gossip

තෙවැනි සිල් පදය කැඩීමේ විපාකය

ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.  

පානදුර නන්දනී මීගමආරච්චි මහත්මිය ලියා එවූ කතාවකි.     

චිතක යුගල

අධිනීතිඥ චාමික ගැන නොදන්නා වැඩිහිටියෙක් ගමේ නොමැති තරම්ය. දේශපාලනයේ නියැළී සිටින මොහු නගර සභාවේ සභිකයෙක් ද විය. මනබඳින සිනාවකින් සහ දිගු නෙත් සඟලකින් යුතු මොහු වචනයේ පරිසමාප්තියෙන්ම කඩවසම් පුද්ගලයෙකි.   

තෙවැනි පන්සිල්පදය නිරතුරුවම කඩකරන මොහුට හිසේ කෙස් ගානට ගැහැනුන් විය. අවිවාහක තරුණියන් පමණක් නොව විවාහක කතුන් පසුපස යෑමද මොහුගේ චර්යාව විය. අවිවාහක තරුණියන් තම අළු පැහැති වෝල්වෝ රථයේ ඉදිරිපස තබාගෙන මොහු ගමන් ගිය අතර විවාහක කතුන් තානායම් කරා රැගෙන යාමේදී අනිවාර්යයෙන්ම මොහු ඒ සඳහා සිය මිතුරකුගේ මෝටර් රථය යොදා ගත්තේය.

කතුන් වර්ණනා කිරීම සඳහා මොහුට වෙනම වාග් මාලාවක් විය. රූමත් කතුන් වෙත ළං වන මොහු ‘‘ෂා ඔයාට තියෙන්නේ රටක් වටින සිනාවක්’’ යනුවෙන් පවසමින් මෝටර් රථයට නංවා ගැනීමට මාන බලනුයේ බස් රථයට ඇරලන නියාවෙනි.

අධිනීතිඥ චාමික ඇසුරු කළ කතුන් අතර අතිශයින්ම රූමත් ශ්‍රීමා නමැති කතක් විය. ඇය තිදරු මවකි. ඇගේ සැමියා අගනුවර රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් වූ අතර, ශ්‍රීමා චාමිකගේ නීතිඥ කාර්යාලය පෙනෙන තෙක් මානයේ පිහිටි බැංකුවක සේවය කළාය. බොහෝ අවස්ථාවල ඇය චාමිකගේ කාර්යාලයට පැමිණ මොහු හා කතා කරනු දක්නට ලැබේ. මොවුන්ගේ අනියම් ඇසුර ශ්‍රීමාගේ සැමියාට රහසක් වුවත් එය සෙසු ලෝකයාට රහසක් නොවීය.

චාමිකගේ සල්ලාලකම් ගැන දන්නා ජනයා මොහු නැති තැන මොහු හැඳින්වූයේ වල් චාමා යනුවෙනි.

මැදිවියේ පසු වූ චාමික හදිසියේ විවාහ විය. උසස් පෙළ හදාරමින් සිටි පාසල් දැරියක දැක ඇය කෙරෙහි සිත් බැඳ විවාහ යෝජනාවක් මගින් ඇය හා යුග දිවියට එළඹුණේය. මොහුගේ අත ගැනීමට තරම් අවාසනාවන්ත වූයේ උදාරි නමැති දැරියකි.

චාමික හා විවාහ වී තෙමසකට පසු උදාරිගේ රහස් අවයවවල වේදනාකාරි කුඩා බිබිලි සමූහයක් මතුවිය. චාමික කාර්ය බහුල පුද්ගලයෙකුවූ බැවින් උදාරි චර්ම රෝග විශේෂඥයෙකු බැහැ දැකීමට ගියේ ඇගේ මව සමගය.
අැගේ බිබිලි පරීක්ෂා කළ වි: වෛද්‍යවරයා ඇයව රුධිර පරීක්ෂණයකට භාජනය කරවීය. රුධිර පරීක්ෂණයෙන් කියවුණේ ඇය උපදංශය නමැති භයානක සමාජ රෝගයෙන් පෙළෙන බවය. ඉන් අනතුරුව ඇය හා කතාබහ කළ ජීවක තුමා එය මෙම රෝගයේ පළමු අදියර බව වටහා දුන්නේය. පළමු අවස්ථාවේ ඖෂධ ගැනීමෙන් රෝගය සුව කිරීමට හැකි බව පැවසුවේය.

ඉන් අනතුරුව ජීවක තුමා මෙම රෝගය ගැන උදාරි දැනුම්වත් කළේය.

ඖෂධ ගත්තත් නොගත්තත් මෙම බිබිළි ඉබේම සුව වී යන බවත් නමුත් 1 වන අදියරේදී ඖෂධ නොගත්තත් රෝගය නිදන් ගත වී දෙවැනි අවස්ථාවට පිවිසෙන බවත් දෙවැනි අවස්ථාවේ වියළි මිදිගෙඩි ස්වරූපයෙන් යුතු බිබිලි අත් පාවල සහ සිරුරේ යම් යම් ස්ථානවල හට ගන්නා බවත් දෙවැනි අදියරේ මතුවෙන මේ බිබිලිත් කිසිදු කැලලක් වත් නොතබා ඉබේම සුවවෙන බවත් නමුත් ශරීර ගත වු මෙම විෂ බීජය ක්‍රම ක්‍රමයෙන් ස්නායු සහ මොළය අාක්‍රමණය කරන බවත් 03 වන අදියරට පිවිසි රෝගියකු සුව කිරීමට නොහැකි බවත් ඔවුන් උමතු වී සිහිසුන් වී මිය යන බවත් පැවසුවේය.

තවද, උපදංශය නමැති මෙම සමාජ රෝගය වැළඳෙන්නේ එවැනි රෝගියෙකු හා ලිංගිකව හැසිරීමෙන් හා එවැනි රෝගියෙකුගේ ​ෙකළ ශරීර ගත වන පරිදි තදින් සිඹීමෙන් බවද පැවසීය.

තවද මෙම රෝග කාරක බැක්ටීරියාව “ට්‍රිපොනිමා පැලිඩම්” යනුවෙන් හඳුන්වනු ලබන බවත් පැවසූ වෙදැදුරුතුමා නොපමාව ඇගේ සැමියා සමග විත් තමාව බැහැ දකින ලෙස පැවසීය.

උදාරි නිවසට යනවිට චාමික නිවසට පැමිණ සිටියේය. ඇය තම අතෙහි වූ රුධිර පරීක්ෂණ වාර්තාව චාමිකට පෙන්වා තමාට උපදංශය වැළඳී ඇතැයි වි: වෛද්‍යවරයා පැවසු බව කීවාය. චාමික හිස් බැල්මකින් යුතුව ඇය දෙසා බලා සිට ඉන්පසු උඩ පැන පැන කොක් හඬලා සිනාසෙන්නට විය.

මෙම රෝගයේ 03 වන අදියරේ රෝගීන් උමතුවෙනවා යයි පැවසු වදන් උදාරිට සිහි විය. දෙවියනේ චාමික මෙසේ හැසිරෙන්නේ උමතුවෙන්ද?

වහා යුහුසුළු වූ උදාරි පවුලේ වෛද්‍යවරයා කැඳවීය. උදාරිගේ වෛද්‍ය වාර්තාව සහ චාමිකගේ හැසිරීම නිරීක්ෂණය කළ වෛද්‍යවරයා චාමික දැන් සිටින්නේ උපදංශය රෝගයේ 03 වැනි අවස්ථාවේ නිසා ඔහු සුව කළ නොහැකි බව පැවසීය. ඒකාන්තයෙන්ම මොහු මිය යන බවත් පැවසුවේය.

එම කියමන සනාථ කරමින් තෙදිනක් සිහිසුන්ව සිටි වල් චාමා මෙලොව හැර ගියේය.

චාමිකගේ සිරුරට සමාන්තරව තවත් චිතකයක් දැවේ. චිතකය හතර වටේ කොඩි වැල් මඳ පවනින් සැලේ. මළානික හිරු රැස් දසත පැතිරේ.

හදිසියේම මාගේ නෙත ගැටුණේ කොඩියක සිට මා හා සිනාසෙන රූමත් මූණක් කෙරෙහිය. මා දෙස සිනාසෙමින් බලන්නේ කවරෙක් දැයි දැන ගැනීමට මට කුතුහලයක් ඇතිවුණි. එය මා දැක පුරුදු මුහුණක් යයි මට සිතුණි. මම වහා යුහුසුලුව චිතකය අසලට ගියෙමි. මට මාගේ දෙනෙත් අදහා ගැනීමට බැරිවිය. දෙවියනේ මේ ශ්‍රීමා නොවේද?

දැන් චාමිකගේ චිතකය දැවේ. එම චිතකයෙන් ගුවනට මුසුව එන දුමාරය ශ්‍රීමාගේ චිතකයේ දුම් රොඩු හා එක්ව මඳ සුළ​ෙඟ් නැළවෙමින් ගුවන් ගත වේ.

ශ්‍රීමා මෙතරම් තරුණ වයසේ මිය ගියේ ඇයි දැයි දැන ගැනීමට මාගේ සිත පොරකයි.

මම ශ්‍රීමාගේ නිවස බලා ගමන් ගත්තෙමි. ඇගේ සැමියා අමුත්තන්ට සංග්‍රහ කරමින් සිටි අතර ඇගේ දියණිය විත් මා පිළිගත්තාය. අම්මා නැති වුණේ කොහොමද? මම ඇගෙන් විමසුවෙමි.

අම්මාට උමතු රෝගය වැළඳුණා. විටින්විට සිහි නැතිවුණා. වෛද්‍යවරුන් පැවසුවේ අම්මාගේමොළයට “ට්‍රිපොනිමා පැලිඩම්” නමැති බැක්ටීරියාව ඇතුල් වෙලා කියලයි. ඒක බෝවෙන්නේ හෝහපුටුවා කියන පුංචි මදුරුවා දෂ්ට කිරීම නිසාය. ඇය වැඩි දුරටත් පැවසුවාය.

දෙවියනේ මෙම දරුවා දන්න තරම්. එම රෝගය බෝ වන්නේ අනාචාරයේ හැසිරීමෙන් බව මම කෙසේ නම් ඇයට පවසන්නද?

තෙවැනි සිල් පදය කඩ කිරීමේ විපාකය මෙම ආත්මයේ දී පළ දෙන අයුරු ඉහත සත්‍ය කතා පුවතින් අනාවරණය වේ.

 


අං​ෙගාඩ කුඩා බුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවු කතාවකි.     

දුෂ්ට කම් කළ පවින් කුෂ්ඨ රෝගියෙකු වී මිය යයි

මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

යාළුවන්ටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top