දැනුම

පිටරටින් Missed Calls එනවද? මොකක්ද මේ Scam එක? මොකද කරන්න ඕන ? | ‘Wangiri scam’ hits Sri Lanka!

මේ වෙද්දී ලංකාවේ ගොඩක් දෙනෙක් බය වෙලා ඉන්නේ අදුරන්නේ නැති පිටරට නම්බර් වලින් Missed Calls එන නිසා.මේ වෙද්දී ලංකාවේ ගොඩක් අයට මොසැම්බික් වගේ රටවල් වලින් Missed Calls ඇවිත් ඇති…ඇත්තටම මොකක්ද මේ වෙන්නේ..

missed%2Bcalls%2Bfrom%2Babroad%2Bscam%2Bsrilanka%2Bexplained%2Bby%2Bsinhalahacker.lk%2B1

මේක Wangiri scam කියලා හදුන්වන මුදල් වංචා කිරීමේ ක්‍රමයක්..ලංකාවේ අපිටනම් මේක හුරු පුරුදු දෙයක් නොවුනට මිට කලින් UAE,Nepal වගේ රටවල් වලින් මේ Scam එකට විශාල පිරිසක් ගොදුරු වෙලා තියනවා..
මොකක්ද මේ Wangiri scam කියන්නේ?

missed%2Bcalls%2Bfrom%2Babroad%2Bscam%2Bsrilanka%2Bexplained%2Bby%2Bsinhalahacker.lk%2B2

නමේ තේරුම සරලවම කිව්වොත් “One Ring Drop” කියන එක ජපන් භාෂාවෙන්..ඒ කියන්නේ දුර පිට රටක ඉදල වගේ Call එකක් එනවා ඒක Answer කරන්න වෙලාවක් දෙන්නේ නැතුවම එක පාරක් Ring වෙලා Cut වෙනවා..මෙන්න මේ එක පාරක් රින්ග් වෙලා කට් වෙනවා කියන තේරුමෙන් ජපන් වචනයක් තමයි Wangiri කියනනේ.

මේ scam එක ආරම්බ වෙලා තියෙන්නේ ජපානෙන්..ඒ නිසා තමා මේ වංචාවට මේ විදිහේ ජපන් නමක් වැටිලා තියෙන්නේ.

Wangiri scam එකෙන් වෙන්නේ මොනවද?

මේකෙන් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්..premium-rate numbers කියලා ජාතියක් ගැන අහල තියනවද? මේ නම්බර්ස් වලට කෝල් එකක් ගත්තම වෙන නම්බර් එකකට වැඩිය ලොකු ගානක් කැපෙනවා..International නම්බර් එකකටනම් තවත් ලොකු ගානක්..විනාඩියට ඩොලර් 40 ක් 50 ක් වෙන්ඩත් පුළුවන්..ඉතින් මේ විදිහේ premium-rate numbers වලට එන calls වලින් ලොකු ගානක් කැපෙනවා වගේම ඒ සල්ලි වලින් ලොකු කොටසක් නම්බර් එකේ අයිතිකාරයට හිමි වෙනවා..

missed%2Bcalls%2Bfrom%2Babroad%2Bscam%2Bsrilanka%2Bexplained%2Bby%2Bsinhalahacker.lk%2B3

හිතන්ඩකො ඔයා ලග මොබිටෙල් සිම් එකක් තියනවා ඒකට එන හැම කෝල් එකටම මොබිටෙල් එකෙන් ඔයාට සල්ලි ගෙවනවා කියලා..පිස්සු වගේ නේ…
ඉතින් එහෙනම් ඔයා මොකද කරන්නේ පුළුවන් තරම් නම්බර් වලට Missed Calls ගහනවා..එතකොට එයාල ඔයා කවුද කියලා බලන්න ආයේ ඔයාට කෝල් කරනවනේ..ඔන්න එතකොට් ඒ කෝල් කරන අයගෙන් ලොකු ගානක් කැපෙනවා..ඔයාට සල්ලි හම්බ වෙනවා..

ඇත්තටම මේ විදිහේ premium-rate numbers පාවිච්චි කරන්න පටන් ගත්තේ මේ විදිහේ වංචා වලටම නෙමෙයි..මේ ක්‍රමය හරහා call එකකින් විවිද භාණ්ඩ අලෙවි කරන්න, එතකොට එක එක ආධාර එකතු කරන්න (ලංකාවෙත් මේ වගේ මිස් කෝල් එකක් ගහලා ආධාර එකතු කරා මට මතක විදිහට) වගේ වැඩ වලට තමයි මේ premium-rate numbers පාවිච්චි උනේ.

ඒ කොහොම උනත් දැන් මේ අන්තර්ජාතික වංචාකාරයෝ කරන්නේ කොහෙන් හරි premium-rate numbers අරගෙන දුර රටක Telephone Numbers ලිස්ට් එකක් හොයාගෙන (ගොඩක් වෙලාවට Dark Web එකෙන් Number ලිස්ට් සල්ලි දීලා ගන්න පුළුවන්) ඒ නම්බර් වලට Missed Calls ගහනවා..

ඉතින් කවුරු හරි මේක දැකල එක්කෝ තමන්ගේ යාලුවෙක් , පවුලේ කෙනෙක් වෙන්න ඇති කියලා හිතලා හරි එහෙම නැත්තන් පිට රටකින් තමන්ට මොකක් හරි දිනුම් ඇදීමක් වත් හම්බ වෙලා ඇති කියලා හරි ඒ නම්බර් එකට කෝල් කරාම ලොකු ගානක් කැපෙනවා..Prepaid නම් සල්ලි ටික කැපිල නතර වෙයි..එත් Postpaid නම් ලොකු අවුලක් වෙන්නේ..ලොකු ගානක් දන්නෙම නැතුව කැපිල තියෙයි..

බැරි වෙලාවත් answer කරොත්? Hack වෙයිද?
බැරි වෙලාවත් ඔයා මේ කෝල් එකක් Answer කරොත් වෙන්න පුළුවන් දේවල් තමා එක්කෝ එහෙමම cut වෙයි..එහෙම නැත්තන් ඔයා මොනවා හරි දිනලා තියනවා ඒක ගන්න කෝල් කරන්න කියලා හරි නැත්තන් සල්ලි දාන්න කියල හරි තවත් වංචාවකට ඔයාව අහු කරගන්න උත්සහ කරන්න පුළුවන්.ඒ වගේම Incoming Call වලටත් ලොකු ගානක් කැපෙන්න පුළුවන් .
ඔය වගේ වංචාවකට ඔයාව අහුකරගන්න එක හැරෙන්න වෙන විදිහේ අවධානමක් නම් නෑ.

ඉතින් මේක තමයි මේ scam එකේදී වෙන්නේ..ගොඩක් දුරට ලංකාවේ මේ වෙද්දී වෙන්නෙත් මේකම තමයි..හැබැයි මේකෙන් කියනවා වගේ Phone එක hack වෙන්නෙවත් එහෙම නැත්තන් ඔයාගේ Contacts ලිස්ට් එක වෙන කාටවත් යන්නේවත් වෙන අවුලක් වෙන්නෙවත් නෑ..

Callback කරොත්?
කවුරු හරි මේකට ආයේ callback කරොත් ගොඩක් වෙලාවට Automated voice එකකින් මොනවා හරි ලස්සන වචන ටිකක් දාල මොනවහරි කියයි..පුළුවන් තරම් ඔයාව කෝල් එකේ තියාගන්න බලයි මොකද ඔයා call කරන වෙලාව වැඩි වෙන තරමට එයාට සල්ලි හම්බ වෙනවා වැඩියි.ඒ වගේම කලින් කිව්වා වගේ මොකක් හරි තෑග්ගක් ගැන හරි වෙන මොනවහරි වංචාකාරී දෙයක් කියලා bank account එකකට සල්ලි දාන්න වගේ දෙයක් කියන්නත් පුළුවන්..

දැනටමත් Missed Calls ආවද? දිගටම එනවද? එහෙනම් මොකද කරන්න ඕනේ?
කිසිම වෙලාවක Unknown International Numbers වලින් එන කෝල් answer කරන්නවත් Missed Calls වලට ආපහු කෝල් ගන්නවත් එපා..දිගින් දිගටම එකම නම්බර් වලින් Missed Calls එනවනම් බ්ලොක් කරලා දාන්න පුළුවන්..

ලංකාවේ මේ වෙද්දී මොබිටෙල් නම්බර් වලට තමයි මේ Scam එක ගොඩක්ම බලපෑම් කරලා තියෙන්නේ..ඒකට හේතුව එක්කෝ මොබිටෙල් පාරභෝගිකයන්ගේ විස්තර මේ වෙද්දීත් කොහෙට හරි Leak වෙලා තියනවා වෙන්න පුළුවන්..කොහොම උනත් ලංකාවේ සන්නිවේදන ආයතන ඉක්මනටම මේ ගැන පියවරක් අරගෙන මේ වංචාවට වැට බදියි කියලා අපි හිතමු..එතකන් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න..බොරු බයක් ඇති කරගන්න ඕනේ නෑ..

නොදන්න යාළුවන්ටත් දැනගන්න share කරන්න

උපුටා ගැනීම – sinhala hacker

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top