News

ලාල් කාන්ත පොලිස් අත්තඩංගුවට

අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනුරාධපුර බන්ධනාගාරය ආසන්නයේදී කේ.ඩී .ලාල්කාන්ත පැදවූ කැබ් රථය සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවයි.

එහිදී තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත බීමතින් සිට ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වූ බවයි

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top