අද නම් මේ කියන්න යන්නෙ අපේ කොල්ලො කෙල්ලො පොදුවෙ දැනගන්න ඕන කරුණු ටිකක්. ඔයාල නිකමට හරි ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්නව නම් මෙන්න මේ කරුණු ටික හොඳට ඔලුවෙ තියාගන්න.. නැත්නම් අනිවාර්යයෙන් කවද හරි දුක් වෙන්න වෙයි කර ගත්තු මෝඩකම් ගැන හිතල.
01. හවුල් ව්‍යාපාර එපා.
එක එක යාලුවො කතා කරයි “මචං සෙට් වෙලා බිස්නස් එකක් කරමුද? Profit එක බාගෙ බාගෙ බෙදාගමු… අපි දෙන්නම එතකොට අයිතිකාරයො..” අනේ ඉතින් අපේ අනික් යාලුව වැඩේට සෙට් වෙනව අර කතා කරපු කෙනා එක්ක. සදා අනාතයි පුතෝ..
හේතුව තමයි, ටික දවසකින් අර කතා කරපු එකාට ඕන වෙනව ලොකුම ලොක්ක වෙන්න. ඊටපස්සෙ අනික වැඩ කරන්න ඕන අරූට ඕන විදියට. ටික දවසකට පස්සෙ Profit එකෙන් වැඩි කොටස අර මුලින් කතා කරපු එකාට. ඌගෙ තමයි Idea එක හින්ද.. ඔන්න ආරවුල්.. පස්සෙ හරියට සල්ලි බේරගන්න බැරුව ව්‍යාපාරෙ බංකොලොත් වෙලා යනව.. “හවුලෙ කැඳත් එපා” කියල ඒ කාලෙ මිනිස්සු කට කහනවට කිව්වෙ නෑ නේහ්.

02. ව්‍යාපාරෙ පටන් ගන්න තියෙන සේසතම වියදම් කරන්න එපා.
සමහරු නම් බැහැලම ලක්ෂ ගණන් වලින් Loan ගහල වැඩේට බහින්නෙ. මාත් ඒ කාලෙ ලක්ෂ එකහමාරක ලෝන් එකක් ගහල පටන් ගත්ත. මේ වැඩේ නම් කවදාවත් කරන්න එපා. කෝටියක් විතර වියදම් කරල මහා පරිමාණෙන් කරනව නම් කිසි අවුලක් නෑ. හැබැයි ලක්ෂ 2ක් 3ක් වියදම් කරල ටිකක් ලොකුවට කරන්න හිතන්න එපා.. මුලින්ම ඔයා තියෙන විදියට වැඩේ පටන් ගන්න. පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්න බලන්න. නැත්නම් හදිසියේ හරි ලොකු ලොස් එකක් උනොත්, ඔයාට වියදම් කරපු සල්ලි බර ගාණක් අහිමි වෙනව.

03. ව්‍යාපාරයට Current Account එකක් හදා ගන්න.
මේක ගණුදෙනු වලදි ගොඩක් වැදගත්. බැංකුවට ඔයාගෙ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරල ඉක්මනට හදා ගන්න පුළුවන් Current Account එකක්. ඒකෙ මාස 6ක History එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ලෝන් ගන්න, Credit Cards හදා ගන්න මේ වගේ දේවල් හෙන ලේසී ඊටපස්සෙ..

04. ව්‍යාපාරික ස්ථානයේ අරක්කු බොන්න එපා.
අපේ කොල්ලො ගොඩක් කරන මෝඩ වැඩක් මේක. කිසිම දවසක කිසිම වෙලාවක ව්‍යාපාරික ස්ථානයට, ව්‍යාපාරයට ආදරෙයි නම් අරක්කු කටේ තියන්න එපා එකෙ ඇතුලෙ. එදා ඉඳන් ඔයාගෙ ව්‍යාපාරය පිරිහෙන්න පටන් ගන්නව.
05. ණයට භාන්ඩ දෙන්න එපා.
කරන්න බැරි වැඩක් සමහරුන්ට නම්. හැබැයි ණයට දෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාගෙ ව්‍යාපාරය හොඳටම හිර වෙලා ඔයා ලොස් වෙන එක විතරයි වෙන්නෙ. ව්‍යාපාරයට ආදරෙයි නම්, බෝඩ් එකක් ගහන්න ඉස්සරහම, “ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැති වෙයි” කියල.

06. මුලින් ඉතිරි කර පසුව වියදම් කරන්න.
අපේ කට්ටිය කරන්නෙ මුලින් හොඳට වියදම් කරල පස්සෙ ඉතුරු උනොත් ඉතුරු කරන එකනෙ. ඒක වැරදී. දියුණු වෙන්න අවශ්‍යයි නම්, අනිවාර්යයෙන්ම මුලින් ඉතුරු කරන්න. පස්සෙ වියදම් කරන්න ඕන වෙද්දි පොඩ්ඩ පොඩ්ඩ වියදම් කරන්න අරපරිස්සමෙන්. නැත්නම් ඔයාට කිසිම දියුණුවක් ලබන්න බැරි වෙනව.

07. අනවශ්‍ය වියදම් කපා හරින්න.
විශේෂයෙන් අරක්කු බොන්න, සිගරට් බොන්න, එක එක විකාර කරන වියදම් ඔක්කොම කපා හරින්න. ටාගට් එකකට මාසෙකට නිශ්චිත ගාණක් එකතු කරන්න. එව හොල්ලන්න වත් එපා අති අවශ්‍ය කාරණේකට ඇරෙන්න.

08. කරන්න යන දේවල් කියන්න යන්නත් එපා.
ඔයාට Idea එකක් ආව නම් මලාට කියන්න එපා වෙන කිසිම එකෙක්ට. මොන කරුමයක්ද දන්නෙ නෑ අනිවාර්යයෙන් වැරදෙනව වැඩේ. නොකිය කරන්න කරන දෙයක්.. අනිවාර්යයෙන් හරියනව..

09. ඔයාගෙ ගණන් හිලවු, Profit Margin ගැන කියන්න යන්න එපා තැන තැන.
මේකත් හොඳට හිතට ගන්න. හැම වෙලාවෙම අඩු ගාණක් කියන්න ඇහුවොත්.. අනිවාර්යයෙන් ඊලඟ මාසෙ නැත්නම් ඔයාගෙ Profit එක අඩු වෙනව.. හේතුව අහන්න එපා. ඒක එහෙම වෙනව..
10. ඔයාගෙ Saving ගිණුමට ATM Card එකක් ගන්න එපා. ATM Card එකට තියා ගන්න වෙන Account එකක්.
නැත්නම් ටවුන් එකට යන එන හැම වෙලාවෙම පොඩ්ඩ පොඩ්ඩ සල්ලි අරන්, මාසෙ අන්තිමට මොකුත් නෑ. අපරාදෙ ඒ මාසෙ හම්බු කරපු සල්ලි ටික.
11. ව්‍යාපාරික රහස් කාටවත් කියල දෙන්න යන්නත් එපා.
ඔයා ජීවත් වෙන්නෙ ලංකාවෙ කියල මතක තියා ගන්න.. මෙලෝ යකෙක්ට කියන්න එපා ඔයාගෙ tricks, tips කිසි දෙයක්.. අනිවාර්යයෙන් උස්සනව. පස්සෙ ඌ ඒක මුලින් කරා වගේ ලයින් දෙන්නෙ ඊටපස්සෙ. ඒ හින්ද කිසි කෙනෙකුට කියන්න එපා ඔයා ඔයාගෙ Business එකට ආදරයක් තියෙනව නම් සහ හැමදාම හොඳ ලාබයක් ගන්න ආසයි නම්.

12. දෙයක් පටන් ගන්නව නම් ආසාවයි දැනුමයි ඕන.
ආසාවක් නැතුව නම් බිස්නස් එකක් පටන් ගන්න එපා. Example, මම Computers වලට කැමතියි. ඉතින් මට ගොඩ යන්න පුළුවන් පරිගණක සම්බන්ධ ව්‍යාපාරයක් කරොත් හැබැයි මම රෙදි ඇඳුම් පැලඳුම් Fashion වලට කැමති නෑ. ඉතින් මම රෙදි කඩයක් දැම්මොත් දියුණු වෙයිද? කිසිසේත්ම නෑ. මුලින් ආසාව ඇති කර ගන්න ඕන. ඊටපස්සෙ හොඳට දැනුම ලබා ගන්නත් ඕන. දැනුම නැතුව මොකුත් කරන්න බෑ.
ඉතින් ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්න සහ දැනට කරගෙන යන අපේ යාලුවොන්ට මේ කරුණු 12 උදව්වක් උනා නම් සහ තව මේ වගේ වැදගත් ලිපි බලන්න කැමතියි නම්, අනිවාර්යයෙන් අපේ Page එකට උඩ තියෙන Like Button එක Press කරල Like එකක් දාල මේ ලිපිය අනික් යාලුවොන්ටත් බලන්න Share කරන්න හොඳද..