කිරීම ඔහුට එල්ල වූ චෝදනාවය.
මෑතක පළවු සිවිල් සමාජ සංවර්ධන අරමුදලේ වාර්තාව මඟින් පෙන්වා තිබුණේද පුටින්ගේ ජනප්‍රියත්වය ඉහළ යමින් ඇති බවය. මේ බව දැක්වූ තෙවන වාර්තාව එයයි. මීට පෙරද එවැනි වාර්තා 2ක් නිකුත් විය. පුටින්ගේ ආධාරකරුවෝ ඔහුගේ මතවාදය මෙන්ම දේශපාලන වැඩපිළිවෙළ ඉහළින් අනුමත කිරීම ඔහුට ඇති ප්‍රබලම ශක්තිය බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
රුසියාවේ සම්ප්‍රදායික අගනාකම් සම්බන්ධයෙන් ඔහු තුළ ඇති ඇල්ම, රුසියාව සංවර්ධනය කිරීමේදී ඔහුගේ වැඩපිළිවෙළ ලබා ඇති සාර්ථකත්වය, එරට ස්වාධීන විදේශ ප්‍රතිපත්තිය වැනි කාරණා ජනාධිපති පුටින්ට බහුතරයකගේ සහාය පළවීමට බලපා ඇති බව ඔවුහු පෙන්වා දෙති.
පුටින් එක්සත් රුසියා පක්ෂයේ නායකයාය. ඩුමාව හෙවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 මෙන්ම පාර්ලිමේන්තු නියෝජනයක් නැති දේශපාලන බලවේගවලද සහාය දිනා ගැනීමට පුටින් සමත්ව සිටී. එයද ඔහුට විශාල ශක්තියකි. පුටින්ගේ බහුතරයේ තරුණ නියෝජනයද කැපීපෙනෙන කාරණයකි. එරට තරුණ පෙළ දිනාගැනීමට ඔහුට හැකිවී ඇති බව ඉන් පැහැදිලි වේ.
සිදුව ඇති සමීක්ෂණවලට අනුව පුටින් 61-66% ක පමණ ප්‍රතිඵලයක් ලබාගනු ඇත. මෙය 75% දක්වා වුව ඉහළ යාමට ඉඩ ඇතැයි අනුමාන කෙරේ. එවැනි අතිවිශාල ඡන්ද ප්‍රතිශතයක් ලැබීමේ තේරුම ඔහුට අභියෝගයක් විය හැකි අපේක්ෂකයකු තරග බිමේ නොමැති බවය. නවාල්නිගේ ආධාරකරුවෝ පවසන්නේ පුටින්ට අභියෝග කළ හැකි එකම අපේක්ෂකයා ඔහු බවයි. එහෙත් ඔහු මේ දක්වා ප්‍රතිඵල පෙන්වා නැත.
රුසියානු ජනාධිපතිවරණයට අමෙරිකාව මැදිහත්වීම ගැනද අවධානයට ලක්ව තිබේ. නවාල්නිට ජනාධිපතිවරණය තහනම් වීම විවේචනය කරමින් අමෙරිකාව දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රතික්ෂේප කරන බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවරිය ෂකරොව පවසා තිබිණි. එම ප්‍රතිචාරය තම රටේ ජනාධිපතිවරණයට අමෙරිකාව මැදිහත්වීමක් බව පවසා සිටි ඇය රුසියාව ඊට එරෙහිව අනතුරු අඟවන බව කියා සිටියාය.
එම ප්‍රකාශය හුදෙක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රකාශයක් ලෙස සලකා බැහැර නොකරන බවද තම රටේ අභ්‍යන්තර කටයුතු සහ මැතිවරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් ලෙස සලකන බවද එහි වැඩිදුරටත් දැක්විණි.
අෙමරිකාෙව් මැදිහත් වීම
අමෙරිකාව නිකුත් කළ ප්‍රකාශයේ රුසියාව මෙම මැතිවරණයේදී ස්වාධීන හඬවල් යටපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් විය. නවාල්නි පිටුපස අමෙරිකාව සහ රුසියානු විරෝධී බලවේග සිටින බවට මීට පෙර සිටම චෝදනා එල්ල විය. පුටින්ගේ පාලනය බිඳදැමීම සඳහා ඔහු කුමන්ත්‍රණකාරී ලෙස මෙහෙයවමින් සිටින බවට මත පළවිණි. ජනාධිපතිවරණ සටන ඇරැඹීමත් සමඟ එම බලවේග යළිත් ක්‍රියාත්මක වී ඇති බව පෙනෙන්නට තිබේ.
විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව සඳහන් කරන පරිදි අමෙරිකානු ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඇති හාස්‍යජනක තත්ත්වය නම්, ඉකුත් අමෙරිකානු ජනාධිපතිවරණයේදී රුසියානු බුද්ධි අංශ ඊට මැදිහත් වූ බවට විවේචනය කළ අයම මෙලෙස ක්‍රියාකිරීමය. R. T ස්පුට්නික් ආදී ලේබල්වලින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් හඳුන්වා දෙමින් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වූ වොෂින්ටන් බලධාරින් තම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම හාස්‍යජනක බව ඇය කියා තිබේ.
රුසියාවට එරෙහිව මාධ්‍යයද යොදාගනිමින් දැවැන්ත ප්‍රචාරයක් ගෙනයාමට අමෙරිකාව විශාල ලෙස මුදල් ආයෝජනය කරමින් සිටින බවද රුසියාව දක්වා ඇත.
නවාල්නිගේ තහංචිය
ඉකුත් අමෙරිකා ජනාධිපතිවරණයේදී රුසියානු බුද්ධි අංශ ට්‍රම්ප් බලයට ගෙනඒම සඳහා ක්‍රියාත්මක වූ බවට අමෙරිකානු බුද්ධි අංශවලින් චෝදනා එල්ල විය. මේ පිළිබඳ පරීක්ෂණ කිහිපයක්ද දියත් විය. ට්‍රම්ප් පාලනය සහ මොස්කව් බලධාරින් අතර මිත්‍රත්වයක් ගොඩනැගී ඇති බවටද මත පළ විය.
මැතිවරණය වර්ජනය කළ යුතු බවට නවාල්නි කරන ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය ප්‍රවේශමෙන් විමසීමට ලක්කළ යුතු බව කෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි ප්‍රෙස්කොව් පවසා තිබේ.
ඉකුත් අඟහරුවාදා යුරෝපා සංගමයද නවාල්නිට එරෙහිව පැනවුණු තහංචිය ගැන ප්‍රකාශයක් කර තිබිණි. මැතිවරණයේ සාධාරණත්වය ගැන ඉන් සැක මතුවන බවද බහුවිධ අදහස් හා මතවාදවලට ඇති අවකාශය ඉන් ඇහිරී තිබේද යන්න අවධානයට ලක්විය යුතු බවද එය සඳහන් විය.
යුරෝපා සංගමයේ ප්‍රකාශයද අමෙරිකාව නිකුත් කළ ප්‍රකාශය මෙන්ම එරට අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීමක් ලෙස අර්ථවිවරණය කරගත හැකිය. එසේනම් එය අනුමත කළ හැකි තත්ත්වයක් නොවේ. කෙසේ වූවද මේ ප්‍රකාශය පිළිබඳ රුසියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එල්ල වන බාහිර බලපෑම් පිළිබඳ ඔවුන් අවධානයෙන් හා අවබෝධයෙන් පසුවන බව නම් පැහැදිලි වේ.
නවාල්නි පවසන පරිදි ඔහුට හිතවාදී කොටස් වීදි විරෝධතාවලට යොමුවීමට ඉඩ තිබේ. මැතිවරණ වර්ජනයක්ද ඔහු ප්‍රකාශ කර ඇති තත්ත්වයක මැතිවරණයේ සාමකාමී බවට බලපෑම් ඇතිවීමටද ඉඩ ඇත. මේ කිසිවක් ප්‍රතිඵලයට බලපෑම් ඇතිකරනු ඇත්දැයි කිව නොහැකිය. බහුතර ජනමතය පුටින් සමඟ පවතින තාක් ඔහුට එරෙහිව සිදුවන කුමන්ත්‍රණ ජයග්‍රාහි ඒවා නොවනු ඇත.