දැනුම

නිකොලො ටෙස්ලාගේ ලොවක් මවිත කල සොයාගැනීම

HAARP | ලොව භයානකම ආයුධය

HAARP කියන්නෙ ලෝකයේ ඕනෑම තැනක් කෙටි කාලයකින් සම්පූර්ණයෙන් ජීවයෙන් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමේ හැකියාව ඇති ලෝකයේ භයානකම ආයුධයයි. මේකට කාලගුණය පවා පාලනය කරන්න පුළුවන්. හයිඩ්‍රජන් බෝම්බ පවා මේකට සාපේක්ෂව සෙල්ලම් බඩු වගේ.

Image result for haarp

HAARP (High Frequency Active Auroral Research Programme)
මේක නිර්මාණය කෙරුණේ සැබෑ ලෝකයේ මායාකරුවා වන නිකොලා ටෙස්ලා විසින්. ඔබ මීට කලින් නිකොලා ටෙස්ලා ගැන අහල නැතිනම් මුලින්ම මෙතනින් ටෙස්ලා ගැන ලිපිය කියවා සිටීම වඩාත් සුදුසුයි. මොකද ඔබ ජීවිතයේ එක් වරක් හෝ විදුලිය පාවිච්චි කරල තියෙනවා නම් ඔබ ඔහුට ණයගැති නිසා.

නිකොලා ටෙස්ලා කියන්නෙ මිනිසාගේ සුභසෙත පිණිස නිර්මාණ කල අයෙකු මිස මිනිසා විනාශ කිරීමට අයුධ තැනූ අයෙකු නෙවෙයි. එහෙම නම් මේ ආයුධය ඔහු අතින් බිහිවුණේ කොහොමද?

මේක ටෙස්ලා නිර්මාණය කලේ ආයුධයක් හැටියට නෙමෙයි. හිතන්නකො අපි පිහියෙන් කොච්චර ප්‍රයෝජන ගන්නවද? ඒත් ඒ පිහියෙන්ම මිනී මරන්නත් පුළුවන්නෙ. මේකත් ඒ වගේ වැඩක්.

පෘථිවි පෘෂ්ඨයේ ඉඳල 80km 85 km වගේ ඉහළින් වායුගෝලය එහෙම පහු කරගෙන යද්දි තියෙනවා අයනගෝලය (Ionosphere) කියල එකක්. අපි යවන ගුවන්විදුලි සංඥා ඔක්කොම කණ්නාඩියක් වගේ මේ අයනගෝලයේ පරාවර්තනය වෙලා තමයි අනෙක් පැත්තට ලැබෙන්න.

හරියට බිත්තියකට ගහපු බෝලයක් බම්ප් වෙලා එනව වගේ. ටෙස්ලාට ඕන වුණා මේ අයනගෝලය තව පොඩ්ඩක් පෘථිවියෙන් දුරස් කරන්න. මොකද එතකොට දැන් තරංගයක් යවන්න පුළුවන් උපරිම දුරට වඩා වැඩි දුරකට තරංගයක් යැවීමේ හැකියාව ලැබෙන නිසා. මේ රූපය බලලම ඒ කියපු කතාව තේරුම්ගන්නකො.

ඕක කරන්න තමයි HAARP එක පාවිච්චි කරන්නෙ. HAARP කියන්නෙ අක්කර ගණනක් පුරාවට ශ්‍රේණිගත සහ සමාන්තරගත විශාල ඇන්ටනා සිය ගණනක් array එකක් හැටියට සකස් කරපු ඇටවුමක්. ඔය ඇන්ටනා වලින් වෝල්ට් ලක්ෂ ගණනක විද්‍යුත් කම්පනයක් එකවර අයනගෝලය දෙසට එල්ල කරනවා. එතකොට තමයි අයනගෝලය ටිකක් පස්සට යන්නෙ.

ඉතින් කොහොමද ඕක ආයුධයක් වෙන්නෙ??

මෙහෙමයි වැඩේ. අයනගෝලය හැදිල තියෙන්නෙ ධන ආරෝපිත අංශු වලින්. මෙසපොටේමියානු ශිෂ්ටාචාරය ගැන ලිපියෙත් ඒ ගැන කිව්වා මතක ඇතිනෙ? සූර්ය සුළං වගේ සංසිද්ධි වලදි සූර්යයාගේ ඉඳල එනවා ධන ආරෝපිත ඇල්ෆා අංශු. මේ අංශු අතිශය භයානකයි.

මේ අංශුවක් පොළොවට වැදුනොත් ඒ තැන ඔක්සිකරණය වෙන්න පටන්ගන්නවා. මිනිස්සු සත්තු ගස් හැමදේම ටික කාලයකින් ඉවරයි. ඒත් නතර වෙන්නෙ නෑ. පොළොවත් ඔක්සිකරණය කරලයි මේ අංශු නතර වෙන්නෙ. අපේ අයනගෝලය තමයි මේ අංශු වලින් අපිව බේරගන්නෙ.

අයනගෝලයත් ධන ආරෝපිත නිසා එයාට පුළුවන් මේ සූර්ය අංශු ලස්සනට විකර්ෂණය කරල අපි හැමෝම බේරගන්න.

අතීතයේදි අඟහරුගෙ හැකිලීම නිසා එහි ඇතුලත තිබුණ ද්‍රව ලෝහ හරය ඝන බවට පත්වුණා. ඒකෙන් වුණේ අඟහරු තුල චුම්භක ස්‍රාව ඡේදනය නතර වීම. ඊට පස්සෙ අඟහරුගෙ චුම්භක ක්ෂේත්‍රය දුර්වල වෙන්න ගත්තා. ඒකෙ අවසාන ප්‍රතිඵලය වුණේ අඟහරුගෙ අයනගෝලය අතුරුදන් වීම.

අන්තිමට අර අහිතකර ධන ආරෝපිත සූර්ය අංශු කෙලින්ම ඇවිත් මුළු අඟහරු පෘෂ්ඨයම ඔක්සිකරණය වෙන්න ගත්තා. අඟහරු පස් වල තිබ්බ යකඩ ටික පවා ඔක්සිකරණය වෙලා මළකඩ බවට පත්වුණා!

අද අපිට අඟහරු තනිකරම මළකඩ පාටින් පෙනෙන්නෙ ඔය හේතුව නිසයි. ඉතින් අපේ අයනගෝලයට ඔබත් මමත් අපි හැමෝමත් තවමත් කොළ පාටින් බබලන අපේ සුන්දර ලෝකයත් කොච්චර ණයගැතිද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ?

HAARP එකෙ පාවිච්චි කරල පුළුවන් ලෝකෙ අපිට ඕන කොහෙහරි තැනක අයනගෝලය දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඈත් කරලා සිදුරක් හදන්න.

එතකොට සතුරු රටකට ඉහළින් මේ සිදුර ඇතිකරොත් ඒ තුලින් සූර්යයා සිට පැමිණෙන ධන ආරෝපිත අංශු ගැටිලා ඒ මුළු රටම ටික කාලයකින් ජීවයක් තිබුණද කියල වත් හොයන්න බැරි තරමට දූවිලි සහ මළකඩ ගොඩක් බවට පත්වෙයි.

ටෙස්ලාට තේරුණා තමන් මේ මිනිසුන්ගෙ සුභසෙත වෙනුවෙන් හදපු නිර්මාණය දවසක ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් බව. ඒ නිසා ඔහු මේ තොරතුරු කිසිවක් ප්‍රසිද්ධ කරේ නැහැ. ටෙස්ලා ගැන ලිපිය කියෙව්ව නම් හිතාගන්න පුළුවන්නෙ ඔහු කොච්චර අඩුවෙන් සටහන් භාවිතා කල අයෙක්ද කියන බව. මේකෙදිත් එහෙමයි.

නිකොලා ටෙස්ලාගෙ අභාවයෙන් පස්සෙ ටෙස්ලාගෙ සියළුම සටහන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු FBI ආයතනය මගින් අත්අඩංගුවට ගැණුනා. ඔවුන්ට අවශ්‍ය වුණේ ටෙස්ලාගේ සටහන් භාවිතා කරලා දෙවන ලෝක යුද්ධයට ආයුධ හදන්න. නමුත් දශක ගණනක් යනතුරුත් ඒ සටහන් තේරුම්ගන්න තරම් වත් බුද්ධිමත් විද්‍යාඥයන් ඇමරිකාව සතු වුණේ නෑ.

වරක් ටයිම්ස් සඟරාවෙ මාධ්‍යවේදියෙක් සියවසේ විද්‍යාඥයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගෙන් අසනවා “ලෝකෙයේ බුද්ධිමත්ම මිනිසා වීමට ලැබීම ගැන ඔබ මොකද හිතන්නෙ?” කියා. එවිට අයින්ස්ටයින් පිළිතුරු දෙන්නේ “ඔබ එය ඇසිය යුත්තේ නිකොලා ටෙස්ලාගෙනි” ලෙසයි.

මේ තත්වය යටතේ දෙවන ලෝක යුද්ධය අවසන් වෙනතුරුත් ටෙස්ලාගේ සටහන් තේරුම්ගෙන ආයුධ නිපදවීමට ඇමරිකාවට හැකිවුණේ නැහැ. අවසානයේ මෙම සියළු ලේඛන යුධ වකවානුව තුළදී අතුරුදන් වී ඇති බවට ඇමරිකාව ලොවට ප්‍රකාශ කරනවා.

හැබැයි ඉතින් පරීක්ෂණ කටයුතු නම් දිගටම කෙරුණා. අන්තිමේදි ඔවුන් ඇමරිකාවටම අයත් භූමියක් වන ඇලැස්කාවේදී ඇන්ටනා පද්ධති 48ක array එකක් සහිතව HAARP ගොඩනගනවා.

HAARP හි තවත් එක හැකියාවක් තමයි භූමිකම්පා ඇතිකිරීමේ හැකියාව. යම් ස්ථානයක් ඉලක්ක කර පොළොව තුලට කම්පන තරංග එල්ලකිරීම තුලිනුයි මෙය සිදුකරන්නෙ.

ඇලැස්කාව, හයිටි, නේපාලය, ඉරානය වැනි රටවල ඇතිවූ භූචලන වලට බොහෝ රටවලින් සෘජුව ඇඟිල්ල දිගුවුණේ මෙම HAARP ව්‍යාපෘතියටයි. මෙම භූචලන වලට තම අත්හදා බැලීම් වල සම්බන්ධයක් ඇති බව පිළිනොගත්තත් 2014 මැයි මාසයේදී මෙම HAARP ව්‍යාපෘතිය “නිළ වශයෙන්” නතර කිරීමට ඇමරිකානු රජය කටයුතු කළා.

කොහොම වුණත් 3 වෙනි ලෝක යුද්ධයක් ඇතිවුණ දවසක මේ ආයුධය එළිපිටම නැවතත් ක්‍රියාත්මක වෙයි. එදාට මෙමගින් අයනගෝලයේ ඇතිකරන සිදුරු යළි වසාදැමිය හැකි ක්‍රමයක් සොයාගන්නට තරම් බුද්ධිමතෙකු ලෝකයේ බිහිනොවුණොත් පෘථිවිය තවත් අඟහරු ලෝකයක් වෙන එක නතර කරන්න නම් කාටවත්ම බැරිවෙයි.

-Rehan Mendis

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top