News

කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ්

රුපියල් කෝටි 700 ක් වටිනා නිල් දියමන්තියක් ඇතුළු මැණික් ගල් කිහිපයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්තු 06 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු බව කියන කේ කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නම් එම සැකකරු අද ( 20) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සැකකරු පොලිස් නිළධාරියකු ලෙස පෙනීසිටිමින් පන්නිපිටිය ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ දියමන්ති ඇතුළු මැණික් ගල් තොගයක් රැගෙන පළා ගොස් ඇතැයි පොලිසිය පැවසීය. එම සිදු වීමෙන් පසු ඊයේ (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබ අද අධිකරණයට ඉදිරිපත් කළේය.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top