gossip

මුහුණු පොතෙන් පෙම් බැදි උඩවලවේ තරුණියක් අතවරයට ලක්වේ

මුහුණු පොතෙන් හඳුනාගෙන පෙම් බැඳි තරුණයකු අතින් වයස අවුරුදු 17 ක රූමත් තරුණියක්‌ අතවරයට ලක්‌වූ සිද්ධියක්‌ බලන්ගොඩ වැලිගෙපොල පොලිසියෙන් වාර්තාවේ. වාර්තාවී ඇති කරුණු අනුව සිද්ධිය මෙසේය.

මෙම සිද්ධියට මුහුණදුන් තරුණිය ජීවත් වූයේ උඩවලව ප්‍රදේශයේ. මාසයක පමණ කාලයක්‌ මුහුණු පොතෙන් හඳුනාගත් තරුණයකු සමග අදහස්‌ හුවමාරු කර ගත්තාය. ෆේස්‌බුක්‌ පිටුවේ තරුණයාගේ ඡායාරූපයට වසඟ වූ මැය ඔහු විසින් අටවන ලද උගුලට අසුවිය.

මැය විවාහ කරගන්නා බවට පොරොන්දුවී පසුගිය 20 දා කොළඹට එන ලෙසත් එහිදී හමුවන ආකාරයත් තරුණයා පැහැදිලි කළේය. තමා බස්‌ රථයට ගොඩවූ සැණින් නොදුටු පෙම්වතාට ඇමතුමක්‌ ලබා දුන්නේය. නමුත් ඔහු මැයට ඇමතුම් ලබා දෙමින් සිටියත් කොළඹට බසය කිට්‌ටු වන විට යළි මෙවන් ඇමතුමක්‌ දුන්නේය.

මට අද කම්පැණියේ හදිසි වැඩක්‌ යෙදුණා. මම කාර් එකත් සූදානම් කරගෙන ඔෆිස්‌ එකේ ඉන්නේ. ඔයාට බහින්න කියන තැනට මගේ යාළුවා එයි. එයත් එක්‌ක එන්න. බය වෙන්න දෙයක්‌ නෑ. යාළුවාගේ හැඩරුව, හඳුනාගැනීමට දුරකථන අංකයක්‌ද ලබා දුන්නේය.

ගමේ හැදුණු වැඩුණු මැයට අත්දැකීම් සීමා සහිතය. එනිසාම බසයෙන් බැස අදාළ දුරකථනයට ඇමතුමක්‌ ලබාදෙන විටම තරුණයකු මැය වෙත පැමිණ මම ආවේ ඔයාගේ යාළුවගේ වැඩේට. අපි යමු කියා වෙනත් බසයකට ගොඩවී ටික දුරක්‌ පැමිණ අතරමගදී ආපන ශාලාවකට ගොස්‌ කොත්තු රොටී ආහාරයට ගෙන බීම බෝතල දෙකක්‌ද රැගෙන යළි වෙනත් බසයකට ගොඩවී තව “ටික දුරක්‌ යන්න තියෙන්නෙ” කියා පැවැසීය.

ඉන්පසු නින්ද ගියමැය අවදිවී බලන විට සිටියේ බළන්ගොඩය. ඉන්පසු තරුණයා පවසා ඇත්තේ “අපි දැන් අක්‌කලාගේ ගෙදර යමු. යාළුවට හෙට උදේ එහාට එන්න කියමු” කියා හඳගිරිය ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගොස්‌ රාත්‍රියේදී අතවර කර ඇත. ඉන්පසු මැයගේ දෙමාපියන් දුව නිවසේ නොසිටි බැවින් සෙවීමට පටන්ගෙන ඇත. අනතුරුව තරුණිය විසින් ලබාදුන් දුරකථන පණිවුඩයට අනුව වැඩිහිටියන් සමග පොලිසියට ගොස්‌ පැමිණිල්ල ඉදිරිපත් කරන විටත් තරුණියගේ ජීවිතයේ වටිනාම දේ අහිමිවී හමාරය.

මෙම තරුණිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත (24 දා) ඉදිරිපත් කර තිබේ. වැඩිදුර පරීක්‍ෂණ වැලිගෙපොල පොලිසිය මගින් දියත් කර ඇති අතර අදාළ වංචාව සිදුකළ තරුණයා ප්‍රදේශය මගහැර ගොස්‌ ඇති බව වාර්තාවේ.

මුහුණු පොතේ ව්‍යාජ ඡායාරූපයකට මුලාවී කපටි කාමාතුරයකුගේ උගුලකට හසුවූ මෙම පුවත බොහෝ දෙනකුට ආදර්ශයකි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top