ක්‍රිඩා

පාන්ඩ්‍යාගෙන් ලැබූ තෑග්ග ගැන චාමික කරුණාරත්න තැබූ සටහන

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ පළමු පන්දුවාර 20 තරඟයට පෙර පැවති පුහුණුවීම් අතර වාරයේදී ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී එන තුන් ඉරියව ක්‍රීඩක චාමික කරුණාරත්නට ක්‍රිකට් පිත්තක් තෑගි කරනවා.

ඔහු ඊයේ තරගයේදී පන්දුවට පහර දුන්නේ එම පිත්ත උපයෝගී කරගනිමින්.

මේ අවස්ථාව පිළිබඳව චාමික කරුණාරත්න සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙලෙස සටහනක් යොදා තිබුණා.

“ක්‍රිකට් ක්‍රීඩාවේ මම ආදර්ශයට ගන්නා පුද්ගලයා වන හර්දික් පාණ්ඩ්‍යාගෙන් පිත්තක් ලැබීම මට බෙහෙවින්ම සතුටට කරුණක්. විශේෂයෙන්ම මාගේ මංගල පන්දුවාර විස්ස තරඟයේදී ලැබුණු මෙම අගය කිරීම මට කොහොමත් විශේෂයි, මේ දිනය මට කිසි දිනක අමතක නොවනවා සේම ඔබවත්, ඔබගේ මානුෂීය ගුණාංගත් කිසි දිනක අමතක නොවනු ඇති.”

හර්දික් පාණ්ඩ්‍යා ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වන අතර මද වේග පන්දු යවන ඔහු වැරෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටයි.

ඊයේ පැවති තරගය ශ්‍රි ලංකා කණ්ඩායම පරාජය වුවත් ඉදිරි තරග දෙක ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.හෙට රාත්‍රි 8 ට දෙවන 20-20 තරගය ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම සොයා ගැනීම වන චාමික කරුණාරත්න ද ඉන්දීය කණ්ඩායම සමඟ තරඟ කිහිපයේදී අනාගතයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බවට පෙර මඟ ලකුණු සනිටුහන් කරන්නට සමත් වී තිබෙනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top