ජනපති නැවතත් ජාතික ආණ්ඩුවකට අනුමැති දෙයි

පසුගිය කාලයේ සිදු වූ දේවල් සමග රටේ දේශපාලන අස්තාවර බවක් ඇති වුනා.නැවතත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දී යළිත් වතාවක් පෙරළිකාර දේශපාලන තීන්දුවක් ගෙන ඇතැයි සති අන්ත පුවත්පත් අද වාර්තා කර තිබේ.
ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා බාධා නොකරන බවට ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂයට දන්වා ඇති බව වාර්තාවන්හි සදහන්ය.මෙය මැතිවරණ වර්ෂයක් බවටද ජනපති මීට සති කිහිපයකට පෙර ප්‍රකාශයට පත්කර තිබුණි
මේ වන විට නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කිසිදු අමාත්‍ය ධූරයක් දරන්නේ නැත.එයට හේතුව නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී සිටි බැවිනි කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑත දිනකදී ආණ්ඩුවේ පක්ෂ නායක හමුවක් කැදවමින් සදහන් කර ඇත්තේ ඇමති මණ්ඩලය තවදුරටත් පුළුල් කිරීමට ජාතික ආණ්ඩුව යටතේ කටයුතු කරන බවයි.
ඉතා ඉක්මනින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට රජය විසින් ඉදිරිපත් කරනු ඇති බවද වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ පාර්ශවීය කිසිදු බාධාවක් ඇති නොකරන බවට දැනුම් දී ඇති බවද වාර්තාවේ සදහන්ය.
නව ජාතික ආණ්ඩුව යටතේ දැනටමත් ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසටද ඇමතිකම් ලැබෙනු ඇති බව තව දුරටත් වාර්තා වේ.
අනිත් අයටත් කියවන්න SHARE කරන්න