දැනුම

සුදු වෙන්න නම් නිවැරදි ආලේපන තෝරාගන්න

දින දෙක තුනෙන් සුදුවෙන ක්‍රීම් වර්ග වෙළෙඳපොළේ ඕනෑ තරම් තිබේ. එය මාධ්‍ය මඟින් ද ඉතාමත් වැදගත් බව පවසයි. එමනිසා කුමන නිෂ්පාදනය ගන්නදැයි ඔබට ගැටලුවක් පැන නැගෙන්න පුළුවන්. මේ විදියට සම පැහැපත් කරගන්න ගොස් අතරමං වන අපේ යුවතියන්ට මේ ලිපිය මඟින් හොඳම නිෂ්පාදනය තෝරා ගන්නට හැකියාව ලැබේවි.

Image result for BEAUTY GIRL

 

මෙලනින්

සමේ වර්ණය ගැන කතා කිරීමේදී අපගේ මතකයට මුලින්ම පිවිසෙන්නේ මෙලනින් නම් වර්ණකයයි. එයට හේතුව වර්ණකයේ වර්ගය, ප්‍රමාණය හා එය චර්මයේ (සමේ) පැතිරි ඇති ආකාරය අනුව සමේ වර්ණය රෝස, සුදු පැහැයේ සිට තද කළු පැහැය දක්වා වෙනස්වෙයි. මෙලනින් වර්ණකය නිපදවෙන්නේ මෙලනොසයිට තුළයි.

මෙලනොසයිට වර්ග 2 ක මෙලනින් නිපදවනු ලැබේ. ඒවා නම් යූමෙලනින් හා ෆියෝමෙලනින් නම් වර්ණක දෙකයි. යූමෙලනින් සමේ වර්ණක කෙරෙහි බලපාන වර්ණකය වන අතර තද පැහැති සමක් සහිත පුද්ගලයන්ගේ යූමෙලනින් වැඩිපුර පවතියි.

මෙලනින් ජනනය

ජාන මඟින් මෙලනින් ජනනය පාලනයෙන් සමේ පැහැය ලැබේ. එම නිසයි අප සියලුදෙනාගේ සමේ පැහැය එකිනෙකට වෙනස් වෙන්නේ මෙලනින් ජනනය ප්‍රෝටීන, එන්සයිම සහ ජාන සහභාගිවන අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.

ඉහත දැක්වුයේ සරල ඉදිරිපත් කිරීමකි. මෙලනින් මඟින් සුර්යය විකිරණ අවශෝෂණයෙන් සම ආරක්ෂා කිරීම සිදුකරයි. නමුත් පෙර සඳහන් කළ පරිදි මෙලනින් ජනනය ජාන මඟින් පාලනය වන ක්‍රියාවක් නිසා වැඩිපුර සුර්යය විකිරණවලට සම නිරාවරණය වී ජානවලට අදාළ ඩී. එන්. ඒ විකෘති ඇතිවීමෙන් සමේ පිළිකා සාදයි. (ඔබ වැඩිපුර හිරු එළියට නිරාවරණය වන අයෙක් නම් UVA හා UVB අඩංගු SPE 30+ සන්ප්‍රොටෙක්ෂන් ආලේපනයක් භාවිතය වඩා වැදගත් වේ.

විවිධ පැහැපත් කාරකයන් (අයිඩියල් ස්කින් වයිට්නස්) එය අද්විතීය වේගවත් හා තෝරාගත් සෛල මත පමණක් ක්‍රියාකරන (මෙලනොසයිට මත) කෙටි හා දිගු කාලීන අනිටු විපාක නොදෙන සංයෝග විය යුතුයි. ඒවා ස්වාභාවිකව හෝ රසායනිකව නිපදවා ඇත.

ස්වාභාවික පැහැපත්කාරක (වැල්මී, කහ, සුදු හඳුන්, දොඩම්, වෙනිවැල්, පර්ල් පවුඩර්) විටමින් සී. ඊ, ඒ. එම්. ඒ ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් සැලසිලික් අම්ලය – ලැක්ටික් අම්ලය.

UV කිරණ මඟින් උත්ප්‍රේරිත මෙලනින් ජනකය ආරක්ෂාකාරීව පාලනය හා ලප කැළැල් ඉවත්කිරීම මඟින් සම පැහැපත් කරනු ලැබේ. එසේම සමට අහිතකර රසායනික සංයෝග ද රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා යොදා ගනියි. උදාහරණ – රසදිය, ලවණ මේවා පිළිකා කාරක වේ. එසේම ජාත්‍යන්තර සම්මුතීන් මඟින් මේවා රූපලාවණ්‍ය නිෂ්පාදනය සඳහා යෙදීම තහනම්කර ඇත. රූපලාවණ්‍ය නිෂ්පාදනය හා අලෙවිය පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර නීති රෙගුලාසි තිබේ. එමඟින් පාරිභෝගික ඔබව ආරක්ෂා කරයි.

ශ්‍රී ලංකාව තුළ කිසියම් රූපලාවණ්‍ය නිෂ්පාදනයක් නිෂ්පාදනය කොට වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට පෙර ඖෂධ හා සුවඳ විලවුන් අධිකාරියේ (CDDA) ලියාපදිංචි විය යුතුය. කිසියම් නිෂ්පාදනයක් සඳහා (CDDA) ලියාපදිංචිය රහිත නම් ඒවා අලෙවි කිරීම නිති විරෝධී වේ. එමඟින් අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන නිපදවීම, බෙදාහැරීම, පාලනය කිරීම තහනම්කර ඇත. එසේම කිසියම් රූපලාවණ්‍ය ආයතනයක් ISO ආදී ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා තිබේ නම් එමඟින් නිපදවන නිෂ්පාදනවල ද අහිතකර රසායනික නොමැති බවට පාරිභෝගිකයාගේ විශ්වාසය ලැබේ.

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top