ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා පහක්.
1. අයින්ස්ටයින් තම ඇඳුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි..
පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා කළේය.. දිනක් ඔහු විශ්වවිද්‍යාලයට යාමට ලෑස්තිවෙනවිට බිරිද එහි විත් ,
” මේ පොඩ්ඩක් හොඳට අදින්නකෝ..?”
“මොකටද..? .. මම මම කියලා හැමෝම එතන දන්නවනේ ” අයින්ස්ටයින් කීය. බිරිද කරබාගෙන යන්නට ගියාය.
තවත් දිනක අයින්ස්ටයින් දේශනයක් කිරීමට යාමට සූදානම් විය .
“අදවත් පොඩ්ඩ්ඩක් ලස්සනට ගියොත් නරකද ?” බිරිද ඇසීය .
“මොකටද..? මාව කවුරුත් එතන දැන්නවැයැ ?” අයින්ස්ටයින් කීය. බිරිද කරබාගෙන ගියාය.
2. සාපේක්ෂතාවාදය පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුණ විට ඔහු එය පැහැදිලි කලේ මෙසේය.
” ගිනි දැල්වූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි”
” ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න . ඒක මිනිත්තුවක් වගේ දැනේවි ”
“ඕක තමයි සාපේක්ෂතාවාදය. එහෙනම් ඕගොල්ලෝ උදුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් වාඩි වෙලා ඉන්න ” අයින්ස්ටයින් පැවසීය.
3. අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් සරසවියේ සේවය කරන කාලයේ දවසාවසානයේ ගෙදර යාමට කැබ් රථයකට නැංග විට ගෙදරට යා යුතු මාර්ගය ඔහුට අමතක වින. කැබ් රියදුරාත් ඔහුව හදුනාගත්තේ නැත .
” මේ.. අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද ඔහේ?” අයිස්ටයින් රියදුරාගෙන් ඇසීය
“කව්ද එහේ නොදන්නේ? මොකද මිනිහව හමබවෙන්න ඕනෙද ?”
“මම තමා අයින්ස්ටයින්. මාව එහෙට ගිහින් දානවද ?”
රියදුරා අයින්ස්ටයින්ව ගෙදරට ඇරලූ අතර ගාස්තුවද නොගත්තේය.
4. දිනක් අයින්ස්ටයින් දුම්රියෙන් ගමනක් යනවිට ටිකට් පරීක්ෂක ටිකට් බලමින් ඔහු සිටින අසුන දෙසට ආවේය.
අයින්ස්ටයින්ගෙන් ටිකට් පත විමසූ විට අයිස්ටයින් සාක්කුවට අත දමා බැලුවද ටිකට් එක සොයාගැනීමට නොහැකි විය…
කලිසම් සාක්කුවල සහ ගමන් මල්ලේද ටිකට් එක තිබුනේ නැත…
ඔහු හැමතැනම ටිකට් එක සොයන බව දුටු ටිකට් පරීක්ෂක ” අයින්ස්ටයින් මහත්මයා.. කමක් නෑ ටිකට් නැති වුනාට . ඔයා කවුද කියලා අපි දන්නවනේ. කමක් නෑ.” යනුවෙන් පැවසීය… ඉන්පසුව අයින්ස්ටයින්ව පසු කර අනික් මගීන්ගේ ටිකට් පරීක්ෂාකරමින් ගමන් කළේය.
ටිකට් පරීක්ෂක අනිත් දුම්රිය මැදිරියට යාමට පෙර නිකමට හිස හරවා බැලූ විට දුටුවේ දණගාමින් සීට් යට තම ටිකට් එක සොයන අයින්ස්ටයින්වය…
වහාම ඔහු වෙත දුව ආ ටිකට් පරීක්ෂක” අය්යෝ අයින්ස්ටයින් මහත්තයෝ… මම කිව්වනේ ටිකට් ඕනේ නෑ කියලා. ඔහෙව නොදන්න කෙනෙක් මේ ට්‍රේන් එකේ ඉන්නවද ? ඕක අල්ලල්ලා දාන්න.. ”
අයින්ස්ටයින් ඔහු දෙස බලා ” හරි හරි.. මමත් දන්නවා මම කවුද කියලා. හැබැයි ප්‍රශ්ණේ තියෙන්නේ මම දන්නේ නෑ මම කොහෙන්ද යන්නේ,බහින්න ඕන ස්ටේසම මොකක්ද කියලා…. ඒකයි මේ ටිකට් එක හොයන්නේ ..!! ” යනුවෙන් පැවසීය….
6. දිනක් අයිස්ටයින් බසයෙන් ගමනක් යෑමට ටිකට පතක් මිළදීගෙන,
තමන්ට ලැබුණු ඉතුරු මුදල් ගණන් කර “මේ ඉතුරු සල්ලි වැරදීනේ” යනුවෙන් අදාළ පුද්ගලයාට පැවසීය….
අයිස්ටයින්ව හදුනානොගත් ඔහු “කෝ බලන්න ..?” යනුවෙන් ඉතුරු සල්ලි පරීක්ෂාකර ” මේ තියෙන්නේ හරියට ? ඔහේට ගණන් බැරිද ?” යනුවෙන් ඇසීය.
අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න
උපුටා ගැනීමකි පොතකින්….