News

පාතාලයට ගහන්න S.T.F එකට අලුත් අවි

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා අලුතින් නවීන පන්නයේ ගිනි අවි දහසකට (1000)කට ආසන්න සංඛ්‍යාවක් ඇ​ෙමරිකාවෙන් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉරිදා ‘ලංකාදීප’යට පැවැසීය.

Image result for stf

මත් ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මැඩලීමට සුවිශේෂි කාර්යයක් ඉටුකරන පොලිස් විශේෂ කාර්ය බළකායේ එම කටයුතු තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නවීන පන්නයේ ගිනි අවි ඇමරිකාවෙන් මිලදී ගැනීමට තීරණය කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

එම්. 16 වර්ගයේ ගිනි අවි 500ක් ද එම්.පී. 05 වර්ගයේ මැෂින්ගන් අවි 250ක් සහ පිස්තෝල 200ක් මෙසේ මිලදී ගැනීමට නියමිතව තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මත් ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම වේගවත් කිරීමට පොලිස් බලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top