දැනුම

නත්තල් තරුවේ ඇත්ත කතාව

අවුරුදු සිය ගණනක් තිස්සේ විද්‍යාඥයන්, විශේෂයෙන් තාරකා විද්‍යාඥයන්, බෙත්ලෙහෙම් තාරකාවේ සුලමුල සොයන්න යෙහෙසුණා.

ප්‍රඥාවන්තයන් (රජවරු) තිදෙනාට, අලුත උපන උපන් ඔවුන්ගේ නාකයා ජේසු බිළිඳා සොයා ඒමට පාර පෙන්නුවේ බෙත්ලෙහෙම් තාරකාවයි. මෙය ‘ක්‍රිස්මස් ස්ටාර්’ හෙවත් ‘නත්තල් තරුව’ යනුවෙන් ද හැඳින්වෙනවා. ඒත් දැන් නූතන තාරකා විද්‍යා පර්යේෂකයක් නම් පැහැදිලි කර දෙන්නේ ඒක ‘තරුවක්’ නොවේ කියලයි.

ඓතිහාසිකව, තාරකා විද්‍යාත්මකව සහ බයිබල් වාර්තා අනුව, නව අධ්‍යනයක් සිදු කර තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන විදියට ක්‍රි.පූ. 6 වැනි සියවසේ අහසේ දිස්වුණු මෙම අපූරු මෙන්ම දීප්තිමතම සන්සිද්ධිය, තරුවක් නොවේ, මේෂ රාශිය, ග්‍රහලෝක කිහිපයක් සහ හිරු එක එල්ලයට පිහිටීමක් කියායි.

බෘහස්පති, පෘථිවිය, සඳ, සෙනසුරු තමයි මෙසේ හිරුගේ සිට එක එල්ලයට පිහිටියේ. අහසේ දීප්තිමත් ආලෝකයක් ලෙස දිස්වුණේ මෙම ග්‍රහලෝක එක එල්ලයට පිහිටීමේ විරල සංසිද්ධියයි.

මේ බව අපට පැහැදිලි කරන්නේ ප්‍රංශයේ පැරිස් නුවර නෝත්‍රදාම් විශ්ව විද්‍යාලයේ ‘න්‍යායාත්මක තාරකා භෞතික විද්‍යාව සහ විශ්වසම්භවවේදය පිළිබඳ මහාචාර්ය ග්‍රෑන්ට් මැතිව්ස්ය. දශකයකට වැඩි කාලයක් තිස්සේ මොහු බෙත්ලෙහම් තාරකාවේ සුලමුල සෙවීමට වෙහෙසුණු එක් අයකු ලෙස සැළකෙනවා. ‘නත්තල් තාරකාව ගැන සුලමුල සෙවීමට බොහෝ තාරකා විද්‍යාඥයන් සහ භෞතික විද්‍යාඥයන් වෙහෙසුණා.’ යැයි මහාචාර්ය මැතිව්ස් පැහැදිලි කරනවා.

‘ඒක කොහෙද සිදුවුණේ ? කවදා කීයටද සිදුවුණේ ? ඒක මොන වගේද ? විශ්වයේ තරු බිලියන ගණනාවක් තිබෙනවා. එදා සැන්දෑවේත් රාත්‍රියේත් දීර්ඝ කාලයක් දීප්තිමත්ව දිස්වුණේ මෙන තරුවද ? බොහෝ දෙනාට මේක ගැටළුවක් වුණා. ඇත්තටම මොකක්ද වුණේ වටහා ගන්න දැන් අපට හැකිවෙලා තිබෙනවා’ යැයි මහාචාර්ය මැතිව්ස් පෙන්වා දෙනවා.

ගවලෙනේ උපන් ජේසු බිළින්ඳා බැහැදැකීමට වටිනා තෑගිබෝග ද රැගෙන පැමිණි තිදෙනා ‘රජවරුන්’ යැයි පැවැසුණත්, ‘රජවරුන්’ යන අරුතින් ඔවුන් අර්ථ ගන්වා ඇත්තේ ඔවුන් ‘ප්‍රඥාවන්තයන්’ නිසයි.

ඉතිහාස වාර්තාවලට අනුව, මොවුන් තිදෙනා ලොව පැරැණිතම සොරෝවැස්තියම් ආගමට අයත් පූජකවරුන් තිදෙනෙක් මොවුන් පුරාණ බැබිලෝනියානු සහ මෙසපොතේමියානු පූජකවරුන්. ‘සොරෝවැස්තියම්’ ආගම බිහි කළේ සොරෝතස්තාර් (ග්‍රීක බසින් සොරෝඇස්ටාර්) පූජකවරයායි. ඒ, අවුරුදු 3,500 කට පෙර ඉරානයේ.

‘සොරෝවැස්තියම්’ දහමේ දහම් කරුණු ඇතුළත් ගාතා අඩංගු වන පුස්තකය ඇවෙස්තා යනුවෙන් හැඳින්වෙනවා. බහුදේව වාදයක් පැවැති අවදියක සොරෝතස්තාර් ඉගැන්වූයේ සිටින්නේ එක් දෙවියකු පමණක් කියායි. එම දෙවියන් සහ එතුමන්ගේ බලය ‘අහුරාමස්ඩා’ යනුවෙන් හැඳින්වෙනවා.

මේ දෙවියන් විශ්වයේ ‘ආශා’ පාලනය කරන බව ‘සොරෝවැස්තියම්’ දහමේ විශ්වාසයයි. ‘ආශා’ යනු හරි දේ, යහගුණ සහ යහපත යන්නයි. මෙම යහපතට ප්‍රතිවරුද්ධ බලය එසේත් නැතිනම් නපුර හැඳින්වෙන්නේ ‘ඩ්‍රාජ්’ යනුවෙනුයි.

මේස රාශියට හිරු, බෘහස්පති, පෘථිවිය, සඳ සහ සෙනසුරු එක එල්ලයට පිහිටද්දී, සිකුරු ග්‍රහයා අනෙක් පසින් මීන රාශියටත්, බුද සහ අඟහරු වෘෂභ රාශියටත් සමාන්තරව පිහිටියා.

ක්‍රි.පූ. 6 වැනි සියවසේ, ජේසු තුමන්ගේ උප්පත්තිය සිදුවුණු අවස්ථාවේදී ග්‍රහ පිහිටීම මේ විදියටයි සිද්ධ වුණේ. තාරකා විද්‍යාත්මකව එය දුර්ලභ සන්සිද්ධියක්. ‘නත්තල් තාරකාව’ ආකාරයට දීප්තිමත්ව අහසේ ආලෝකයක් යළි දිස්වීම, තව අවුරුදු 5,00,000 කින්වත් සිදුවන්නේ නැතැයි ගණනය කිරීම්වලින් පසු තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරනවා.

ඬේලිමේල් ඇසුරිනි

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top