News

ෆේස්බුක් ඔස්සේ මේ දින වල හුවමාරු වන ප්‍රතිපත්ති සියල්ල අසත්‍යයයි – සීලරතන හිමි

තම ප්‍රතිපත්ති යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්‍‍සේ හුවමාරු වන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බව ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසයි.

ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති සියල්ල අසත්‍යයයි-සීලරතන හිමි

උන්වහන්සේ කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

කවුරුන් විසින් හෝ ව්‍යාජ ජනප්‍රියතාවක් ලබාගැනීමේ අරමුණින් සිදු කර ඇති මෙම ක්‍රියාව මඟින් තමන් සහ තම පක්ෂය අපහාසයට ලක් කර ඇති බව උන්වහන්සේ සඳහන් කළේය.

මෙම ව්‍යාජ ප්‍රතිපත්ති හේතුවෙන් තම පක්ෂයේ නියම ප්‍රතිපත්ති සමාජගත කිරීම බරපතල ගැටළුවක් වී ඇති බවද පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අවධාරණය කරයි.

මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිපත්ති අපහාසයට ලක් කිරීම , විකෘති කිරීම ආදිය දැඩිව හෙළා දකින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂීකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රකාශයට පත් කරමින් ජන්ද දායකයින් නොමඟ යැවීමේ වැඩපිළිවෙළක් ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඇතැම් අපේක්ෂකයින් විසින් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ප්‍රතිරූපයට හා ජනප්‍රියතාවට හානි සිදුකිරීම සඳහා ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් කටයුතු කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා බාධාවක් වන බව ආරියංවශ මහත්මියගේ අදහසයි.

මෙම සමාජ මාධ්‍ය මැතිවරණ මෙහෙයුම් සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳව සුදුසු පියවර ගැනීම සඳහා මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කැෆේ සංවිධානය අපේක්ෂා කරන බවද ඇය පෙන්වා දුන්නාය.

මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ පටන් මේ වනවිට කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 161ක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් බහුතරය රාජ්‍ය දේපළ අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම – Ada Derana

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top